Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Negombo Heritage » කලාකරුවන් ඇගයීමේ ‘කලාකරු සුවදම් ‘ වැඩසටහන

කලාකරුවන් ඇගයීමේ ‘කලාකරු සුවදම් ‘ වැඩසටහන

සංසකෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියගේ සංකල්පයකට අනුව කලාකරු සුභසාධනය උදෙසා ඇරඹූ වැඩසටහනක් වන කලාකරු සුවදම් වැඩසටහන 2018.01.09 සහ 10 දිනයන් තුළ මීගමුව ප්‍රාදේශිය ලේකම් ඒ.කේ.ආර් අලවත්ත මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් ශානිකා ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කර , මේ වන විට ජීවිතයේ සැඳෑ සමග ගෙවන්නා වූ, කලාකරුවන්ගේ වාසස්ථාන වෙත ගොස් , ඔවුන්ගේ සුව දුක් විචාරමින් සහ ඔවුන්ගේ අනාගත කලා කටයුතු උදෙසා ලබා දිය හැකි පහසුකම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙම වැඩ සටහන මගින් සිදු කෙරුනි. 20180109_154751 20180109_154808 20180109_154813 20180109_154958 20180110_100101 20180110_103940 20180110_142447 20180110_145101 20180110_151206

Comments

comments