Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Interviews » ”අද වාගේ තෙල් වියදම් නැති නිසා අපි හොදට හම්බ කළා ”-ජෝන් සිරිල්

”අද වාගේ තෙල් වියදම් නැති නිසා අපි හොදට හම්බ කළා ”-ජෝන් සිරිල්

IMG_0859සටහන සහ ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /
ධීවර ක්ෂේත්‍රය පිළිඳව මනා දැනුමක් හා අත්දැකීම් බහුල පුද්ගලයෙකු වන ජෝන් සිරිල් මහතා පදිංචිව සිටින්නේ මීගමුව මුන්නක්කරය නම් ග්‍රාමයේයි. පවුලේ සහෝදර සහෝදරියන්  06 දෙනෙකුගේ දෙවෙනියා ඔහුය.
ජෝන් සිරිල් මහතාගේ පවුලේ  දැනට ඉතිරිව ඇත්තේ බාල සහෝදරියක් හා ඔහු පමණය.  සම්ප්‍රදායක ධීවර රැකියාව ගැන අත්දැකීම් මෙන්ම  , ධීවර අයිතින් වෙනුවෙන් සටන් කළ ඒ වෙනුවෙන් කාලය කැප කළ  පුද්ගලයෙකු  වන ජෝන් සිරිල් මහතාගේ ජීවන මතක පිළිබදව ඔහු සමග කළ සුහද කතාබහක් පහත පළවේ.

නම : කුලකුලසූරිය ජෝන් සිරිල් ප්‍රනාන්දු

උපන් දිනය : 1934 .04.09

වයස  :   අවුරුදු 81

ඔබගේ පාසල කාලය ගැන මතක් කලොත් ?

මම පාසල් ගියේ ශාන්ත මරියා පාසලට.දෙමළ භාෂාව තමා අපි ඉගෙනගත්තේ.ඒ කාලේ මීගමුවේ සිංහල ඉස්කෝලයකට තිබුනේ කෲස් මඩම හරියේ තිබු ඉස්කෝලයක්.

මම ඉගේනගත්තේ  පස්වෙනි ශ්‍රේණියටයි.අපේ තාත්තාට අසනීප වුනු නිසා පවුලේ බර කර ගැහැවේ අපේ අම්මා .ඉතින් මම ඉස්කොලේ යන එක නතර කරලා අම්මට උදව් වුනා.

ධීවර රැකියාවට සම්බන්ධ වුණ කාලය මතකද ?

ඉස්කෝල යන එක නතර කලාට පස්සේ තමා මම මුහුදු රස්සාවත් පටන් ගත්තේ.අවුරුදු 18 දි  වගේ මුහුදට යන්න ගත්තා.මීගමුවේ තමා ඉතින් රස්සාව පටන් ගත්තේ.
ඒ  කාලේ තිබ්බේ ඔරුවල රස්සාව විතරයි. 1970 වගෙදි තමා යාන්ත්‍රික ක්‍රමය ආවේ.

ඒ කාලේ කොහොමද ඉතින් රස්සාව එහෙම ?

ඔරුවල රස්සාව නේ අපි කලේ ඉතින් හොදට හම්බ කලා.අද වගේ තෙල් වියදම් නැහැ.

ජෝන් සිරිල් මහතා සහ බිරිද

ජෝන් සිරිල් මහතා සහ බිරිද

ඔරු  රස්සාව ගැන පැහැදිලි කළොත් ?

අවුරුද්දකට කාල දේකක තියනවානේ.
වාරකම් කාලයයි වලාල කාලයයි. වාරකම් කාලය මාස හයක් තියනවා වලාල කාලය ඉතුරු මාස හය. වාරකම් කාලය කියන්නේ හුලං අධික කාලයයි.  ඒ කාලයට කරන්නේ
‘දුවන රස්සාව’ ඒ බිලි කොකු මාර්ගයෙන් කරන රස්සාවක්.  ඒ කාලයේ බිලිකොකු වල ගහන ඇමට යොදාගන්න කලටි පොල් වලින් මාලුවෙක් විදියට ආකෘති කපනවා. ඒවා තමා ඇම් වලට අරන් මාලු අල්ලන්න යන්නේ.ඊට පස්සේ මුහුදෙ අල්ලන මාලුවෙක් කපලා ඇමට ගන්නවා.
අද බිලි කටු ගැටගහන්නේ තංගුස් වලටනේ ඒ කලේ ගැට ගැහැවේ කපු වලඉන් හදපු නූල් වලට.ප්ලාස්ටික් ලනු වෙනුවට ගන්නේ කොහු ලනු අද ඔක්ක්ම වෙනස් වෙලා.

ඒ කාලේ දවසක ආදායම එහෙම කොහොමද ?

දවසකට කොහොමත් රු 30 ක් වගේ හම්බ කරනවා. 30 කට වැඩියෙනුත් හම්බ කරන වෙලාවල් තියනවා. ඒ කාලේ කිලෝ 4 ක ලොකු තෝරෙක් මරපුවාම රු 35 කට වගේ විකුණනවා.

වාරකම් නැති කාලයට කරන රස්සාව මොකක්ද

ඒ කාලයට කියන්නේ වලාල කාලය කියලා.  වලාල කාලය. ඒ  කාලයට ඉස්සන් රස්සාව තමා කරන්නේ. මුහුදට ගිහින් ඉස්සෝ අල්ලගෙන මුහුදේ තියනවා  ගල් ලගට ගිහින් මාලු අල්ලනවා ඉස්සන්ව ඇමට ගහලා.
ඒ කාලේ අපි ඉස්සෝ ඇල්ලුවේ ඇමට. අද ඉස්සෝ අල්ලලා විකුණනවා.

 ඒ රස්සාව ගැන පැහැදිලි කලොත්

ඉස්සෝ අල්ලන්න යන්නේ ඔරුවෙන්නේ.ඉතින් ඔරුවේ තියනවා ”රාන” කියල දෙයක්.
ඒ රාන දෙකක් තියනවා. ඒ රාන දෙකේ  දෙපැත්තේ කපු දැලැක් ගැට ගහනවා.
ඒ දැල යට ගල් දෙකක් ගැට ගහනවා.ඒ ගල් දෙක තමා වතුරට බස්සන්නේ. රාන ගැටගහන්නේ ඔරුවේ අගිස්සක. අනිත් එක ගඩිස්ස කියන තැන ගැට ගහනවා. එකෙන් තමා ඉස්සෝ අල්ලන්නේ. ඒ අල්ලන ඉස්සන්ගෙන් තමා බිල්ලට දීලා මාලු අල්ලනේ. ඒ මාලු ගොඩට ගෙනත් විකුණන්නේ රේන්ද ක්‍රමයට.

අද තියන බෝට්ටු වලින් කරන රස්සාව ආවෙ කොයි කාලයේද ?

1970 වගේ  කාලයේ තමා යාන්ත්‍රික රස්සාව ආවෙ. ඊට කලින් රස්සා ක්‍රම 03 ක් තිබුනා. දුවන රස්සාව , යාන රස්සාව, මලයන් රස්සාව මෙ රස්සා තුනෙන්ම ඉස්සෝ අල්ලනවා හැබැයි ඒ අල්ලන්නේ ඇමට විතරයි. දුවන රස්සාව නැති වුනේ මහ බෝට්ටු වල රස්සා කරන අය   කාලයක්  දැල් එලන කොට ඒ ඟල් නාස්ති වෙනවා. නැත්තම් දැල් පැටලෙනවා. එතකොට බිලි බාන්න  බැරි වෙනවා. කෙලින්ම දැන් ඔරු කාරු කාරයන්ට වෙලා තියෙන්නේ ඉස්සර ඇමට අල්ලපු ඉස්සන් දන් විකුණලා ඡිවත් වෙන්න.

දුවන රස්සාව කලේ මෙහෙමයි කොළඹ වරාය  පැත්තෙන් මාඑ ඵනවා. කෙලින්ම උන් යන්නේ උතුරු පැත්තට ඒ මාළු අල්ලන්න තමා දුවන රස්සාව කරන් නේ.

මිගමුවෙන් පිට රස්සාවට ගියේ නැද්ද?

ඒ කාලේ අපි    මන්නාරම පැත්තට යනවා රස්සාවට.  බත්තලංගුන්ඩුවෙන්  එහාට තියෙන ‘තරාදුව’  දුපතට තමා රස්සාව කලේ. ඒක පාලනය කලේ පෙස්ටස් මහත්තයාගේ  මාමණ්ඩියා. එයා කරවල මුදලාලි කෙනෙක්. ඒ දුපත් වල හිටියේ පිරිමි අය විතරයි.

ඒ කාලේ ධිවර සමිති තිබුණාද?   

ඒ කාලේ තමා ධිවර සමිති ආරම්භ කලේ 1980 වගේ  පල්ලියෙන් තමා සමිතියක් පටන් ගත්තේ. ඒක  හදන්න මුල් වුනේ ඇන්ටනි  ෆාදර්.  එක නිසා ඇන්ටනි ධිවර සමිතිය කියලා නම තිබ්බා. ඒ කාලේ අළුත් දෙවල් ලංකාවට ආවා දැල් වර්ග.ඉතිත් ෆිෂරිස් ( ධීවර අමාත්‍යංශය ) ඒකේ ඒ කාලේ හිටපු  පිටර් හොල් කියලා මනුස්සයෙක් තමා අපිට බෝටටු දුන්නේ. ඒකේ තව දෙමළ කෙනෙකුත් හිට්යා බෝට්ටුවයි එන්ඡිම දුන්නේ රු 35 000 කට.
නිල් මැරින් ආයතනයෙන් තමයි එක හදලා තියෙන්නේ. අශ්ව බල 3 එන්ජිමක්. ඒ එක්කම පිටිපන  සදාසරණ සමිතිය මංගල සමිතිය කියලා සමිති පටන් ගත්තා. ඒ කාලේ සමිති මට්ටමෙන් ගිහින් පිට රස්සාව කරනවා  මුතු හලාවත පැත්තේ.

 පවුලේ විස්තර ටිකක් කිව්වොත් ?

මම විවාහ වෙලා අවුරුදු 52ක් වෙනවා. ළමයි 05 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් .මුනුබුරෝ මිනිබිරියෝ 15 විතර ඉන්නවා. සමහර මුනුබුර මුනුබිරියන්ට ළමයිනුත් ඉන්නවා. දැන් ඉතින් අපි වයසයිනේ.මමයි නෝනයි ඉතින් සතුටින් ඉන්නවා.දෙවියෝ හොද ආයුෂ කාලයක් දීලා තියනවා.ඒක නිසා සතුටින් ඉන්නවා.

ජෝන් සිරිල් මහතාගේ  දුරකථන අංකය  – 031-5616216

IMG_0836 IMG_0841IMG_0852

Comments

comments