Monday, December 18, 2017
Breaking News
You are here: Home » Interviews » ‘අවලස්සන දේකින් ලස්සන දෙයක් මතුකරන්නයි මට ඕනෑ වුණේ ‘

‘අවලස්සන දේකින් ලස්සන දෙයක් මතුකරන්නයි මට ඕනෑ වුණේ ‘

DSCF7680ඇගිලි අතරට මැදිවූ  කුඩා පැන්සල් කොටයකි. ඉන් කාන්තාවකගේ  ඇසිපිය පාට කරමින් සිටින තරුණයෙකි. අදින ලද කාන්තා රුව සිනාසෙයි. ඒ අතරතුර අදින කෙනා ද සිනාසෙයි.  අපි ඒ දෙස බලා සිටියෙමු.
ඔහු නමින් මංජුල ස්වර්ණපාල.  ඔහු  අපි සමග දොඩමළු විය. විවෘතව තම අරමුණු  පැහැදිලි කරමින් ” ඕනෑම කෙනෙකුට චිත්‍ර අදින්ඩ පුලුවන්. උත්සාහය පමණයි  ඕනා වෙන්නේ. මුල් කාලෙදි මට චිත්‍ර අදින්ඩ බැහැ” ඒ ඔහුගේ කතාව  ඇරඹු අයුරුයි. ”  මට ඕනෑ වූණේ චිත්‍ර කලාව ජනතාව අතරට ගෙනියන්නයි , ලංකාව තුළ ගොඩනගන්නයි. මම ඒකට භාවිතා කළේ අගුරු.  අගුරු කියන්නේ අවලස්සන දෙයක්. අවලස්සන දේකින් ලස්සන දෙයක්  මතුකරන්නයි මට ඕනෑ වුණේ.
කොහොමද ඕඛේ ආරම්භය ?
මම මුලින්ම කළේ පන්සල් චිත්‍ර සහ පිළිම නිර්මාණය කිරීම. දැනට අවුරුදු 10ක් පමණ වෙනවා පුද්ගල චිත්‍ර ඇදීම පටන් අරගෙන. අවුරුද්දක් පමණ වෙනවා වීදි වල චිත්‍ර අදින්න පටන් අරන්.
මම බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට සහ වැඩිහිටියන්ට චිත්‍ර අදින්න හුරු කරවන්නයි. ඒකට උවමනා දේ තමයි අත හුරුවීම.  මේක ටිකක් රළු වැඩක් , තරමක් දුෂ්කරයි.
නමුත් මනස නිරවුල්ව තබාගැනීමට මෙය පිටුවහලක් කියලයි මම හිතන්නේ.
ජනතා ප්‍රතිචාර කොහොමද?
ඉතා හොදයි.
ඔබ සමග පිරිසක් ඉන්නවද?
ඔව් මා සමග වැඩ කරන පිරිසක් ඉන්නවා.
ආරාධනා එහෙම ලැඛෙනවද ? 
වෙඩින්ස් වලට උපන්දින උත්සව වලට වගේ ආරාධනා ලැඛෙනවා.
අයකිරීම් කොහොමද? 
එක රූපයකට රුපියල් 3000ක් සහ රූප 2කට රු 5000ක් අයකරනවා.
අවලස්සන  රාමු කිරීමට මම වියදම ගන්නවා.
ඔඛේ දිනක වියදම –
දිනක වියදම රුපියල් 10000ක් පමණ වෙනවා.
මෙම කතාබහෙන් පසු අපි ඔහු අඳින ලද චිත්‍ර කීපයක් අපේ කැමරා කාචයට හසුකරගනිමින් ඒ සොදුරු තරුණයාගෙන් සමුගත්තෙමු.DSCF7661
ලොව සිටින  දක්ෂතා ඇති මිනිසුන් සහ ඔවුන්ගේ අරමුණ සහගත ක්‍රියාවන් පිළිබද අපි අසා ඇත්තෙමු.
ගිටාරයක් රැගෙන චිලී දේශයේ  පාරක් පාරක් පාසා ඇවිදිමින් ජනතාව වෙනුවෙන් ගීත ගායනා කළ වික්ටර් හාරා නම්වූ ජනතාවාදී කලාකරුවා මෙහිදී සිහියට නැගේ. ඔහු ද තමන්ගේ මෙහෙවර ආරම්භ කළේ මහ පාරෙනි. පිඩිත ජනතාව වෙනුවෙන්  තම කටහඩ අවදි කළ ඔහු  වරෙක පැවසුවේ ‘ ගිටාරය සැබෑ අවියක් වන්නේත් වෙඩි උන්ඩයක් වන්නේත් එය වාදනය කරන්නා සැබෑ විප්ලවවාදියෙකු වන්නේ නම් පමණි යනුවෙන්ය.

මෙවන් වූ අදහසකින් අපි අසලම සිටිනා අපේම කලාකරුවෙකු තම පැන්සල හසුරුවන්නේ නම් කුමන අරුමයක්ද? මහපාරේ අයිනක හිද  තමාගේ අනාගත ජීවිතයසහ සමාජයට යමක් දෙන්නට  අරගල කරන මෙවන් පෞරුයන් අපි අගය කළ යුතුය. ඔහුගේ කුඩා අදහස හෙට දින කුඩා දිය පාරක් ,මහා ගංගාවක් බවට  පත්වන්නාක් සේ  මහා අදහසක් බවට පත්කර ගැනීම අපගේද වගකීමක් වනු ඇත. මේ කුසලතාවය මහා පාරෙන් ඈතට ගෙන යා යුතුව ඇත.
අප සමාජය මුදල් පසුපස හැල්මේ දුවයි. තමන් එසේ දුවන අතර මිනිස් සබඳතා අමතක කර දමයි.මුදලට වඩා වටිනා  වගකීම් සහ යුතුකම් ප්‍රමාණයක්  මිනිස් චින්තනය වෙත ලගා කළ යුතුව ඇත. මේ සමාජය වෙනස් මගකට  යොමුකිරීම උදෙසා එය අත්‍යඅවශ්‍යය.දසත ඇසෙන්නේ විඩාබර මිනිසුන්ගේ කටුක රාවයයි.කලාකරුවා ඒ කටුක යථාර්තය කලා නිර්මාණ වල නිමිත්තක් කර ගත යුතුය. සැබෑ කලාවක් නිර්මාණය කළ හැකි වන්නේ එවිටයි.එබැවින්  කලාකරුවා පීඩිත ජනතාවගෙන් ඉගෙන ගතයුතුය.


සටහන – සැම්සන් ඥානසිරි
ඡායාරූප – දිල්ශානි ගම්පලගේ  

Comments

comments