Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Editor's Choice » රථවාහන අංශයේ ස්ථානාධිපතිගෙන් ආදර්ශයක්

රථවාහන අංශයේ ස්ථානාධිපතිගෙන් ආදර්ශයක්

DSC_0037 new

ඊයේ  රාත්‍රි   2.00ට  පමණ  ගල්කන්ද   හංදියේදී   සිදුවු  රිය  අනතුරකින්   පුද්ගලයෙකු  මරණයට  පත්වු බව   මීගමු  පොලීසියෙන්  වාර්ථාවේ.  මෙම පුද්ගලයා   යටවී  ඇත්තේ  කොලඹ  සිට  පැමිණි  කන්ටේනරයකටයි.  මෙහිදී  කිසිවෙකු  පොලීසියට  මේ  පිළිබඳව  දැනුම් දී ඇති  අතර  විගස  ක්‍රියාත්මක  වු   රථවාහන  අංශයේ   ස්ථානාධිපති  ගජනායක  මහතා  තමරිය  පදවාගෙන  මෙම  ස්ථානයට  පැමිණ ,  ගිලන්රථයක්  ගෙන්වා   ගැනීම  සඳහා  නවලෝක  පුද්ගලික  රෝහලටද  අමතා ඇති  නමුත්  එය නිෂ්ඵල වී ඇත. ඒ නිසා  වහා  ක්‍රියාත්මකවු   ගජනායක  මහතා  මියගිය   පුද්ගලයා   තම  වාහනයට  නංවාගෙන   රෝහලට  ගෙනැවිත්  භාරදී ඇත.  මෙය  පැසසියයුතු   ක්‍රියාවකි.   එසේම   මෙය   පොලීසියේ   අනෙකුත්  නිලධාරීන්ටද   ආදර්ශමත්  පාඩමකි. ඒනිසා  උසස්  නිලධාරියෙකු   විසින්  කරනලද   උසස්   ක්‍රියාවක්  ලෙස  අප  මෙසේ  සටහන්  තබමු.

Comments

comments