Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Editor's Choice » අවයව දන්දෙන්නන් වීරයන් ලෙස සැලකීමට මුලපුරමු.

අවයව දන්දෙන්නන් වීරයන් ලෙස සැලකීමට මුලපුරමු.

වීරයන් වන්නට අපිත් සමග එකතු වන්න.
වීරයන් වන්නට අපිත් සමග එකතු වන්න.

අවයව දන්දීමේ ආකාර දෙකක් ඇති බව මේ වන විට අප සියළු දෙනාම දන්නා කරුණක්. ඒ ජීවත්ව සිටියදී දන්දීම හා මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව දන්දීම වශයෙනි. ජීවත්ව සිටින පුද්ගලයෙකුට තමන්ගේ වකුගඩුවක්,අක්මාවේ කොටසක් වැනි ඉන්ද්‍රීයයන් දන්දීමේ හැකියාව ඇති අතර යමකිසි ආකාරයකින් මොළය මියගිය පුද්ගලයෙකුට වකුගඩු ,අක්මාව,අතුනුබහන්,අක්ෂි පටක,පෙනහළු,හදවත හා අස්ථි ඇටමිදුළු දන්දීමේ හැකියාව ඇත. ඒ අනුව සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් පවසන ආකාරයට හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා මොළය මියගිය පුද්ගලයෙකුට ( නිරෝගී පුද්ගලයෙකුට) සිය අවයව දන්දීමට කැමැත්ත පලකිරීම මගින් ජීවිතය අයදින තවත් පුද්ගලයන් 8 දෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතී. ඒ හේතුවෙන් මෙරට හදිසි අනතුරු වැනි හේතූන් මගින් ජීවිත අහිමිවන පුද්ගලයන් සිය අවයව දන්දුන්නේනම් මේ  වන විට දිවයින පුරා ඇති අවයව හිගයට පිලියම් සැපයෙන බව සංඛ්‍යාලේඛන මගින් හෙලිවී ඇත.

එම නිසාම මෙම අවයව දන්දීමේ ඇති වැදගත්කම පිලිබදව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 18 වනදා ශ්‍රී  ජයවර්ධණපුර රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රධාන වශයෙන්ම මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව දන්දීම පිලිබදව අවධානය යොමුකෙරන අතර අවයව දන්දීමට කැමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමද ඒ අවස්ථාවේදීම සිදුවීමට නියමිතය.

එලෙසම මොලය මිය ගිය විට දන්දීමට අමතරව ජීවත්ව සිටියදී අවයව දන්දීම පිලිබදවද සමාජය තුල විශාල කථිකාවක් ඇති කිරීම සිදුකල යුතුමය. ඒ සදහාද මේ වන විට රාජ්‍ය අංශයේ අවදානය යොමුවී ඇති අතර එසේ අවයව දන්දෙන්න්ට මෙන්ම අවයව දන්දුන් පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් සමාජය තුල විශේෂිත ප්‍රතිලාභයන් ඇති කිරීමට ඇති හැකියාව පිලිබදවද මේ වන විට සකච්ඡා පැවැත්වෙමින් පවතින අතර නුදුරේදීම අවයව දන්දෙන්නන් වීරයන් වශයෙන් සැලකීමට සමාජය මුලපුරනු ඇතැයි kidneyinfolk.com අපි තරයේ විශ්වාස කරන්නෙමු.
kidneyinfolk.com

Comments

comments