Wednesday, May 23, 2018
Breaking News
You are here: Home » Stories » මේ ගොඩනැගිල්ල අයිති නිමල් ලංසාටද ? මහනගර සභාවටද ? නාගරික කොමසාරිස්තුමෙනි ඔබේ අවධානය පිණිසයි !

මේ ගොඩනැගිල්ල අයිති නිමල් ලංසාටද ? මහනගර සභාවටද ? නාගරික කොමසාරිස්තුමෙනි ඔබේ අවධානය පිණිසයි !

IMG-20180116-WA0004මීගමුව පෝරුතොට පාරේ පළගතුර ප්‍රදේශයේ පිහිටි මීගමුව මහනගර සභාවට අයත් යැයි සැලකෙන භූමියක ඉදිකළ ගොඩනැගිල්ලක් මේ වන විට පාර්ලිෙම්න්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් බලහතාකාරයෙන් අයිතිකරගෙන දැන් එහි මැතිවරණය කාර්යාලයක්ද පවත්වාගෙන යමින් සිටි.
මීට කලින් ද අප විසින් හෙළිදරව් කළ පරදි මේ ගොඩනැගිල්ල එවකට නගර සභාවෙ සිටි නාගරික මන්ත්‍රිවරයෙකු වන ඇල්බට් පෙරේරා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ ඉදිකර තිබේ.
ඒ අනුව මේ ගොඩනැගිල්ල අයිතිවන්නේ මීගමුව මහනගර සභාවට විම ඉතා පැහැදිලිය.
එහෙත් මෙහි නිසි අයිතිය ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් නිසි පරිදි මහ නගර සභාව විසින් පවරා නොගැනිම නිසා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක බරපතල නීති කැඩිමක නිරතව සිටි.
මීගමුව නගරයේ දේපල  වසර 14 ක් තිස්සේ සිදුකරන ලද කොල්ල කෑ බවට චෝදනා රැසකට දැනටමත් එල්ලව ඇති ලංසා පවුල යළිත් නගරයේ පාලනය ඉල්ලා සිටින්නේ මේ නගරයේ ඉතිරි සම්පත් ටිකද කොල්ල කෑමට බව කියන්නට දැන් වෙනත් සාධක ඇවැසි නොවේ .
මේ ගොඩනැගිල්ල පිළිබදව දැනටමත් පැමිණිලි ගණනාවක් අදාල වගකිව යුතු අංශ වෙතට යොමුව ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අය විසින් නීතිය ක්‍රියාත්මක කළ ද නොකළද මීගමුවේ ඡන්ද දායකයන් හට ලංසා පවුල ගැන අප දශකයකටත් වැඩි කාලයක් තිස්සේ කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් ඔවුන් විසින්ම දැන් රෙදි ගලවාම පෙන්වා නිරුවත පෙන්වා ලමින් ඔප්පු කර හමාරය.
මීගමුවව තුල පළාත් පාලනය මැතිවරණය යනු රාජ්‍ය දේපල දශකයකටත් අධික කාලයක් තිස්සේ කොල්ල කෑ පවුලිකින් මීගමු නගරය ගලවා ගැනිමේ සටහනි.
හෘද සාක්ෂියක් ඇකි කිසිවෙකුත් යළිත් වරක් මීගමුවේ සම්පත් කොල්ල කෑමට ඉඩලබාදෙන කිසිදු තීන්දුවකට කිසිදු ඉඩක් නොතබනු ඇති යන්න අපගේ විශ්වාසයයි.

Comments

comments