Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Stories » දැල් එලීම…!

දැල් එලීම…!

received_10155757546061014

මුහුදේ, කලපුවේ සහ ජලාශ වල මසුන් ඇල්ලීම සඳහා ඉතා බහුලව භාවිතා කරන ක්‍රමය වන්නේ ‘දැල් එලීමයි’. ඇල්ලීමට අපේක්ෂා කරන මාලුවා සහ ඉස්සාගේ ශරීරයේ ප්‍රමාණය (size of the fish)අනුව මේ සදහා විවිධ දැල් වර්ග පාවිච්චි කරයි.
හාල් මැස්සන් සදහා ඉතා කුඩා ඇස් ඇති දැල්ද, හුරුල්ලෝ,සාලයෝ සදහා ඊට තරමක් ලොකු ඇස් ඇති දැල්ද, තෝරු මෝරු සදහා වඩා විශාල ඇස් ඇති දැල්ද ධිවරයෝ භාවිතා කරති.

ඈත මුහුදේ ලොකූ බෝට්ටු වලින් දැල් එලීමේදී සැතපුම් ගණන් දිගට මුහුදේ දැල් එලනු ලබයි. එසේ එලන දැල නිෂ්චිත කාලයකට පසු නැවත බෝට්ටුවට හෝ තෙප්පමට පටවා ගන්නා ධීවරයෝ මසුන් සමගම දැල් මිටිය ගොඩට ගෙනවිත් දැලෙන් මාලු හෝ ඉස්සෝ ඉවතට ගනිති.received_10155757546201014

නොගැඹුරු මුහුදේ මෙසේ දැල් එලීම සදහා කුඩා බෝට්ටු සහ තෙප්පම් භාවිතා කරන ධීවරයෝ ඈත ගැඹුරට යාමට අඩි හතලිහේ බෝට්ටු හෝ ටෝලර් යාත්‍රා උපයෝගී කර ගනිති.

මේ දිනවල බස්නාහිර මුහුද ඉතාමත් සන්සුන්ව (වලාලව)පවතින බැවින් මුහුදේ දැල් එලීමට යන කුඩා ධීවර බෝට්ටු සහ තෙප්පම් බොහෝසෙයින් දැක ගත හැක.

අරුණ ශාන්ත නෝනිස්

Comments

comments