Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Editor's Choice » බැකෝ යන්ත්‍රයක් ඇඟ මතට පෙරළීමෙන් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

බැකෝ යන්ත්‍රයක් ඇඟ මතට පෙරළීමෙන් පාසල් දරුවෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, මුලංකාවිල් ක්‍රිෂ්ණා කෝවිල අසළදී මාර්ග‍යේ ගමන්ගත් බැකෝ යන්ත්‍රයක් පාසල් දරුවෙකුගේ ඇඟ මතට පෙරළීමෙන් දරුවා ඊයේ(09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති  බව මුලංකාවිල් පොලිසිය පවසයි.
මුලංකාවිල් පොලිසිය පැවසූවේ දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ බැකෝ රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගය අයිනේ ගමන්කළ දරුවාගේ සිරුර මතට බැකෝ යන්ත්‍රය පෙරළි ඇති බවයි.
අනතුරින් මුලංකාවිල් ප්‍රදේ‍ශයේ පදිංචි උදයකාන්තන් ප්‍රසාද් නමැති 14 හැවිරිදි පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද  සඳහන් කරන පොලිසිය අනතුරින් 40 හැවිරිදි බැකෝ යන්ත්‍රයේ රියදුරුද තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Backo 03 Backo 01
බන්ධුල සෙනෙවිරත්න - වව්නියාව

Comments

comments