Friday, March 31, 2017
Breaking News
You are here: Home » Articles » මුහුද ගැන ලියවුණ ගීත

මුහුද ගැන ලියවුණ ගීත

seaසිංහල ගීත සාහිත්‍ය විශ්ලේෂණය කිරීමේදී ගේය පද රචකයින් විවිධ තේමාවන් තම නිර්මාණයන් සදහා තෝරාගෙන ඇති බව අපි දිනමු. මේ නිසාම අපිට ඉතාමත් පොහොසත් ගීත සාහිත්‍යයක් උරුම වී ඇත. වර්ථමානයේ එලි දකින හරසුන් රචනා දෙස බලා ඒවා විවේතනය කරනවාට වඩා අපසතුව ඇති මේ උතුම් ගීත සාහිත්‍ය තවදුරටත් රැක ගැනීමට අප වගබලාගතයුතුය.

අපට තිබෙන බොහෝ ගීත සවන්දෙන්නාට වින්දනයක් ලබා දෙනවා පමණක් නොව ඔවුන්ගේ වින්දනීය පරාසය පුළුල් කරන බවද කිව යුතුය. මේ විවිධත්වයෙන් යුතු ගීත අතරේ මුහුද සෘජුවම තේමා කරගෙන ලියවී ඇති ගීත සිය ගණනක් අපට සොයාගත හැක.විවිධ ගීත රචනා පිලිබද විශ්ලේෂණයක් කිරීමට උත්සහ කරන මේ ලිපි පෙලේ පළමු ලිපිය තුලින් “මුහුද” තේමා කරගත් ගීත පිලිබදව කතිකාවක් ගොඩනැගීමට මා අදහස් කලේ “මීගමුවත් මුහුදත්” යනු දෙකක් නොව එකක්ම වන නිසාය.

මුහුද ගැන ලියවී ඇති ඉතාම පැරණි ගීතයක් වෙත යොමු වෙමු. සුනිල් ශාන්ත ශූරීන් ගායනා කරන ” හෝ හෝ හෝ ගා රැල්ල බිදේ ” මේ ගීතයෙන් ඔහු අපට කියන්නේ මුහුදේ හා රැල්ලේ ඇති සුන්දරත්වය හා එහි ඇති මනරම් බවයි.බොහෝ දෙනෙක් මුහුමදට යන්නේ රැල්ල දෙස බලා සිටිනන්ටත් මුහු රැල්ලට තමන්ගේ දෙපා දොවා ගන්නටත්ය.

එහෙත් ගුණදාස කපුගේ ගායනා කරන මාරියාවේ (ලොකු රැල්ල) මුහුදේ ඇති බියකරු බව අපට කියයි. මුහුදෙන් නැග එන ලොකුරැල්ල (මාරියාවට) එන්න එපා යැයි ඔහු කියයි. ඔහු පවසන්නේ මුහුදු වෙරලට මාරියාව පැමිණිය හොත් ඹහුට තම ඔරුව මුහුදට දියත් කල නොහැකි බවයි.

මුහුද හා රැල්ල ගැන ලියවී ඇති මේ ගේය පද දෙකින් කතිකාවට ලක්වන්නේ සන්දර්භයන් දෙකකි.ඒවා එකිනෙකට සපුරා වෙනස් වේ. මොහිදීන් බෙග් ඇතුළු පිරිස ගායනා කරන “වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා” ගීතයෙන් ධීවරයාගේ ජීවිතය සුන්දර බවත්, එය අදට වඩා හෙට හොදවන බවත් කියයි. එහෙත් විජය කුමාරතුංග ගයන ” රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ ” අපට කියන්නේ අඹු දරුවන් රකින්නට තෙරක් නොපෙනෙන මුහුදට අවිනිෂ්චිත ගමණක් යන බවයි.

වොලී බැස්ටියන් ගයන ” මුහුදේ යමු මසුන් මරන්න – වෙරලේ ඔරුව දියත් කරන්න ” ගීතයෙන් කියන්නේ අඹු දරුවන් රැකගන්න මේ දයාබර සැමියාට/පියාට මුහුදට යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවයි. මිල්ටන් මල්ලවාරච්චි ” ඝණ අදුරේ රැලි අතරේ ජීවය පරදුවට තබා ” තම දරුවන්ගේ බඩ වියත රැකීමට මහ මුහුදට යන බව කියයි. එසේම බයගුල්ලන් මුහුදු නොයන බවත් ධීවරයා බිය සැක නැති අයෙකු බව පැවසීමටද ඔහු අමතක කරන්නේ නැත.

විශාරද දයාරත්න රණතුංග තමා අලුතෙන් ගෙරට කැදවාගෙන ආ යුවතිය පාළු පැලක තනිකර දමා මුහුදු යන බව කියන ” මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකා පාළු පැලක තනිකර දා දියඹට යනවා ” තරුණ ධීවර යුවලකගේ වේදනාව ගැන කියයි. සැබවින්ම අම අදෝනාවකි.

විජය කුමාරතුංග ගයන  ” අපිම අදින මාළු අපට නෙවෙයි යාළු ” ධීවරයා සූරා කන වානිජ සමාජයේ නිරුවත ලෝකයට මොරගා කියයි.  වික්ටර් රත්නායක මුහුද දෙස බලාගෙන දිනක ” හිරු බැස යන සැදෑවක –  සයුරු තෙර හිද හුදකලවෙක ” කියමින් තමන් හැර ගිය පෙම්වතිය ගැන විරහ වේදනා විදියි.

මේ ලෙස බලන විට ප්‍රේමය පිලිබදවද බොහෝ අනුවේදනීය කතාවන් මුහුද සම්බන්ද කරගෙන නිර්මාණය වී ඇති ගීත වලින් අපට දැක ගත හැක. ” ධීවරයෝ ” චිත්‍රපටයේ සෑම ගීතයක්ම මුහුද පදනම් කරගෙන ලියවී ඇත. මිල්ටන් පෙරේරා ගයන ” ආගාධ සාගරේ  වන ගීතය                                         ධීවරයාගේ වීරත්වය හා බියනැති බව මොනවට පැහැදිලි කරයි. සෝමදාස ඇල්විටිගල තනු නිර්මාණය කර සංගීතය සැපයූ, මහගම සේකර ගෙය පද රචනා කල,පණ්ඩිත් අමරදේවයන් සත්සමුදුර චිත්‍රපටයට ගායනා කල ” සිනිදු සුදු මුදු තලාවේ ” මුහුදු රුල්ල හා දීවර ජීවිතය ඉතාමත් සියුම් ලෙස එකට එකක් සම්බන්ද කරන එදත් අදත් හෙටත් තවත් බොහෝ චිරාගත කාලයක් මුහුදට අපව ලංකරන ගීතයකි.

අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

Comments

comments