Monday, May 29, 2017
Breaking News
You are here: Home » Interviews » පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්- ප්‍රසන්න විතානගේ

පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්- ප්‍රසන්න විතානගේ

ඔහු පැයක් තිස්සේ ඉතාම චතුර විදිහට තර්ක ගොනු කළා. ඒ වගේම අපිට තිබුණා නීති පූර්වාදර්ශයක්. ඒ තමයි එදා ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයට එරෙහිව තිබුණු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක එදිරිව රාජ්‍ය චිත්‍රපට සංස්ථා නඩුව අපි ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් වඩාත් එය උපුටලා පෙන්වූවා.

වික්ටර් අයිවන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හිටි අඩියේ පටලැවෙන්නේ නොසිතූ නොපැතූ සිද්ධි දාමයකටය. මා මේ කියන්නේ දශක දෙකක් එපිට 1990 දශකය ගැනය. වික්ටර් අයිවන් සිය කර්තෘත්වය දැරූ රාවය පුවත්පතේ එක් කළාපයක් කළු කළාපයක් ලෙස හිටපු ජනාධිපතිවරියගේත් හිටපු අග්‍ර විනිශ්චයකාරවරයාගේත් ඡායාරූපයක් උඩ යට ගසා පළ කරන්නේ මේ දශකයේය. වික්ටර් අයිවන්ගේ මේ කළු කළාපය පිට වන්නේ ඔහු නොසිතූ නොපැතූ ලෙස පටලැවුණු සිද්ධි දාමයේ එක් සංධිස්ථානයක් ලෙසටය. ඔහු නව සහස්‍ර වර්ෂය වෙත පිවිසෙන්නේ ද මේ සිද්ධියත් සමඟය. එවිට ඔහු සටන් වදින්නේ රටේ අධිකරණයේ මුදුන් අත්ත සමඟය. විත්තිකාරයෙකුගේ බිරිඳ මහේස්ත්‍රාත්වරයකු අතින් කිහිප වරක් දූෂණය වී ඇතිවුණු සිද්ධි දාමයෙහි අවසන් ගල උඩ සටන වික්ටර් අයිවන් කරන්නේ රටේ අධිකරණයේ මහ පුටුව සමඟය. වික්ටර් අයිවන්ගේ සටන ග්‍රන්ථයකට ද නැගිණ. ‘නොනිමි අරගලය’ ලෙසින් එය නම් කෙරිණි.‘උදටඪදඪඵඩඥඤ ඉබපභඨඨතඥ’එහි ඉංග්‍රීසි පරිවර්තනයයි. මේ සිද්ධි දාමයත් සමඟ පොර බැදීමක් අධිකරණයේ මුල් පුටුව සමඟ කරන්නට වුණ ගල උඩ සටනත් හුදකලාව තනියෙන් කරන්නට සිදුවීමත් එක්තරා විදිහකට වික්ටර් අයිවන් මුහුණ දුන් සරදම්කාරී ඉරණමකි.

ඒ වෘතාන්තයේ එක් යුගයක ප්‍රසන්න විතානගේ ගේ ආගමනය ඉතා තීරණාත්මක එකකි. එදා සිය පුවත්පතත් සමඟ වචනත් සමඟ සටන් කළ වික්ටර් අයිවන් තම නොනිමි අරගලයේ අඛණ්ඩතාවය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ පෙනී සිටීම අගයනවා විය යුතුය. 2015 වසරේදී නිෂ්පාදනය කොට හමාර කළ ‘උසාවිය නිහඬයි’ ඉඪතඥදජඥ ඪද බඩඥ ඛ්ධභපබ 2016 ඔක්තෝබරයේදී මහජන ප්‍රදර්ශනයට ලක් කරන විට ප්‍රසන්න තම සිනමා දිවියේ මුහුණ දුන් සරදම්කාරී ඉරණමකට යළි ලක් වේ. ඒ ඔහුට මෙන්ම කලාවට සුපුරුදු වාරණයටයි. ඔක්තෝම්බර් 4 වනදා කොළඹ රීගල් සිනමාහලෙන් ප්‍රදර්ශනය ඇරඹූ ‘උසාවිය නිහඬයි’ එදා වික්ටර් අයිවන්ගේ සොයා බැලීම් මත පදනම්ව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපටයයි. ප්‍රදර්ශනය ඇරඹූ චිත්‍රපටය ඔක්තෝබර් 6 වනදා වාරණයට භාජනය වන්නේ කොළඹ දිසා අධිකරණයෙන් ගොනු කළ නඩුවක් නිසාවෙනි. කෙසේ වුව ද ඔක්තෝබර් 21 වනදා වාරණය ඉවත් කළ අධිකරණය චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවසරය ලබා දී තිබුණි.

සරසවිය පුවත්පතක් ලෙස ‘උසාවිය නිහඬයි’ සම්බන්ධයෙන් ලිපියක් පළ කරන්නේ අද ඊයේ නොව ගිය වසරේ මැද භාගයේදීය. 2015 වසරේ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා සරසවිය කර්තෘ අරුණ ගුණරත්න විසින් ‘එඩිටර්ස් කට්’ කතුවැකිය යටතේ ‘උසාවිය නිහඬයි’ ගැන විශ්ලේෂණාත්මක සටහනක් තබද්දී සිදුවන්නේ සරසවිය කර්තෘවරයාට එන්තරවාසියක් ලැබීමයි. ‘උසාවිය නිහඬ වනු’ සිනමාකරු අත කැමරාවකි’ පාඨය සහිතව පළ වුණු එයට නිශ්චිත දිනයක් රහිතව (එවනු ලැබූ) එන්තරවාසිය මඟින් රුපියල් මිලියන 600 ක් (එහිම තවත් තැනක බිලියන 600 ක්) වශයෙන් වන්දි ඉල්ලා තිබුණි. මගේ කෙටි ජීවන කාලයේ දැක ඇති දෝෂ සහිතම එන්තර වාසියෙන් අදාල පාර්ශවය ගම්‍ය කළේ වෙන කිසිවක් නොව චිත්‍රපටය මහජනයාට විවෘත වූ දිනක ඊට එල්ල කරන්නට තිබූ වාරණයයි.

අපට ප්‍රසන්න ලවා නිරාකරණය කර ගන්නට බොහෝ තැන් ඇත. කොළඹ රීගල් ඇතුළු සිනමාහල් රාශියක උසාවිය නිහඬයි ප්‍රදර්ශනය වන අතරේ ප්‍රසන්න අප හා මෙසේ සම්මුඛ විය.

ප්‍රසන්න මේ ව්‍යාපෘතිය ඔබ වෙත එන්නේ කොහොමද?

මේ ව්‍යාපෘතිය මා වෙතට එන්නේ රාහුල් රෝයිගෙන්. රාහුල් රෝයි කියන්නේ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙක්. ඔහුත් ඇතළත් වෙන ‘ආකාර්’ නිෂ්පාදන ආයතනයෙන් තමයි ආරාධනය ලැබෙන්නේ මා ඇතුළු කලාපයේ සිනමාකරුවෝ පස් දෙනෙකුට ලැබෙනවා අවස්ථාවක් යුක්තිය පසිඳලීම හා සමාජ සාධාරණත්වය ගැන වාර්තා චිත්‍රපට හදන්න. වසර කිහිපයකට කලින් ව්‍යාපෘතිය සූදානම් කරගෙන මම අවසර ඉල්ලුවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයට යන්න තිබුණ හේතුව මොකක්ද?

මුලින්ම මම සූදානම් කරපු වාර්තා චිත්‍රපටය ‘උසාවිය නිහඬයි’ නෙවෙයි. ප්‍රියත් ලියනගේ කියන මගේ මිත්‍රයා කාලයකට කලින් රේඩියෝවට කරනවා වැඩසටහනක් ඍඪධතඪධද ර්‍ථතචරඥපඵ කියලා. එනම් වයලින් වාදකයෝ මේ කතාවට පදනම් වෙන්නේ. කලකට එපිට යාපනය ප්‍රදේශයේ ජිවත් වුණු කෝවිල් ආශ්‍රිත දේව ස්ත්‍රෝත්‍ර ගායනය හා වාදනයට සම්බන්ධ වුණු වයලින් වාදකයයන් පිරිසක් ගැන. යාපනයට ත්‍රස්තවාදීන් පහරදීමත් එක්ක මේ අයට සිද්ධ වෙනවා යාපනය අතහැරලා කිලිනොච්චියට එන්න. එදා ඉඳන් ඔවුන්ට ගයන්න අන ලැබෙන්නේ දේව ස්ත්‍රෝත්‍ර නෙවෙයි, ප්‍රභාකරන්ගේ ස්තෝත්‍ර. නමුත් සිත් ගන්නා කාරණය වෙන්නේ මෙච්චර යුද්ධයක් මැද මොවුන්ට වයලිනය අතහරින්න බැරි වෙච්ච කාරණය මොකක්ද කියන එක. මොවුන්ට සංගීතයත් එක්ක කොච්චර ඇදහීමක් බැඳිමක් තිබුණාද කියන එක. කෙසේ නමුත් මම ආරක්ෂක අමාත්‍යාංශයට අවසර ඉල්ලලා ලිපියක් දැම්මා රූපගත කිරීම්වලට. අද වෙනකම් උත්තරයක් නැහැ. නමුත් මගේ මේ හීනය මං අතහැරලා නැහැ.

නමුත් උසාවිය නිහඬයි කියන්නේ වෙනමම වැඩක්?

ඔව්. මේක ඇත්ත සෙවීම පදනම් කරගත් වැඩක්නේ. කොහොමත් මේ වගේ සිදුවිමක් වාර්තා චිත්‍රපටයකට එන එක දැනෙන කාරණයක්. මේ වගේ දෙයක් වඩාත් අපට දැනෙන්නේ ඕන නම් අපටම වෙන්න ඕනෑ. විත්ති චිත්‍රපටයක ගොඩක් කාරණා එළියට එන්නේ ලූණු ගෙඩියක සිවිය ගලවනවා වගේ. ඒ වගේමයි අපිට අපූර්ව සැකැස්මක් එක්ක ගිහින් රූගත කරන්න බැහැ වෘතාන්ත චිත්‍රපටයක් වගේ. ඉදගෙන බලන් ඉන්න වෙනවා අවශ්‍ය රූපය මතු වෙනකම්.

ඔබට එදා වික්ටර් අයිවන් ගොනු කරපු කාරණා රූපයට ගේන්න වෙන්නේ තනිකරම පුද්ගල සාක්ෂි මත පදනම් වෙලා?

මේකෙදි අපිට කාන්තාවෝ දෙදෙනෙක් මුණ ගැහෙනවා. දෙදෙනාම මේ පුද්ගලයා අතින් දුෂණයට ලක්වෙන කාන්තාවෝ. ඔවුන්ගේ සාක්ෂි තමා ප්‍රබලම සාක්ෂි වෙන්නේ. ඒ වගේම මේ සාක්ෂිවලින් ප්‍රබල යටි පෙළක් නිර්මාණය වෙනවා. කෙසේ වෙතත් දූෂණය වෙන පළමුවන කාන්තාව කැමරාව ඉදිරියේ පෙනී සිටින්න අකමැති වෙනවා. මම ඇයට බල කළෙත් නැහැ පෙනී ඉන්න කියලා. මම ඇයට අවධාරණය කළේ නැවත මේ දේවල් ඇති නොවන ලෙස සමාජය දැනුම්වත් කරන්න අවශ්‍යයයි කියලා. නමුත් අවුරුදු 20 කට එහා වෙච්ච ඛේදජනක කාරණයක් කාන්තාවකට නැවත මතක් කරන්න වීම ඉතා අහිමිරි දෙයක්. නමුත් දෙවැන්නිය කැමරාව ඉදිරියට ආවා. මම ඇයට බල කළෙත් නැහැ. මම ඇහුවෙත් දැන් මොනවද ඔබට හිතෙන්නේ කියලා විතරයි.

අපට තිබෙන බරපතළම ප්‍රශ්නයක් මෙතරම් හොඳින් අමු ද්‍රව්‍ය තිබියදී ඇයි ඔබ වෘතාන්ත චිත්‍රපටයකට අත නොගසා විත්ති චිත්‍රපටයකට අත ගසන්නේ?

මට පහසුවෙන්ම මේ ව්‍යාපෘතිය වෘතාන්ත චිත්‍රපටයක් බවට හරවගන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මම සාමාන්‍යයෙන් රූප රාමුව ගැන අවබෝධයකින් තොරව රූපගත කිරීම්වලට යන්නේ නැහැ. නමුත් වර්තා චිත්‍රපටයක එහෙම පූර්ව අවබෝධයක් ගන්න බැහැ.

නමුත් විශේෂත්වය වෙන්නේ ඔබ වාර්තා චිත්‍රපටයක් ගොනු කරන්නේ අර්ධ විත්ති චිත්‍රපටයක් ච්ධජභ ච්පචථඥ විදිහට?

වාර්තා චිත්‍රපට කියන්නේ මහ රුක්ෂයක්. වාර්තා චිත්‍රපටවල නිර්මාතෘ ජෝන් ග්‍රියර්සන් පවසන විදිහට වාර්තා චිත්‍රපට යනු ඇති සැටිය නිර්මාණාත්කව සංග්‍රහ කිරීමයි. මේකෙදී මම කරන්නේ අධිකරණයට දුන් සාක්ෂි රූපමය තලයකට ගේන එක. එහිදී මට සිද්ධ වෙනවා කථනයකට වඩා යමක් ප්‍රතිනිර්මාණය කරන්න. එතැනින් තමා අර්ධ විත්ති චිත්‍රපටයක් හැටියට ගොඩ නැඟෙන්නේ.

ඔබේ පැරණි වෘත්තිය සගයන් දෙදෙනා නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා ‘උසාවිය නිහඬයි’ සමඟ?

එම්. ඩී. මහින්දපාල සහ ශ්‍රීකර් ප්‍රසාද් නැවතත් එනවා. මුලින්ම මම මහින්දපාල එක්ක තමයි සාකච්ඡා කළේ මෙහි කැමරා පාර්ශවය ගැන. අර්ධ විත්ති චිත්‍රපටයකට මේ කතාව ඉතාම ගැළපෙන බව තමයි ඔහුගේ අදහස වුණේ. ශ්‍රිකර් ප්‍රසාද් මෙතැනදී සුවිශේෂ වෙනවා. ඔහු ඉන්දියාවේ ජනාධිපති සම්මාන හත් වරක් දිනා වාර්තා පොත්වලට ගිය සංස්කරණ ශිල්පියෙක්. ජීවිතේ පළමු වතාවට තමා ඔහු වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන් කැපවෙන්නේ. මේ දෙදෙනාගේම පරිණතකමේ ප්‍රතිඵලයක් තමා උසාවිය නිහඬයි කියන්නේ. ශ්‍රීකර් ප්‍රසාද් අවසානයේදී ප්‍රේක්ෂකයාව ජූරියක් බවට පත් කරනවා.

‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ මුල්ම ප්‍රේක්ෂකයෝ වෙන්නේ කවුද?

මම මුලින්ම ගියේ ගම් ප්‍රදේශවලට. බිම් මට්ටමෙන් තමා ප්‍රදර්ශනය ඇරඹුවේ. ගම්මාන කිහිපයක ප්‍රජා ශාලාවල තමා පෙන්වූයේ. මුලින්ම ප්‍රදර්ශනය කළේ ඇල්පිටියේ.

ඔබ චිත්‍රපටය හරහා අල්ලන්නේ මධ්‍යම පාන්තික නිලයක් නේද? චිත්‍රපටය ප්‍රදර්ශනය ගත්තත් කතා බහ කරන්න එන පිරිස ගත්තත් එතැන තිබෙන්නේ නාගරික මැද පන්තියේ ලක්ෂණ?

මම මුලින්ම මේක ප්‍රදර්ශනය කරන්න හිටියේ රීගල් සිනමාහලේ විතරයි. මේක ප්‍රසිද්ධ විවෘත වූ පමණින් අපි කරගෙන ආපු බිම් මට්ටමේ ප්‍රදර්ශනය නවතින්නේ නැහැ. සියළුම අයට මේක බලන්න සලස්වනවා. අනික් කාරණය මේ සිද්ධිය තනි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. සමාජ ජාලවල මේ ගැන සංවාදයක් ඇති වුණාට එළියේ ඉන්න සමහර පාර්ශව නිහඬයි. හැම දේටම කතා කරන කාන්තා සංවිධාන මේ ප්‍රශ්නයේදී නිහඬව හිටපු බවක් තමා පේන්න තියෙන්නේ. සමස්තයක් හැටියට ගත්තොත් මේ ප්‍රශ්නය ඉතාම අක්‍රීය තැනක තියෙන්නේ. සිද්ධිය වුණු කාලයත් අදත් එක්ක බලද්දී සමහරුන්ට නිහඬව ඉඳීම සම්බන්ධයෙන් වරදකාරි හැඟීමක් එනවත් ඇති . ඒක නිසාම තමයි මේ නිර්මාණය මගේ අතින්ම බිහිවෙන්නේ.

මම මෙහෙම ඇහුවොත් ඔබ මතු කරන යුක්තිය හා සාධාරණත්වය කියන කාරණා ගැන වැඩියෙන්ම සංවේදී ගමද? නගරයද?

අද වන විට ගමේ ආර්ථිකය බිඳවැටිල ඉවරයිනේ. ඔවුන් යැපුණු කෘෂි ආර්ථිකය අද ඔවුන්ගෙන් ඉතා ඈතට ගිහින්. ඒ වෙනුවට තමයි ඔවුන්ට සිද්ධ වෙන්නේ මැද පෙරදිග යන්න. ගාමන්ට් එකට යන්න නැත්නම් යුද්ධ කරන්න යන්න. සිනමාකාරයෙක් හැටියට මම කැමැතියි මේ වගේ කාරණයකට සාමාන්‍යයෙන් සම්බන්ධ නොවන අයත් සම්බන්ධ කරගෙන සංවාද කරන්න. කොටින්ම කියනවා නම් සිද්ධියට සම්බන්ධ කාන්තාව කියනවා ඇයට උසාවියකට ඇතුළු වුණාම කෙළ ගිලින්නවත් බයයි කියලා. ඒත් දැන් ඇයට එහෙම නැහැ. ඇය කියනවා ඇයට දැන් බයක් නැතුව කතා කරන්න පුළුවන් කියලා. ඇතිවෙන්න ඕනෑ ඒ තත්ත්වය. කෙසේ වෙතත් මගේ අභිප්‍රාය පවතින නෛතික ක්‍රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙන යන එක.

නගරයේ වේවා ගමේ වේවා අවශේෂ ප්‍රජාව සංවාදයකට ගේන්න ඔබට සෑහෙන තරම් ප්‍රයත්නයක් කරන්න වෙන එක ගැන අපට සිතාගන්න පුළුවන්. නමුත් න්‍යාෂ්ටියේ පිරිස එනම් නීති ක්ෂේත්‍රයේ ඉන්න පිරිස ඔබට සෘජුව කතා කළාද?

ඔව්. ඔවුන් ලොකු උනන්දුවක් තිබුණා මේ සම්බන්ධයෙන්. මට තේරුණා වෘත්තීය ගරුත්වය වෙනුවෙන් ඔවුන් නොබියව පෙනී සිටියා. මිනිසා ලබා ගත්ත ලොකුම ජයග්‍රහණය තමා නීිතිය කියන්නේ. නීතිය ඉදිරියේ සියල්ල සමානයි. නමුත් ලංකාවේ ධනය බලය තිබෙන අයට ඒක එක විදිහක්. යුක්ති ගරුක නීතිවේදීන්ට අවබෝධයක් තිබෙනවා පවතින ක්‍රමය විසින් නීතිය දූෂණය කරනවා කියලා.

නමුත් ඉතා පැහැදිලි කතාවක් වික්ටර් අයිවන් හෙළි කරනවා. ඔහු හෙළි කරනවා උසාවියෙන් දඬුවම් නොලත් විත්තිකරුට වින්දිත කාන්තාවන් සපයා පිම්පිකම සිද්ධ කළේ නීතිඥයන් කියන කාරණය. ඔබ මේ කාරණය ‘උසාවිය නිහඬයි’ හරහා ගේන්නේ නැහැ. ඔබට මෙය මඟ හැරෙනවාද? මඟ හරිනවාද?

එදා ඒ විභාගය කළ ත්‍රිපුද්ගල කමිටුව මගින් මේ නීතිඥයන්ව වැරදිකාරයන් කරලා නැහැ. එහෙම තත්ත්වයක් උඩ මට නෛතිකව අමාරුයි ඔබ ඔය කියන කාරණය මතු කරන්න. ආයිමත් මට මතක් වෙන්නේ ලූණු ගෙඩියේ කාරණය. සිවිය ගලවන්න ගලවන්න මදය මතු වෙනවා වාගේ මේ සිද්ධියේදිත් විවිධ විවිධ කාරණා හෙළි වෙනවා. අපේ මූලික සාකච්ඡාවලදී ශ්‍රිකර් ප්‍රසාද් තමයි මේ කාරණා මතු කළේ. එක් කතාවක් ගොඩ නැගිලා තියෙන කොට තවත් කාරණයක් ගොඩ නැඟීම අනවශ්‍යයි කියල තමා ඔහු මතු කළේ. ඒ අනුව මේක එඩිටෝරියල් ඩිසිෂන් එකක්.

ඔබට එරෙහිව පුද්ගලයකු පැවරූ නඩුව සමාජයේ විවිධ කණ්ඩායම් ඉතා උනන්දුවෙන් බලා සිටියා. ‘වාරණය’ කියන වචනය පවා සමාජයේ සෑහෙන ජනප්‍රිය වුණා.

ඔහු චිත්‍රපටයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා හිටියා. ඒ ඔහුට චිත්‍රපටය මඟින් අපහාසයක් අගතියක් ඇති වෙනවා යන නිගමනය මත. ඒ අනුව චිත්‍රපටය වහා වාරණය වෙනවා. ඒ සමඟම අපට අවස්ථාවක් එනවා අධිකරණය ඉදිරියේ කරුණු දක්වන්න. එතකොට විත්තියේ අපට සිද්ධ වෙනවා අපහාසයක් සිදු වී නැත කියලා ඔප්පු කරලා පෙන්වන්න. මොකද අපහාසයක් වුණා කියා කියූ පමණින් උසාවිය තීන්දු කරන්නේ නැහැ එය අපහාසයක් කියලා. ඒ වගේම චිත්‍රපටයෙන් අප්‍රතිකාරී හානියක් වූ බවක් ඔප්පු කළ යුතුයි. කෙසේ නමුත් වාරණය දිගු කරන්න තරම් සාක්ෂි ඔවුන් සතුව තිබුණේ නැහැ. මගේ පාර්ශවයේ නීතිඥයා හැටියට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ කනග් ඊස්වරන් මහත්මයා. ඔහු පැයක් තිස්සේ ඉතාම චතුර විදිහට තර්ක ගොනු කළා. ඒ වගේම අපිට තිබුණා නීති පූර්වාදර්ශයක්. ඒ තමයි එදා ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයට එරෙහිව තිබුණු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක එදිරිව රාජ්‍ය චිත්‍රපට සංස්ථා නඩුව අපි ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් වඩාත් එය උපුටලා පෙන්වූවා. අවසානයේ වාරණය අධිකරණය ඉවත් කළා. ඊළඟ නඩු දිනය ජනවාරි 19 වනදාට යෙදුණේ. ඒ කොහොම වෙතත් පසුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතයේ කවමදාකවත්.

රූප මාධ්‍යය කියන්නේ බලවත්ම මාධ්‍ය කියන දේට පුන පුනා සාක්ෂි සපයන්න අවශ්‍ය නැහැ. මෙයම එයට ප්‍රමාණවත්. කොහොමත් කළු චරිත රූපයට භීතියක් දක්වනවානේ. ඔබ නොනිමි අරගලයේ ඊළඟ අදියර රූපයට ගෙනාවා කියලා කියන්නත් පුළුවන් නේද?

මම නම් හිතන්නේ නැහැ රූප මාධ්‍යයකින් සාධාරණයක් ඉෂ්ඨ කර ගන්න පුළුවන් කියලා. නමුත් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කරවා ගන්න අවධානයක් ගන්න චිත්‍රපටයකට පුළුවන්. එතකොට එවන් තැන්වල යම් ප්‍රශ්නකාරී පැත්තක් තිබෙන බවට හැඟීමක් ගන්න පුළුවන්.

යමෙකුට මෙහෙම තර්කයක් ගේන්න පුළුවන් නේද? යම් යම් පිරිස් චිත්‍රපටය වාරණය වූ අවධියේ එයට දක්වපු ප්‍රතිචාර විචාර වාරණයෙන් පසුව ලැබෙන්නේ නැහැ කියලා?

මහජනයාගේ සහය වැදගත්. ඒ මෙහොතේ උසාවියෙන් ඇරෙන්න නෛතිකව ඒ වාරණය ඉවත් කරගන්න අපහසුයි. ඒවට අවශ්‍යය නීති තර්ක. නමුත් ඒ ආපු විචාර ප්‍රතිචාර ධෛර්යය උපදවන සුළුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉතා හොඳ ලක්ෂණයක්.

සාමාන්‍යයෙන් කලාවේ වාරණය කියන්නේ රජයේ සර්ව බලධාරි ආයතනයක් වන රැඟුම් පාලක මණ්ඩලය හෝ ඊටත් ඉහළ විධායකයෙන් තීරණය කොට වාරණ කරන ඒවා. උසාවි නියෝගයකින් අත්හිටුවන විට ‘වාරණය’ කියන වචනය නැවත නැවත යොදාගන්න පුළුවන්ද?

මෙහිදී වාරණයක් අවශ්‍යයයි කියන්නේ අපට එවූ සිතාසියෙන්. ඒ පැමිණිල්ල සළකලා බලලා ප්‍රදර්ශනය අත් හිටෙව්වොත් ඒකට කියන්න වෙන්නේ වාරණය කියලා තමයි.

ඔබට උසාවිය නිහඬයි ගැන හොඳම සංවාදය හමු වුණේ කොහේද? අන්තර් ජාලයෙන්ද? ඉන් පරිභාහිරවද?

අන්තර් ජාලයේ. මම කැමැතියි ඒ සංවාදේ එළියට එනවනම්.

අවසානයේදී වික්ටර් අයිවන්ට නොවැටුණු නඩු ඔබට වැටුණා?

මගේ යමක් නිසා නඩු වැටුණා නෙවෙයි. මේ කාරණය තනිකරම පොදු මහජන ස්වාමිත්වයට අයත් දෙයක්. නමුත් මේ දේවල් නොබියව හෙළි කිරීමේ ගෞරවය යන්නේ වික්ටර් අයිවන්ට.

මට පුද්ගලිකව අනන්ත රාත්‍රිය නැවත බලන්න හිතුණා උසාවිය නිහඬයි බැලුවට පස්සේ. පශ්චත්තාපයෙන් පවු සමා කිරීමක් ගැනනේ එකෙන් කියන්නේ. ලියෝ ටොල්ස්ටෝයි ගේ නවකතාවක් ආශ්‍රයෙන් තමයි අනන්ත රාත්‍රිය හැදුණේ. උසාවිය නිහඬයි ෂූට් කරද්දී මට අනන්ත රාත්‍රිය නිතරම මතක් වුණා.

Edit

Comments

comments