Thursday, August 24, 2017
Breaking News
You are here: Home » Citizen Page » ලුනුවිලදී පදිකමාරුව මත සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ලුනුවිලදී පදිකමාරුව මත සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ඊයේ (අගෝස්තු 11) වෙන්නප්පුව පොලිස් වසමේ ලුනුවිල රෝහල ඉදිරිපිට පිහිටි පදික මාරුව මතදී කිරිමැටියාන දෙස සිට වෙන්නප්පුව දෙසට ධාවනය වූ  යතුරු පැදියක් එම පදික මාරුව හරහා යමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සයස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සාන්තආනාපුර,ලුණුවිල පදිංචි එදිරිමාන්න ආරච්චිලාගේ චන්ද්‍රාවතී යන කාන්තාවකි.යතුරු පැදියේ රියදුරුද තුවාලලබා මේ වන විට ලුනුවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Pedestrian_hd

Comments

comments

Powered by Facebook Comments