Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Stories » දයාන් ලංසා ඉබ්බෙක් කඩා මාට්ටුවෙයි..?

දයාන් ලංසා ඉබ්බෙක් කඩා මාට්ටුවෙයි..?

නිමල් ලංසා සහ සරත් ගුණරත්න එක්ව පොහොට්ටුවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස කිරුළු පළදවන්නට යන දයාන් ලංසා පිළිබදව මීගමුවේ ඡන්ද දායකයාට සෑබෑ තතු නිවරදිව ගෙන ඒම අපේ  ප්‍රධාන යුතුකමක් සේ දකිමු.
අදින් ඇරඹෙන මේ හෙළිදරව් විශේෂාංගයෙන් මුලින්ම ඉදිරිපත් කෙරනේනේ දයාන් ලංසා නගර සභාවේ ඉබ්බෙක් කඩා මාට්ටු වු පවතකි.

dayan 5

 මීගමුව නාගරික මන්ත්‍රි දයාන් ලංසා 2014 වසරේ ඔක්තෝබර් මාසයේ ඉරිදා දිනක නගර සභාවේ මන්ත්‍රිකාමරයේ යතුරු භාරව සිටින කම්කරුවෙකු අමතා පවසා තිබුනේ තමාට මන්ත්‍රිකාමර විවෘත කර ගැනිමට අවැසි බවය.

අදාල කම්කරුවා පවසා තිබුනේ තමා එදින නිවාඩු බැවින් ඒ කටයුත්ත කිරිමට නොහැකි බවය.
මින් කෝපයට පත්ව ඇති දායන් ලංසා මන්ත්‍රිවරයා මන්ත්‍රි කාමරයේ දොරේ ඉබ්බා බලත්කාරයෙන් කඩා ඊට ඇතුළු වි ඇත.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශය විසින් ලොග් සටහනක්ද තබා තිබුණි.
ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට පවසා සිටියේ දායාන් හිතන්නේ නගරසභාව හරියට කාමච්චෝඩේ මාකට් එක වගේ යැයි කියාය.
නැතිනම් මන්ත්‍රිවරුන්ගේ කාමරේ නිතිවිරෝධි විදියට පාවිච්චි කරන්න එයාට තියෙන අයිතිය මොකද්ද?
කෙසේ වෙතත් මේ තත්වය ගැන නගරාධිපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි මීගමුවේ පුරවැසියන් බලා සිටියද රාජපක්ෂ පාලන සමයේ නිතිය එහෙම පිටින්ම වල්වැදි තිබුණ හෙයින් නගරාධිපතිවරයාච මීක් කිවේ නැත.

Comments

comments