Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Interviews » ‘සැරද සහෝදර ‘ සමඟ නව ගමනක යෙදෙන ‘සමන් ‘

‘සැරද සහෝදර ‘ සමඟ නව ගමනක යෙදෙන ‘සමන් ‘

කේ.  සමන්  තුෂාර   මීගමුවේ   නාට්‍ය  ක්ෂේත්‍රයේ   සටහන් වන  තරුණ   නාට්‍යකරුවන්  අතර  සිටින   එක්  නාට්‍යකරුවෙකි.  අප්‍රියෙල් මස  08 වන දින  වේදිකාගත  වීමට  නියමිත  ‘සැරද  සහෝදර ‘ වේදිකා  නාට්‍ය   නිමිති  කර  ගනිමින්    ඔහුගේ  නිර්මාණ ජීවිතයේ  වට පිටාව  ගැන   පිළිසඳරක  යෙදුනෙමු.

කේ. සමන් තුෂාර

????????????????????????????????????

????????????????????????????????????

ඔබ  කලාවට  යොමු වුනේ  කොහොමද ?

කලාව  කියන  දේට  යොමුවුනේ   පාසැල්   අවධියේ  පළමු  පංතියේ දි.    නත්තල්  නාට්‍යක්  කළා  ‘මරියතුමිය  සහ  ජුසේතුමා ‘ කියල.  ඒකෙදි  ජුසේතුමාට  රඟපාන්න  මට අවස්ථාව  ලැබෙනව.  ඊට පස්සේ  ල. ක්‍රි. වි  කියන  ප්‍රාදේශීය  සංගයත්  එක්ක  එකතුවෙලා  නාට්‍යක්  කරනව.  ඒක  බයිබල්  කථාවක්  ඇසුරින්  අකීකරු  පුත්‍රයා  කියන  නාට්‍ය  තමයි  රඟදක්වන්නෙ  6 වසරෙදි. ඊට  පස්සෙ  පාසැලේ  ත්‍යාග ප්‍රධානෝත්සවයට  හැම අවුරුද්දකම  නාට්‍යක්  අපිකරනව.  ඒ  පංතියේ  නාට්‍යට  මූලික තැන  ගන්නෙ  අපිමයි.
ගුරුවරුන්ගෙ  මඟපෙන්වීම  තිබුනට  නාට්‍ය  හදන්නෙ  අපිමයි.  ඒ  නිසා  කණ්ඩායම  එකතුවෙල  නාට්‍ය  හදනව. නමුත්  නාට්‍යයක්  කින්නෙ  මොකක්ද? නාට්‍යකින්  මොකක්ද  කෙරෙන්න  ඕනෙ කියන  කිසි  විස්තරයක්  අපි දන්නෙනෑ. 9 පංතියට  ආවහම  ඒ ගැන හොයන්න  ආශාවක්  ඇති වෙනව.  ඒගැන  හොයන්න  තමයි  ඉස්සෙල්ලම  අපි   ජනාවබෝධය  නැත්නම්  ක්‍රිස්තු  නිවාසයට  ගොඩවෙන්නෙ.
9 පංතියෙ  හිටපු  ළමයි   6,7 දෙනෙක්   එකතුකරගෙන  ජනාවබෝධයට  යනව  නාට්‍ය  ඉගෙන ගන්න.  හැම  බදාදාවකම  සවස  3.00ට  ඒක  භාරව  හිටියෙ  රෝයි  රුද්‍රිගු    මහත්මයා.   එහෙදි  තමයි  නෙවිල්  ද සිල්වා  හමුවන්නෙ. නෙවිල්  ද  සිල්වා  එක්ක  සම්බණ්ධවෙල ප්‍රාදේශීය  මට්ටමින්   පොඩි පොඩි  නාට්‍ය  කළා.ඒඅතරතුර  රිචඩ්  මානමුදලි  අපි එක්ක  සම්බන්ධ  වෙනව. වීදි නාට්‍ය  තමයි  ඉස්සෙල්ලම  කළේ.අවුරුද්දට  20,30ක්  විතර  නාට්‍ය  කළා. ඒ  කරල  අවසාන  කාලෙ  වෙද්දි   ප්‍රසිද්ධ වේදිකාවට  අඩිය  තියන්න  හම්බ වෙනව  මනුසත්තු  නාට්‍ය  හරහා.  ඒකෙ  සහායක  නිෂපාදන  කළමනාකරු  විදිහට  වැඩකරනව. එතනින්  පස්සෙ  නාට්‍ය   වැඩමුළු  හරහා  ෆීල්ඩ්  එකේ  වැඩ කරගෙන  යනව.

මෙතෙක්  කරන  ලද  කලා කටයුතු  කොහොමද?

මං හිතන්නෙ  මනුසත්තු  නාට්‍යයෙන්  ආරම්භ  කරල දෙබිඩි  නාට්‍යයේ  වැඩකරල  ඊට  පස්සෙ  සීතමාළිගා  නාට්‍යයේ  නිෂ්පාදන  කලමනාකරු  හා  ප්‍රධාන නළුවා  බවට  පත්වෙනව. ඊට පස්සෙ  මගේම  නිර්මාණයක්  කරනව   2008දි  ධර්මසංග්‍රාමය  කියල. ඒකෙ  නිෂ්පාදනය, අධ්‍යක්ෂණය  ඇතුළු  සම්පූර්ණ  වගකීම  මං  භාර ගන්නව.ඒක  දේශපාලන  පසුබිමක්  ගත්ත  නාට්‍යක්. 2014දි   කඳවල  ජනතාවගෙ   සහභාගීත්වයෙන්   ‘කුරුසියේ  ගමන’  කියන  පාස්කු  නාට්‍ය  අධ්‍යක්ෂනය  කරනව.මාස  3ක  පුහුනුවකින්  පස්සෙ  රංගන ශිල්පීන්  200ක්  සම ඟ කුරුසියේ  ගමන  නාට්‍ය  ප්‍රදර්ශනය  කරනව.ඉන් අනතුරුවයි  ‘සැරද  සහෝදර’  නාට්‍යනිර්මාණය  කිරීමට  සූදානම්  වෙන්නෙ.

‘සැරද  සහෝදර ‘  නාට්‍ය අධ්‍යක්ෂණයට ඔබ ප්‍රවේශ වුණේ කොහොම ද??

මේ  නාට්‍ය  ඉන්දීය  මරාති  ලේඛක අනිල්  බර්වේගේ Thank   You  Mr.Glad  නම්  නවකථාවේ  සිංහල    අනුවාදය  වන  ඩොන්  ප්‍රේමචන්ද්‍ර  සමරසිංහයන්ගේ  නක්සල්වාදියෙකුගේ   කථාවක්  ඇසුරෙන් තමයි මෙය නිර්මාණය වෙන්නේ.  එම  නිර්මාණය  අජිත්  හෑඩ්ලි  පෙරේරා නාට්‍ය  පිටපතක්  බවට  පරිවර්තනය  කරනව.  පිටපත නිර්මාණය වී යම් කාලයක් ගතවූ පසුව තමයි මම මේ නිර්මාණය අධ්‍යක්ෂනය සහ නිශ්පාදනයට යොමු වුණේ.

ඔබේ  කලාකටයුතු  වගේම  ඔබේ  වෘත්තිය  ගැනත්  යමක්  කියන්න  පුළුවන්ද?

මම  කාර්මික  ශිලපියෙක්.කාර්මික  ශිල්පියෙක්  විදිහට  මගේම  ව්‍යාපාරයක්  ආරම්භ  කරගෙන  පවත්වාගෙන  යනව.එහි  නියැලෙමින්  පොඩි පොඩි  මුදල්  ටිකක්  එකතුකරගෙන  වසර  ගනනාවක්  තිස්සේ  ඒ මුදලින්  තමයි  මේ  වේදිකා  නාට්‍ය  නිර්මාණය  කරන්න  පටන්  ගත්තෙ. කාර්මික  ශිලපියෙක්  විදිහට  බෝට්ටු  සම්බන්ධව  අවශ්‍යකරන  ලෝන්  වින්ච්  නිෂ්පාදනය  කරමින්  ඉදිරිගමනක්  යනව  මේ වෙද්දි.

අද වනවිට  පේක්ෂකාගාරයට  පේක්ෂකයින්   කැදවා  ගැනීමේ  අපහසුතාවයක්  තියෙනව.  මේ  ගැන  ඔබේ  අදහස…

හුදෙක්  කිසිම  හරයක්  නැති  කුණුහරප  කියන   නාට්‍ය  තමයි  අපට  පහුගිය  කාලෙ  දකින්නට  ලැබුනෙ.  ඉතින්  මේතුළ  පේක්ෂකයො  වේදිකාවෙන්  ඈතට  යන්න  පටන්  ගත්ත.   මිනිස්සු  අවිවේකී යි.  මට  මතකයි  අපි  ඉගෙනගෙන  තියෙන  ඉතිහාසයේ  ජර්මන් යුද්ධයෙන්  පස්සෙ  ප්‍රේක්ෂකාගාරවල  ප්‍රේක්ෂකයො  නිදාගත්ත.  මොකද  මිනිසුන්ට  ගෙවල්වලට  වඩා  සැනසීමෙන්  මෙවායේ  නිදාගන්න  පහසුයි.  ශාලාවල්  තිබුනෙ. අදත්  ඒ වගේමයි. හරසුන්  නිෂ්පාදන  නිසා  එපාවෙල.  මට  විශ්වාසයක්  තියෙනව  මිනිස්සුන්ට  දැනෙන  නිර්මාණ  බිහිවුනොත්  මිනිස්සු  නැවතත්  ප්‍රේකෂකාගාරයට   එනව.

ඒක රුචිකත්වය  පිළිබද  ප්‍රශ්ණයක්ද   ?

ප්‍රේක්ෂක  රුචිකත්වය  විවිධයි.  නමුත්  ගුණාත්මකභාවය  පිළිබඳ  ප්‍රශ්ණයක්  තියෙනව.
ඉතිහාසයේ  බිහිවුනු  ගුණාත්මක නාට්‍ය  වලට  මිනිස්සු  අදටත්  එනව.

‘ජනපවුර’  සංස්කෘතික  කණ්ඩායමේ  කටයුතු කොහොමද?

ජනපවුර  පටන්  ගත්තෙ  දෙදෙනෙකුගෙන්.   එස්. නෙවිල් ද සිල්වාත්  මමත් මූලික වෙලා තමයි.  අපි  අතරමං  වුනා  දවසක්  කොළඹ  නාට්‍ය  සංගමයක්  අපෙන්  නාට්‍යක්  ඉල්ලපු  වෙලාවක.  මොකද  අපිට    නළුවො  නැහැ. ඊට  පස්සෙ  අපි  තීරණය  කරනව  නෑ ,   අපි දෙන්නට  පුළුවන්  වැඩක්  කරන්න.  ඒඅනුව  අපි දෙන්න  හදාගන්නව   අපි දෙන්න  රඟපාන  නාට්‍යක් . ඒ  නාට්‍ය  පෙන්නල  ආවයින්  පස්සෙ  අපි  තීරණය  කරනව  ඒක  අපි  පල්ලෙහා  පරම්පරාවටත්  ලබාදිය යුතයි  කියල.  ඒ තුළ  තමයි  ජනපවුර  සංස්කෘතික  කණ්ඩායම  බිහිවෙන්නෙ.මං හිතන්නෙ  මේකෙ  සාර්ථක  යුගයක් තිබු ණා.  ඒ  යුගයේ  අපි  සමඟ  විශාල  පිරිසක්  වැඩකරමින්  සිටිය.  ඒ අය දැන්  විවිධ  තැන්වල  විවිධ  නාට්‍ය  නිර්මාණය  කරමින්  යනව.  නැවතත්  අපි  උත්සාහ  කරන්නෙ  මේ  නිර්මාණය  තුළින්  බිහිවන  අපේ  සහෝදර  නළු නිළියන්  එකතුකරගෙන  මේ  ගමන  ඉදිරියටම  යන්න.


සාකච්ඡා සටහන – සැම්සන් ඥානසිරි


‘සැරද සහෝදර’  වේදිකා නාට්‍යයේ ජවනිකා කීපයක්IMG_2962 IMG_2884 IMG_2920-1 IMG_2962 new

 

 

 

 

Comments

comments