Monday, December 18, 2017
Breaking News
You are here: Home » Articles » කුණාටුවට මැදිවූ ධිවරයින්ගේ අදෝනාව

කුණාටුවට මැදිවූ ධිවරයින්ගේ අදෝනාව

නොවැම්බර් මස 15  වන දින ඇතිවූ කුණාටු  සහිත කාලගුණික තත්ත්වය මත මීගමුව සහ අවට ධීවරයින්ට මුහුණ දීමට සිදුවූ ආපදාවන් සහ මේ වනවිට  කොපමණ ධීවරයින් සංඛ්‍යාවකට   හානි හා අලාභ සිදුවී ඇත්දැයි මීගමුව ධීවර කාර්යාලයෙන් මිපුර විසින් විමසීමක සිදුකරන ලදී.
ඒ අනුවනොවැම්බර් මස 15  වන දින ඇතිවූ කුණාටු  සහිත කාලගුණික තත්ත්වය මත ‘සෙනුරි දුව ‘ නම්  බහුදින යාත්‍රාව ධීවරයින් 4 දෙනෙකු සමග අතුරුදහන් වී ඇත. මේ වනතෙක් ඔවුන් පිළිබදව කිසිඳු තොරතුරක් නොමැත.

ඡායාරූප - සැම්සන් ඥානසිරි

පසුගිය දිනවල පැවති කුණාටු තත්වය මත මිගමුව කොතලාවල අසලට සේන්දු කර ඇති බහුදින යාත්‍රා./ඡායාරූප – සැම්සන් ඥානසිරි

මෙම බහුදින යාත්‍රාව සම්බන්ධයෙන් මීගමුව ධීවර කාර්යාලය මේ පිළිබඳව ධීවර අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ඔවුන් පවසයි.  මේ වනවිට ඔවුන් සෙවීමේ කටයුතු නිසි පරිදි සිදුවන බව   ධීවර පරීක්ෂක හැරල් පෙරේරා මහතා පවසයි. තවද   පානදුරට   ආසන්න දියඹ  මුහුදේ රස්සාවට ගිය තවත් බහුදින යාත්‍රා 2කක් පෙරලී ගොස් තිඛේ. වෙනත් බහුදින යාත්‍රාවකින්  ගොස් එම ධීවරයින්ගේ ජීවිත ඛේරාගැනීමට හැකිවී ඇත.  අද දින  මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඔවුන්  ධීවර ඇමතිවරයා   හමුවීමට නියමිතය.  එමෙන්ම මීගමුව කඩොල් කැලේ පුද්ගලයෙකුට අයත් බහුදින යාත්‍රාවක් පෙරළි ඇති අතර යාත්‍රාවත් සමග ධීවර ජීවිතත් ඛේරාගැනිමට හැකිවී ඇත.
ඒ කන්දකුලිය  බෝට්ටුවක ආධාරයෙනි. මීට අමතරව බහුදින යාත්‍රා 15ක පමණ සුළු ආපදා තත්ත්වයන් ගැන සදහන්වේ.
මේවායේ දැල් කෑලි , ආම්පන්න කට්ටල ආදී දේවල් මූදුබත් වී ඇත.
මේ අතර වත්තල,හැදල,කැපුන්ගොඩ ,උස්වැටකෙයියාව ප්‍රාදේශීය ධිවර කාර්යාල තොරතුරු අනුව තෙප්පම් 05 ක් මුහුදේ ගසාගෙන ගිය බවත් දැල් කූට්ටම් 30 ක් පමණ විනාශ වී ඇති බවත් සදහන් කරන මීගමුව ධීවර පරීක්ෂක හැරල්ඩ් පෙරේරා මහතා මේ වනවිට එම ධීවරයින් වෙනුවෙන් අවශ්‍ය කටයුතු   සදහා මීගමු ධීවර කාර්යාලය මැදිහත් වී   ක්‍රියා කිරමින්  සිටින බව ප්‍රකාශ කරයි.


සැම්සන් ඥානසිරි

Comments

comments