Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Interviews » යකඩෙන් සහ ගින්දරෙන් ජීවිතය පණ පොවන කොස්තා

යකඩෙන් සහ ගින්දරෙන් ජීවිතය පණ පොවන කොස්තා

2සටහන – සැම්සන් ඥානසිරි

පිහියක්,  කැත්තක්,  උදැල්ලක්  තනවා  ගැනීමට   අවශ්‍යවූවිට අප   කම්මලට  යන  අතර  එහි  සිටින   ඉතා  වෙහෙස  මහන්සියෙන්  කටයුතුකරන මිනිසෙකු   දැඩි   මහන්සියක්  දරා  අපේ  එම  අවශ්‍යතාවය  ඉටුකර දෙයි. අප  ඔහු  හඳුන්වන්නේ  කම්හල්කරු  යන  වදනින්ය.
එකල ‘ ලෝකුරු’   යනුවෙන්ද   හදුන්වන  ලද්දේ   මේ  කම්මල්කරුය. ගමක  එවැනි  කම්මල්කරුවෙක්    සිටින   අතර   ගමේ  මිනිස්සුන්ට  අවශ්‍ය  කෘෂිකාර්මික   උපකරණ   තනවා  ගන්නේ  මොහු  ලවාය.
හේන්  එළි පෙහෙලි  කරගත්තේ  මොහු  සෑදූ  කැත්තේ  පිහිටෙනි.
කුඹුර  කොටාගත්තේ   මොහු  සෑදු   උදැල්ලේ   පිහිටෙනි.
කුඹුර  සීසාගත්තේ   මොහු   සෑදූ  නගුලේ  පිහිටෙනි.       කුඹුරේ   අස්වැන්න   නෙලාගත්තේ   මොහු  නිපදවූ  දෑකැත්තේ   පිහිටෙනි.    මේ නිසා   මුල්කාලයේදී  යම්  ආධිපත්‍යක්  තිබුනද  පසුකාලීනව  ජීවිතය  දුකසේ    ගෙවා  දැමීමට   බලකෙරුණු  තත්වයක්    මොහු  අභියස  විය.  මෙය  පිය  පරම්පාවෙන්    උරුමවන්නකි.  මෙම  පාරම්පරික  කර්මාන්තය   අද වන විට  අභාවයට  යමින්   පවතී.  නමුත්  අදද  තැනින්තැන   කම්මල්   වැඩෙහි  යෙදෙන   අය  අපට  මුනගැසේ. දළුපත   පිල්ලෑවපාරේ   කුඩා  හරස්  පාරක  පාර  අවසන්    වනතැන   මෙවැනි  කම්මලක   තම  දිවිගැටගසා  ගැනීම  උදෙසා    යකඩ   සහ  ගින්දර   සමග  හැප්පෙන  මෙවැනි  අයකු   සමග  කථාබහක  යෙදෙන්නට   අපට  හැකිවිය. ඔහු  නමින්  බෙනඩික්   කොස්තා  නම්විය. වයස  අවුරුදු  60  ක්පමණවන  මොහු  දරුවන්  දෙදෙනෙකුගේ  පියෙකි.  තැලීමට  නියමිත  යකඩ  කැබැල්ල    ලිපමත  තබා   යකඩය  රත්වෙන්නට  හැර   අපසමග  දොඩමළුවූයේ  මෙසේය.

ඔබ  කොහොමද  මේ  රස්සාවට   යොමුවුනේ?

අපේ  තාත්ත   කළේ  කම්මල්  වැඩ.  මම  අවුරුදු  15  වයසෙ  ඉදල  තාත්ත   කරන  වැඩ  දිහා  බලන්  ඉදල  තමයි  මේ  රස්සාව  පුරුදුවුනේ. පිරිමින්ට  හිටියෙ  මමයි  අයියයි.  මම විතරයි  මේක  පුරුදුවුනේ.  පවුළෙ  අනිත්  අය  අක්කල  3යි  නංගියි .   අපේ  සීය  දක්ෂ  කම්මල්  කාරයෙක්.  එයා  හදල තියෙන්නෙ  තුවක්කු.
එයාට  ලැයිසන්  එහෙම  තිබුනලු.

මොනවද  වැඩියෙන්  හදන්නෙ? 

පිහිතමයි  වැඩියෙන්  හදන්නෙ. විවිධ  හැඩයෙන්  පිහි  හදාගන්න  කට්ටිය  එනව.  සාමාන්‍යයෙන්  එක  පිහියක්  මිටත් ගහල  හදල  ඉවරකරන්න   පැය  3ක්වත්  යනව.  තනියෙන්නෙ   වැඩකරන්නෙ.  අමාරුම  වැඩේ  යකඩෙ  තලන  එකයි. ලී  මිටට  විල්ලක්  දානව  තදවෙන්න. සමහර  වෙලාවට  විලි  දෙකක්  දානවා.

කොහොමද   ඒක  කෙරෙන්නෙ?

මුලින්ම   යකඩකෑල්ල   ලිපට  දාල  මයිනහම  අදිනව.  ඒ  හුළගට   යකඩය  ගිනියම්  වෙනව.  ඊලගට  ඒක  කිණිහිරිය  උඩ  තියල   මිටියෙන්  තලනව.  හැඩේ  ගන්න  පොඩි  මිටියත්  පාවිච්චි  කරනව.  පීරකින්  ගානව.  ආපහු  රත්කරල  පණපොවනවා .

ඒගැන  විස්තර  කළොත්……

ක්‍රම  දෙකකට   පණපෙවීම  කරන්න පුළුවන්.   එකක්  වතුරෙන්   පණපෙවීම  අනික  තෙලෙන්  පණපෙවීම(පොල්තෙල්  හෝ  එන්ජින්  ඔයිල්) පණපෙවීමේ දී   රත්කරනලද   ආයුධයේ  අදාල  කොටස  ඉහතකී   වතුරේ  හෝ  තෙලේ  ගිල්වා  ගත  යුතුයි. මෙහිදී  පැවතිය යුතු   උෂ්නත්වයේ   ප්‍රමාණයක්  තියෙනවා. වානේ  වුවද  තද  ක්‍රම  දෙකකට   පණපෙවීම  කරන්න පුළුවන්.   එකක්  වතුරෙන්   පණපෙවීම  අනික  තෙලෙන්  පණපෙවීම(පොල්තෙල්  හෝ  එන්ජින්  ඔයිල්) පණපෙවීමේ දී   රත්කරනලද   ආයුධයේ  අදාල  කොටස  ඉහතකී   වතුරේ  හෝ  තෙලේ  ගිල්වා  ගත  යුතුයි. මෙහිදී  පැවතිය යුතු   උෂ්නත්වයේ   ප්‍රමාණයක්  තියෙනවා. වානේ  වුවද  තද  හා  බුරුල්  යනුවෙන්  වර්ග  දෙකක්  තියෙනවා. ඒ අනුවද  උෂ්නත්වය   වෙනස් විය යුතුයි.

මේ රස්සාවෙන් ජීවත් වෙන්ඩ පුලුවන්ද?

ප්‍රධාන  වැඩේ   දරුවන්ට  උගන්වන  එක. හැබැයි  මේ  රස්සාව  නෙවෙයි.  මේ  සියළු  කටයුතු  කරන්නෙ   මේ  රස්සාවෙන්  තමයි.  දැන්   මගේ  වයසත්  එක්ක  වැඩකිරීම  ටිකක්  අමාරුයි. මටදැන්  නිතරම  පපුවෙ  අමාරුවක්  හැදෙනවා. රෑට  පෙත්තක්  බීල තමයි  නිදාගන්නෙ.   ඒ හැදිල  අවුරුදු  20ක්විතර වෙනව. මේක  හොදකරන්න බෑ. හොද කරන්න නම්  වැඩනොකර  ඉන්න ඕන. ඒ වගේම  අතේ  අමාරුවකුත්  තියෙනව. මගෙන්  පස්සෙ  වෙන  කව්රුත්  නෑ මේ  රස්සාව කරන්න. 3 4

කම්මලේ   තනි  අයිතිකරු  ඔහුය.  මයිනහම,  කිණිහිරිය,  මිටිය, අඩුව,  ඔහු  සතු  පුද්ගලික  දේපළය.නමුත්  තම  මහන්සියට  සරිලන  ආදායමක්  නොලබන  කුසට  නිසි  ආහාරයක්  නොමැතිව  කිණිහිරිය  මත  ඇති  යකඩයට  තම  වෙරවීරිය  යොදා  පහරදෙන  මේ  මිනිසාට  උරුමවන්නේ   සුවකළ නොහැකි  ලෙඩරෝග පමණි. අදවනවිට  මෙම  ශිල්පීන් ගේ හැකියාවන්  සහ  දක්ෂතාවයන්  යට කරමින්  නවීන  තාක්ෂණය  ඉදිරියට  පැමිණ  ඇත. පැරණි  කම්මල  වෙනුවට  ලොකු  කර්මාන්තශාලා   බිහිවීඇත.  අපේ   දුප්පත්   තනි  කම්මල්කරු  වෙනුවට   විශාල  ශිල්පීන්  ප්‍රමාණයක්   වැඩ   කරන   විශාල  ආදායමක්  උපයාගන්නා  ධනපතීන්   මේ  තැනට  පැමිණ  ඇත.

 ආචාර්්‍ය  නන්දදේව  විජේසේකර  මහතාගේ  ලංකාජනතාව  නම්  පොතේ  මේ  පිළිබදව  සදහන් කරන්නේ  මෙසේය.   හැම  ගමකම කම්මලක්  ඇත.  පොල්අතු සෙවෙනිකළ  මඩුවක  කිණිහිරිය,  මිටිය, උදුන  හා  මයිනහමක්ද  ඇතිවූ  විට  එය  කම්මලකි.ගමේ  ලෝකුරුවාගේ  හෙවත්  කම්මල්කාරයාගේ  සේවා නම්  පිහියා,කැති, අලවංගු,  හිරමණ,කරත්ත  පට්ටම්  සෑදීම  හා  හරකුන්ට   ලාඩම්  ගැසීමත්ය. තවදුරටත්  එහි  මෙසේ  සදහන්වෙයි.ලෝකුරුවා  නැවත  නැවත  උණුකිරීමෙන්  හා  තැලීමෙන්  වැඩකරයි.ඔහු පිහියක් සාදන්නේ  එලෙසිනි.යකඩ  කැබැල්ලකින් හතරෙන්  පංගුවක්  පමණ  දෙකට පලා  හතරෙන්  පංගුවක්  මිටගැහීමට  ඉතුරුකරයි. පැළූ විවරයට  වානේ  කැබැල්ලක්  යොදනු  ලැබේ.මෙය රත්පැහැගැන්වෙනතුරු  ගින්නේලා  උණුකරනු  ඇත.උස්වූ  කණ්ඩියක පොල්කටු  අගුරින්  ගින්න  සාදති.ආදී  වශයෙන්    පැරණි   කම්මලක්   පිළිබදව  විස්තර  සදහන්වේ.2

පොල්කටු  කැබලි  දමා  සකසාගත්   ලිප  අවුළුවා  ගන්නේ    මයිනහම  ඇදීමෙනි.  ඉන්පසු  ගිනියම්වූ   යකඩය    කිනිහිර    නම්වු   විශාල   යකඩය  මත  තබා   මිටිය  දකුනතින්  ගෙන   තලන්නට  පටන්  ගනියි.  යකඩය   ක්‍රමානුකූලව   හැඩගැන්වෙන්නේ  ඉන්පසුවය.  ඉන්  නිමවන්නේ   පිහියක්   නම්  ඊට   මිටක් ද    සවිකර    තමකටයුත්ත  නිමා කරයි.  මෙහිදී  සිරුරේ   සියළු  අවයව   වෙහෙසට  පත්වෙයි.6 5 9 7 8


 

Comments

comments