Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Articles » ”බයික් එක මගේ ජීවිතේ – අම්මට පස්සේ මගේ ආදරේ ” අම්මාට අහිමි කළ පුත් රුවන ‘ චන්දු’

”බයික් එක මගේ ජීවිතේ – අම්මට පස්සේ මගේ ආදරේ ” අම්මාට අහිමි කළ පුත් රුවන ‘ චන්දු’

29196487_944220002411247_7605163917479772160_nමීගමුව  අක්කර පනහ   ප්‍රදේශයේ කුලරත්න මාවතේදී   අප්‍රේල්   27 වන  දින  යතුරු පැදි  අනතුරකින් චන්දු නිසල් නමැති තරුණයෙකු  මිය ගියේ සිය මිතුරෙකු සමග යතුරු පැදි ක්‍රීඩාවක් හෙවත් ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම්  බයික් එක වීල් කරමින් සිටි  අතරතුරේදීය. ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ  පසුගිය වෙසක් සතියේදී   බයික් එක රේස් කරමින් හැමදාම  ගමන්ගිය පාරේදීමය.    ඔහු මෙම ක්‍රීඩාවට ලෝලියෙකු වූ බවත් එයට සිය ජීවිතයේ ප්‍රධාන තැනක් දී තිබූ බවත් ඔහුගේ මුහුණු පොත  බැලූ විට පසක් කර ගත හැක. එහි එක් ඡායාරූපයක ” බයික් එක මගේ ජීවිතේ – අම්මට පස්සේ මගේ ආදරේ ” යන  වදනක් සදහන් කර තිබුණි.
තමන්ගේ සුපුරුදු යතුරු පැදි  රාජයාගේ වේගය තමන්ට පාලනය කරගත නොහැකි මොහොතක් තමන් වෙත පැමිණෙයි කියා ඔහු කිසිදු මොහොතක නොසිතන්නට ඇත.  ඒ අසල වූ   ආප්ප කඩයක කාන්තාවකටද තුවාල සිදුකරමින්   අසල තිබූ    ලයිට් කණුවේ ඔලුව චන්දු ගේ හිස වැදී පැළද සිටි හෙල්මට් එකද කුඩුවී ගොස් ඔහුගේ විනෝදය එතැනිනින්ම අවසන් කර තිබුණි. උදාවෙන වෙසක් උත්සවය වෙනුවෙන් උඩුවියනේ රැදි වෙසක් සැරසිලි අතර චන්දු වෙනුවෙන් සුදු කොඩි ද ඇද තිබුණි.chandu nnn

22555189_867631770070071_4471049580748578479_n
චන්දුගේ ජීවිතයට ඔහුගේ යතුරු පැදිය විලාසිතාවක් මෙන්ම නැතිවම බැරි සගයෙකු වුවත් ඔහුගේ මෙම ක්‍රීඩාව සමග මරණය ගැටගැසී ඇතැයි ඔහුදැන සිටියේ නැත.
යතුරු පැදියක සාමාන්‍යයෙන් ගමන යන්නේ රෝද දෙකකිනි. ඔහුමේ අවසන් ගමන ගියේ තනි රෝදයෙනි. රෝද දෙකකින් යාමේදී වුවත් මහමග සිදුවන අනතුරු එමටය. එසේ තිබියදී බලාසිටින අය මවිතයට පත්කරමින් කරන මේ  ක්‍රීඩාවේදී  තම ආරක්ෂාව ගැන තදින් කල්පනාවට ගතයුතුය.

මීගමුව ශාන්ත ජෝශප් වීදියේදී ගත් ඡායාරූපයක්

2018 මැයි 02 වනදා මීගමුව ශාන්ත ජෝශප් වීදියේදී ගත් ඡායාරූපයක්

????????????????????????????????????
මේ ඡායාරූපයේ දිස්වන්නේ පසුගියදා මීගමුව නගරයේදී  හිරු නාලිකාවේ තරගයකට සහභාගී වන  මීගමුවේ තරුණයෙකු වෙනුවෙන් පැවැත්වූ රැළියකදී තවත් තරුණයෙකු විසින් සිය යතුරු පැදිය වීල් කළ ආකාරයයි. මේ ආකාරයේ යතුරු පැදි සංදර්ශන සඳහා  පොලිසියෙන් අවසර ගත යුතු අතර හාස්‍ය වන්නේ මීගමුවේම තරුණයෙකු මෙවැනිම ක්‍රිඩාවක් කරන්නට  ගොස් ජීවිතය අහිමි කරගෙන දින කීපයක් ඇතුළත අපට ප්‍රසිද්ධියේම මෙවැනි දේ නරඹන්නට හැකි වීමයි. එමෙන්ම මහජනතාවට ද පිඩාවක් ගෙන දෙන මෙවැනි යතුරු පැදි ක්‍රීඩාවන්  මහජනයා ගැවසෙන ස්ථාන වල සිදුකිරීමට පොලීසිය විසින් ඉඩදී බලාහිදීම ද ගැටළුවකි.
නිවාඩු දින වලදි මීගමුවේ අතුරු මාවත් වල තරුණයින් මේ යතුරු පැදි වීල් කිරීම සිදුකරන ආකාරය අප නෙත ගැටී ඇත. ඔවුන්ගේ දෙමාපියන්ටද දැන් මෙවැනි ක්‍රීඩා වලින් දරුවන් ඉවත් කරගතයුතු කාලය පැමිණ ඇති අතර දෙමාපියන්ට හොරෙන් මෙවැනි ක්‍රීඩා කරන අය සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දිය හැක. පවතින නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් අලුත් නීති පනවා හෝ මෙවැනි මාරාන්තික විනෝදාංශ නැවත්වීමටආරක්ෂක අංශ විසින් පියවර ගත යුතුව තිඛේ. එවිට අකාලයේ අහිමිවී යන චන්දුලා රැකගත හැකි වනු ඇත.

Comments

comments