Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Articles » සල්ලි නැති හින්ද එකවේලක් කාල ලංකාව වෙනුවෙන් චිනේදි දුවපු ප්‍රවිනයෝ ….!

සල්ලි නැති හින්ද එකවේලක් කාල ලංකාව වෙනුවෙන් චිනේදි දුවපු ප්‍රවිනයෝ ….!

kule1newප්‍රවිනයන්ගේ ආසියාතික ක්‍රිඩා උළෙල පසුගිය 24 වෙනිදා සිට 28 වෙනිදා දක්වා චිනයේදි පැවැත්විණි.ශ්‍රිලංකා රජයේ හෝ වෙනත් කිසිදු අනුග්‍රාහකයෙකුගේ දායකත්වයක් නොතිබුණද ලංකාවේ නමත් තම කුසලතාවත් ආසියාතික තරගාවලිය තුල ලකුණු කොට තැබිම සදහා තම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් වියදම් කරගනිමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 200 කට අධික සංඛ්‍යාවක් මෙවර මේ තරගාවලියට සහභාගිව සිටියහ.
මේ එක ක්‍රිඩකයෙකු තම චින ගමනට වියදම් සපයාගෙන තිබුනේ ඔහු විසින් පසුගිය කාලය තුල ලංකාවේ විවිධ තරගවලට සහභාගි විමෙන් ලැබු තෑගිද උපයෝගිකරගනිමින් සැකසු ලොතරයි ටිකට් පතක් අලෙවි කිරිම තුලිනි.
ඔහු වෘත්තියෙන් කේක්කෙන් පොල් කඩන්නෙකු විය.
මාරවිල ප්‍රදෙශයෙන් ගොස් සිටි අයෙකුගේ රැකියාව තිබුනේ කුලි ත්‍රිරෝද රථය සේවාවයි.
තවත් අයෙකු විශ්‍රාමිකයෙකි.
මේ තිදෙනාට කලින් ලැබි තිබුණු හෝටල් මිළ අධිකවිම නිසා පසුදිනම වෙනත් ලාභදායි හෝටල් කරා මාරු වි තිබුනේ තමන් විසින්ම දරාගන්නට යැමේදි ඒවායේ මිළ අධික විම නිසාය.
පසුව ලාභදායි හෝටලයක් එක කාමරයක මේ තිදෙනාම  බෙදා හදාගෙන ඉතිරි දින කිපය ගතකර තිබුණ අතර මේ හෝටලයෙන් ලැබුන උදෑසන බත් ආහාර වේල හොද හැටි සම්පායම් වි දවල් සහ රාත්‍රිය පිරිමසාගෙන තිබුනේ රෝටි සහ පළතුරු වලිනි.
මේ සියළු පටිතද කරගැනිම් කර තිබුනේ කෙසේ හෝ ලාංකික නාමයවෙත   තවත් පදක්කමක් එක්කර දිමටය.

Comments

comments