Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Stories » පොල් අර්බුදය මඩින්න හලාවත වැවිලි සමාගමෙන් සහන මිලට පොල්

පොල් අර්බුදය මඩින්න හලාවත වැවිලි සමාගමෙන් සහන මිලට පොල්

coconut-harvestදිවයින පුරා ඇතිවී තිබෙන පොල් හිඟය නිසා පාරිභෝගික ජනතාවට විඳින්නට සිදු වී ඇති අපහසුතාවය මගහැරවීම සදහා හලාවත වැවිළි සමාගම විශේෂ වැඩ පිළිවෙලක් සුදානම් කර ඇති බව සමාගමේ සභාපති ආසිරි හේරත් මහතා සදහන් කරයි. එහි පළමු පියවර ලෙස සතොස හරහා රු.65  සහන මිලට අළෙවි කිරීමට සහ ඍජුවම පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට මාළු පොල් ලක්ෂ 3 ක් ලබා දීමට සමාගම කටයුතු කර ඇත. පසුගිය නත්තල් සමයට සමගාමීව සමාගම මගින් පොල් ගෙඩි 75000ක් සතොස හරහා ලබා දී ඇති අතර ඊට අමතරව කොළඹ අවට රජයේ කාර්යයාල ප්‍රාදේශීය ලේකම් කාර්යයාල ආදී මහජනයා රැස්වන ස්ථාන වලදී පොල් ගෙඩි ලක්ෂයක් පමන සහන මිලට බෙදා හැරීමට කටයුතු කර ඇත.
පොල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට විසදුම් සෙවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජීවන වියදම් කමිටුවට ලබා දී ඇති උපදෙස් වලට අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ මගපෙන්වීම මත ලාභ නොලබා ජනතාවට සහන මිලට මාළු පොල්  සැපයීමට හලාවත වැවිලි සමාගම මෙම පියවර ගනු ලැබු බව ආසිරි හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
හලාවත වැවිලි සමාගම ශ්‍රි ලංකාවේ ඇති විද්‍යාත්මකව හා ලාභදායී ලෙස කළමණාකරණය කරන පොල් පදනම් කරගත් ප්‍රධාන වැවිලි සමාගමක් වන අතර  සමාගම සතු වතු 6 කට අයත් අක්කර 16000 ක පමන ඉඩම් ප්‍රමාණයක් පොල් වගාව සදහා ප්‍රමුඛාතාවය ලබා දී ඇත.

මීට ඉහත සමාගමේ පොල් අස්වැන්න පොල් සංවර්ධන මණ්ඩලයේ වෙන්දේසිය මගින් අලෙවි කල අතර ඍජුවම පාරිභෝගිකයන්ට පොල් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සදහා අවශ්‍ය පහසුකම් කිසිවක් නොතිබිණි. නමුත්  රට පුරා ඇති වු පොල් හිගය නිසා සමාගම මැදිහත් වී ඍජුවම පාරිභෝගිකයන්ට සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කල බවත් මේ වන විට එය ඉතා සාර්ථක තත්වයක පවතින අතර ඉදිරියේදී එය ක්‍රමයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර මහතා පවසයි.
දැනට පොල් හිඟය පවතින ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාල හෝ පිලිගත් සංවිධාන මගින් කරන ඉල්ලීම් සලකා බලා පවතින තොග අනුව සහන මිලට මාළු පොල්  සැපයීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


චන්දන විජේබන්ඩාර

Comments

comments