Monday, December 11, 2017
Breaking News
You are here: Home » Stories » රවී අද යයි – ඉල්ලා අස්වීමට කොන්දේසි.

රවී අද යයි – ඉල්ලා අස්වීමට කොන්දේසි.

 ravi-640x400

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ද ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් ද මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි කියති.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.

කෙසේ නමුත්, අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කොන්දේසි 05ක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.
ඒ,
සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (09) පැවති සාකච්ඡාවේදී රවී කරුණානායක අමාත්‍යවරයා එම කොන්දේසි ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉකුත්දා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙනු ලැබුවේ බැදුම්කර කොමිසමේ අනාවරණ වූ කරුණු ද පදනම් කර ගනිමිනි.
http://www.infosrilankanews.com

Comments

comments