Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Stories » ත්‍රීරෝද රථ මීටර රථ සදහා නව ප්‍රමිතියක් හදුන්වාදේ

ත්‍රීරෝද රථ මීටර රථ සදහා නව ප්‍රමිතියක් හදුන්වාදේ

image_1484306505-ff1949e429

ත්‍රීරෝද රථ සදහා වන මීටර් නිෂ්පාදකයන් දැනුව්ත කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට මාර්ග ආරක්ෂාව සඳහා ජාතික සභාව තීරණය කර තිබෙනවා. මෙහිදී එම ත්‍රීරෝද රථ මීටර්වල ප්‍රමිතිය පිලිබදව එම නිෂ්පාදකයන් දැනුවත් කිරීම නියමිතයි. මෙම වැඩසටහන එළඹෙන ඔක්තෝබර් 12 වනදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ ආකාරයෙන් ප්‍රමිතියෙන් යුතු මීටර් නිෂ්පාදනයේදී එම නව මීටරයක ගමන්ගන්නා එක් කිලෝමීටරකට අදාල අයකිරීම සදහන් විය යුතු අතර ගමනඅවසානයේදී ගමනේ සම්පූර්ණ වියදම සදහන් රිසිට්පතක්ද නිකුත්කිරීමේ හැකියාව තිබිය යුතුයි.

මෙම මීටර නිපදවීමට අවශ්‍යවන මූලික මුදලක් එම නිෂ්පාදකයන්ට ලබාදීමට මේ වන විට අවදානය යොමුවී අති බවත් වාර්ථා වන අතර මේ ප්‍රමිතියෙන් යුතු නව ත්‍රීරෝද රථ මීටර් සියළුම ත්‍රීරෝද රථවලට සවිකිරීමට ලබාදී ඇති කාලය එළඹෙන දෙසැම්බර් 31 වනදායින් අවසන් වනු ඇත.

Comments

comments