Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Articles » පෙරියමුල්ලේ මහින්ද විරෝධි මුස්ලිම් ජනමතයට පයින් ගසා ෆරිස් ලංසාට හේත්තු වෙයිද ??

පෙරියමුල්ලේ මහින්ද විරෝධි මුස්ලිම් ජනමතයට පයින් ගසා ෆරිස් ලංසාට හේත්තු වෙයිද ??

Faris MP(11.15 am ) පෙරියමුල්ල යනු මීගමුවේ ප්‍රබලතම ව්‍යපාරික පංතිය පදිංචිව සිටින කොට්ටාශයයි. මේ කොට්ටාශයේ සිටින අතිබහුතරයක් දෙනා අතර ඇත්තේ බරපතල මහින්ද විරෝධයකි.
මේ නිසාම මෙවර පොහොට්ටුවෙන් තරග වැදුන ස්වාධින කණ්ඩායමක් නියෝජනය කරන මුස්ලිම් අපෙක්ෂකයෙකුට එරෙහිව ශ්‍රිලනිපයෙන් තරග වැදුන ෆරිස් ප්‍රමුඛ කණ්ඩායම පෙරියමුල්ලේ ජනතාවට කියා සිටියේ මාළුවාගෙන් ඉල්ලන අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ බැවින් කිසිවෙකුත් මාළුවාට ඡන්දය නොදිය යුතු බවය.
මේ අකාරයෙන් ප්‍රබල මහින්ද විරෝධයක් මතින් කොට්ටාශය ජයගත් හිටපු නාගරික ම්න්ත්‍රි ෆරිස් මහතා දැන් නිමල් ලංසාට එකතුවිමට ඇති සුදානමක් ගැන ප්‍රබල කථා බහක් මේ වන විට පොදුවේ මුස්ලිම් සමාජය තුලත් මිගමුව පුරාත් කථාබහට ලක්වෙමින් තිබේ.Faris 2
ජනප්‍රිය දේශපාලකයෙකු වු ෆරිස් සිය දේශපාලනික සියදිවි හානිකරගැනිමේ දිසාවට මෙවර හැරි ඇත්නම් එය ඔහුගේ දේශපාලන ගමන් මගේද අවසානයම වනු ඇත.
මහින්ද විරෝධය උඩ දමා තොරම්බල් කර එහි වාසියෙන් ජයගෙන යළිත් මහින්දට ලගට යන්නේ නම් එවැනි දේශපාලකයන්ට මුස්ලිම් සමාජය තුල කිසිදු ඉඩක් නැතැයි නම හෙළිකිරිමට අකමැති වු ප්‍රබල ව්‍යාපාරික මහතෙකු මිපුර අමතා කියා සිටියේය.Faris and saka

Comments

comments