Tuesday, May 23, 2017
Breaking News
You are here: Home » Interviews » ‘මඩු කුමාරි’ එක්ක කලපුවේ රවුමක් යමුද ?

‘මඩු කුමාරි’ එක්ක කලපුවේ රවුමක් යමුද ?

මයිකල් ප්‍රනාන්දු මහතා වෘත්තියෙන් ධීවරයෙක් වන අතර ඔහු ඉස්සන් රස්සාවට අමතරව සිය පවුලේ සාමාජිකයන් ද සමග කලපු චාරිකා සේවය ද ව්‍යාපාරයක් ලෙස කරගෙන යයි.  මෙම ‘‘ මඩු කුමාරි ‘‘ විදේශිය බෝට්ටු චාරිකා  තොටුපල  පිහිටා ඇත්තේ  මීගමුව,රේගු පාරේ,නො 50 දරණ ස්ථානයේයි. මෙහි පළවන්නේ මයිකල් ප්‍රනාන්දු මහතා සමග  මෙම මඩු කුමාරි විදේශිය බෝට්ටු චාරිකා  ගැන කළ විමසුමකි.IMG_2677new

 ‘ මඩු කුමාරි’  චාරිකා  සේවය ගැන විස්තර ටිකක්  කියන්න. පටන් අරගෙන කොපමණ කාලයක්ද?

අපි මේ ව්‍යාපාරය පටන් අරන් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. දැනට බෝට්ටු 3ක් තියෙනවා.මෙතන  එක බෝට්ටුවක් මගේ. අපේ ළමයි දෙන්නගේ බෝට්ටු 2කක් තියෙනවා.
එක බෝට්ටුවක යන්ඩ පුලුවන් 8 දෙනාටයි. කණ්ඩායමක් ආපු වෙලාවට තමයි අටදෙනා බැගින් දාන්නේ. එහෙම නැති වෙලාවට තුන්දෙනා හතරදෙනා අරන් යනවා. එක්කෙනෙක් ආවත් කලපු ට්‍රිප් එක අරන් යනවා. එක ට්‍රිප් එකකට පැයයි එකහමාරයි අතර වගේ කාලයක් තමයි ගෙනියන්නේ. පැයකට වඩා යනවා කොහොමත්.
මොනවද කලපුවේ නරඹන්ඩ තියෙන්නේ ?
බලන්ඩ තියෙන දේවල් නම් ඉතින් කුරුල්ලෝ ඉන්නවා,  කලපු දූපත්  තියෙනවා. කඩොලාන ,මහවිදිය පල්ලිය වගේ දේවල් තමා. ඒ වගේම ධීවරයෝ   පොඩි ඔරුවල රස්සා කරන හැටි, ඉස්සෝ අල්ලන හැටි ඒවා දැකගන්ඩ පුලුවන්.
රිලව් වගයක් ගෙනිහිල්ලා දාලා තියෙනවා එක දූපතකට. එ් නම් දාලා තියෙන්නේ ගුරුගේ එකෙන්.  ඒ වගේම කැස්බෑවෙකුත් ගෙනත් දාලා ඉන්නවා කලපුවේ තැනකට.. කැස්බෑවෝ ඉන්නේ ඉතින් මුහුදෙනේ.  අතර මගදී කලපුවේ එක තැනක් තියෙනවා බැහැලා කරලා වතුරේ ඉන්ඩ පුලුවන්IMG_2665new
ට්‍රිප් වලට අය කිරීම කොහොමද?
පෙළක් වෙලාවට යන අය වතුරේ බැහැගෙන ඉන්නවා නේ. එතකොට ඉතින් පැය එකයි කාලක් විතර යනවා. ඒකට  ඉතින් අපි මොකුත් කියන්නේ නෑ. ඒ අයගේ හිත සතුටු කරන්ඩත් එපැයි. සමහර ටුවර් අරන් යන අය හරියටම පැයෙන් එනවා. ටුවර් මගහැරෙයි කියලා. අපි නම් එහෙම කරන්නේ නෑ.
සාමාන්‍යෙයන් පැය එකහමාරක් ගියොත් අපි ගන්නේ රුපියල් 3000යි. එක්කෙනෙක් වගේ ආවොත් 2500කට අරන් යනවා.
සමහර ගෑණු උදවිය ඇවිත් කියනවා සල්ලි නෑ ..2000ක් දෙන්නම් කියලා , එහෙමත් අරන් යනවා. නැත්නම් සාමාන්‍යෙයන් 3000ක් තමයි ට්‍රිප් එකකට ගන්නේ. 8 දෙනෙක්  හිටියොත්  3500ක් වගේ අයකරනවා. ගිහින්  ආවහම කොමඩු ගෙඩියක් වගේ පළතුරක්  කපලා දෙනවා. ඉස්සර නම් තැඹිලි දුන්නා දැන් තැඹිලි ගෙඩියක් රැ 80ක් නේ කොහොමද දෙන්නේ? ඒ නිසා දැන් කොමඩු දෙනවා. තැඹිලි තියෙන්නේත් පොඩි ගෙඩි,රුපියල් 80 වුණාට.
එහෙම තමා ඉතින් කරගෙන යන්නේ.IMG_2666

විදේශිකයින්ට,මෙන්ම දේශිය අයටත් එකම මිළක් ද අයකරන්නේ  
ඔව් අපි කවුරු ආවත් එකම ගාණක් තමා ගන්නේ. මොකද වෙන වෙනම අය කරන එක  එකේ තේරුමක් නෑ.
මේ රස්සාවට ලයිසන් ගන්ඩ ඕනද ?
ඔව් අපි මීගමුව නගර සභාවෙන් අවුරුද්දකට වරක් ලයිසන් එකක් ගන්නවා. තුන්දාස් ගණනක් යනවා ඒකට.

වියදම් පැත්ත කොහොමද?
අපිට කොහොමත් රුපියල් 1000ක විතර වියදමක් යනවා. බෝට්ටුවේ යන එක්කෙනාටත් 750ක් විතර දෙන්ඩ ඕනා. ට්‍රිප් එක 2500ට විතර ගියොත් 500ක් දෙනවා. තෙල් වලට රුපියල් 400ක් විතර යනවා. ඒ අතර තුරේ බෝට්ටු රෙපෙයාර් කරන්ඩත් වෙනවානේ. අපි යන්නේ ගොඩනේ ඒ කියන්නේ කලපුවේ ඒ තරම් ගැඹුරක් නෑනේ. හුගක් වෙලාවට බෝට්ටු වල ෆෑන් ගෙවෙනවා ඉක්මනට , වතුර යනවා ගියර් බොක්ස් එකට ඉතින් ඒ වියදමත් තියෙනවා.
හැමදාම සංචාරකයෝ එන්නේ නෑ..සමහර දවස්වලට ට්‍රිප් 4ක් 5ක් තියෙන දවසුත් තියෙනවා. එකක්වත් නැති  දවස් තියෙනවා.IMG_2653new
IMG_2661new
IMG_2679new
IMG_2683nw

IMG_2714new


සටහන සහ ඡායා – කුමාරි ප්‍රනාන්දු

Comments

comments