Thursday, January 18, 2018
Breaking News
You are here: Home » News » ටෙන්ඩර් කරන තුරු කොච්චිකඩේ රාත්‍රි පොළ තහනම් කරයි

ටෙන්ඩර් කරන තුරු කොච්චිකඩේ රාත්‍රි පොළ තහනම් කරයි

2018  ජනවාරි  4 දා   “  දූෂණයට  බර  රාත්‍රි  පොලවල්  , යනුවෙන්  අප ප්‍රවෘත්තියක්   පළ කළේ  කොච්චිකඩේ  බදාදා  රාත්‍රි  පොලෙහි    ටෙන්ඩරය  අළුත් කිරීමක්   නැතිව  මුදල්  එකතුකරන  බවට  ලැබුනු  ආරංචිය  අනුවය.  මේ  පිළිබඳව  නාගරික   කොමසාරිස්වරයා ගෙන්  විමසුවිට   ඹහු කිසිවක්  නොදැන  සිටි බවත්  ඒ ගැන සොයා  බලන බවටත්  ප්‍රකාශයක් කරන ලදී.

මේ සම්බන්ධයෙන් නැවතත් අද  (10 )  නාගරික කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළ විට  ඔහු  ප්‍රකාශකළේ  මේ වනවිට කොච්චිකඩේ  බදාදා පොළ පැවැත්වීම   අත්හිටුවා   බැනරයක්  දමා ඇති බවයි.  නමුත්  පොළ  පැවැත්වීමට   කටයුතු  කරන බවට   ලැබුනු  ආරංචිය  මත  වහාම  පොලීසියේ   පැමිණිල්ලක්   දැමු  බවද  කොමසාරිස්වරයා  ප්‍රකාශ  කරන ලදී.hqdefault

Comments

comments