Friday, March 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img

වෛද්‍ය කවුන්සිලයේ කණෙන් රිංගු බාලා…..??

Must read

සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනක පවසා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යංශය තුල සතියකට ලිංගික හිරිහැර 10 ක් පමණවත් සිදුවන බවය.ඔහු එය පවසන්නේ වසර 2012 දිය.

චමිලා ඝාතනයට ලක්වන්නේ 2007 දිය .

අද වන විට සමස්ත ආයතනික පද්ධතිය බිද වැටි ඇත.

නිතිය අතික්‍රමණය කර ඇත.එදා දේශපාලකයන් සහ ඔවුන් ගේ ගෝලබාලයන් නිතියට වෙට්ටුදා නිතිය මඟ හරින පසුබිමක සිට අද එය වෛද්‍යවරුන් අතින් පවා සිදුවන අන්දමේ අර්බුදයකට මේ සමාජය දැන් ගමන් කර තිබේ.

නිතියේ ආධිපත්‍ය බිදවැටුණු සමාජයක තවත් මෙවන් දෑ හෙට දිනයේත් අපට ලිවිමට සිදුවිම අනිවාර්යයක් විය හැකි වුවද පවතින තත්වය තවත් හොදින් තේරුම් ගැනිම සදහා මෙය එක් උදාහරණයක් පමණක් සේ සලකා ඔබේ අවධානයට යොමු කරන්නෙමු.

මීගමුව රෝහලේදි තරුණියක් දූෂණය කර  හයවන මහලෙන් බිමට දමා ඝාතනය කලේය යන චෝදනාව මත විවාහක සිමාවාසික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට සිටියදි ඇප ලබා එලියට පැමිණි ඔහු මීගමුව රෝහලට සැතපුම් 3 ක් ඈතින් පුද්ගලික ඩිස්පැන්සරියක බෙහෙත්දිම අරඹයි. මේ ඩිස්පැන්සරිය අයත්ව සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලයක් දැරෑ අයෙක්ටය තමන්ගේ ඩිස්පැන්සරියේ බේත් දෙන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැති අයෙක් බව හේ  හොදින් දනි.

මෙහි සදහන් ඇතැම්  දෑ  වෛද්‍ය කවුන්සිලය ඇතැම් විට නොදැන සිටියත් වෛද්‍ය පානාවැන්න මහතා ඇත්තටම නොදන්නේද?????????

නිදහස් වෙළද කලාප තරුණියක් ඝාතනය කළා යැයි  චෝදනා ලැබ සිටින සුදර්ශන බාලගේ පිළිබදව අප බොහෝ දේ මේ දිනවල ලිවෙමු.  නිතිය  , ලියන තින්ත වේලෙන්නත් කලින් ඉන් රිංගන ක්‍රම සොයාගන්නා රටක් වු  ලංකාවේදි චමිලාගේ ඝාතනයට වසර 5 ක් ගෙවි අවසන් ව ගිය තැනද ඇයගේ ඝාතකයාව නිතිය හමුවේ ස්ථිර කර ගැනිමට නොහැකි වි තිබේ.

2007 නොවැම්බර් 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලේ ඇත්තටම සිදුවු දේ මෙතෙක් ඉදිරිපත්ව ඇති කරුණු අනුව බොහෝ දෙනක් දනිති.  එහෙත් නිති ප්‍රකාර ඒ තින්දු දිය යුතව ඇත්තේ අධිකරණයයි.

දැන් අප ඔබගේ අවධානයට ගෙන එන්නේ මීගමුව කුරණ අංක 7 දරණ  ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් එකේ බේත් දෙන සුදර්ශන බාලගේ, කුරණ ජනතාවගේත් ,ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේත් කනෙන් රිංගා කර ඇති බරපතල නීතිමය වැරැද්දක් පිළිබදවය.

වසර 7 ක් වෛද්‍ය විද්‍යාව හදරා තවත් කාලයක් සිමාවාසිකව පුුහුණුවක් ලැබ වෛද්‍යවරයෙක් ලෙසින් ලියාපදිංචිමට සති දෙකක් පමණක් තිබියදි බාලගේ මිනිමැරුම් චෝදනා ලබයි. පසුව ඔහු බන්ධනාගාර ගත වෙයි. බන්ධනගාරය තුල නිලනොවන වෛද්‍යවරයා වන්නේද ඔහුයි. සිරකරුවන් මෙන්ම නිලධාරින්ද ඔහුගෙන්  බේත් ලියවාගෙන ඇත.

එහෙත් සමාජය ඉදිරියේත් නිතිය ඉදිරියේත් ඔහු බරපතල චෝදනාවලට ලක්වුවෙකි.

අප දැනටමත් හෙළිදරව් ඇති අදාල ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවල වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ නම් ඇත. ඉන් එක් අයෙක් වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න යන අයයි. ඔහු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි තිබුනේ 1999. 11.11 වන දිනය. ලියාපංචි අංකය 14748 වේ. වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නම් www.srilankamedicalcouncil.org වෙබ් අඩවියට ගොස් ඒ ලියාපදිංචි අංකය ඇතලත් කිරිමෙන්  විස්තර සපයා ගැනිමට පුළුවන.

ඒ අනුව අප වෛද්‍ය පානාවැන්න මහතාට අමතර එකි ඩිස්පැන්සරියේ බේත් තුණ්ඩුවේ ඇති අනෙක් වෛද්‍යවරයා පිළිබදව වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියෙන් සොයා බැලුවද එවැන්නෙක් ගැන කිසිදු සදහනක් එහි නැත. එසේ නම්  මහජනයා නොමග යැවිම සදහා වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය යන නම යොදා ඇත.

මෙහිදි අපට මතුවු සැකය වුයේ මෙහි සදහන් වෛද්‍ය ඉන්දික ඒස් බාලසුරිය යනු සියල්ලෝම රැවටිම සදහා සුදර්ශන බාලගේ විසින් යොදන්නට ඇති නම බවය. ඒ අනුව සුදර්ශන යන නම යොදනු වෙනුවට ඔහු ඉන්දික යන නමට පසු S. අකුර පමණක් යොදයි. එමෙන්ම බාලගේ යන ඇත්ත නමට ලගින් යන බාලසුරිය යන්න යොදාෙගන  ඇත.

එහෙත් ලියාපදිංචි අංක 22692 යටතේ ඉන්දික එස් බාලසුරිය යනුවෙන් වෛද්‍යවරයෙක් නැත.

එ් අනුව සුදර්ශන බාලගේ විසින් වෛද්‍ය කවුන්සිලියේ නැති වෛද්‍යවරයෙක් නිර්මාණය කර ඇත.

ලංකා වෛද්‍ය කවුන්සිලයත්  නොදැන සිටි සුදර්ශන බාලගේ පමණක් දැන සිටි කරුණක් අද දිනයේ හෙළිදරව් කරගැනිම ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය සමත්ව ඇත. එනම් ඔවුන්ගේ වෙඩ් අඩවියේ දකුණු පස කෙළවරේ ඇති Search. යන්නට ගොස් 22692 යන අංකය ලබාදුන් විට ඒහි ප්‍රථිඵලය  වම්පසින් දිස්වන්නට පටන් ගනි. එහි ඇති නම වන්නේ  I.S.Balage  ය. එනම් අපට අනමාන කළ හැක්කේ ඉන්දික සුදර්ශන බාලගේ යන නමය.

මෙය සිදුව ඇත්තේ කෙසේදැයි පැහැදිලි කරන්නට වෛද්‍ය කවුන්සිලයේ ඉහල නිලධාරින්ද ද දිනයේ අපොහොසත් විය.

කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ අයවෙත යොමු කල යුතුව ඇති බවත් මෙවන් වංචා සිදුකරමින් රෝගින්ට ප්‍රතිකාර කරන්නට තමන්ගේ ඩිස්පැන්සරියේ ඉඩලබාදිම සම්බන්ධයෙන් තමන්ගේ කවුන්සිලයේ ලියාපදිංචි වි ඇති වෛද්‍ය ඉන්ද්‍රජිත් මහතා කැදවා පියවරක් ගතයුතුව ඇති බවද තවදුරටත් සදහන් කළේය.

 

 

- Advertisement -spot_img

More articles

2 COMMENTS

  1. මේ පුවත සත්‍යයක් නම් ඒ පිළිබදව ගම්පහ ප්‍රාදේශීය වෛද්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම්දීමෙන් එම වෛද්‍යවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගතහැකියි. ඊට අමතරව මේ නීති විරෝධී ප්‍රතිකාරදීම සම්බන්ධව මීගමුවේ ජනතාව දැනුවත් කිරීමෙන් එම ස්ථානය බංකොලොත්භාවයට පත්කලහැකියි.

Comments are closed.

- Advertisement -spot_img

Latest article