Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Stories » වෙළෙන්දෝ   පදික වේදිකාව  ආක්‍රමණය  කරති

වෙළෙන්දෝ   පදික වේදිකාව  ආක්‍රමණය  කරති

DSC_0165 - Copy - Copy (2)

????????????????????????????????????

????????????????????????????????????

(3.50pm)මීගමු  නගරයේ   සමහර  වෙළෙන්ඳන්   තම  කඩසාප්පුව ඉදිරිපිට  යම්  හිස්ඉඩක්   තිබේනම්   එය     තමන්ට  අයිති  කොටසක්  ලෙස  සළකා  වෙළඳාම්  කටයුතු   කරති.  එය  පොදු  තැනක්ය  යන හැගීම  ඔවුන්ට  ඇති  නොවේ. මෙවැනි  පදික වේදිකාවට  අදාල  ස්ථාන වල   භාණ්ඩ   වෙළදාම්  කිරීම  මීගමු  නගරයේ  සුළභව  පවතින්නකි.    සමහර  අය  තමන්ගේ  ඉඩම  ලොකුකර  ගැනීම  සදහා  යකඩ  ඉන්නකින්  අගල  අගල  අල්ලා වැටවල්  සකසා  ගන්නාසේ  මෙය  හොරට   කරන  ක්‍රියාවකි.  නගරයේ  පාරවල්  කිහිපයක  මෙලෙස  පදික  වේදිකාව  භාවිතා  කරමින්   වෙළදාම්   කරනු  දැකදැකත්  මේ  පිළිබඳාව  වගකිවයුත්තෝ   නිහඩ  පිළිවෙතක්  අනුගමනය  කරන්නේ  ඇයිද?  යන්න  ප්‍රශ්ණයකි. උදාහරණයක්  ලෙස  කෲස්පාර,  කෙලින්  වීදිය  යන පාරවල්  දෙපස  නිරීක්ෂණය  කළහොත්   එවැනි  තැන්  කිහිපයක්ම  හඳුනා ගත හැක.  සමහරු  රෙදි   විකුණති. සමහරු  ප්ලාස්ටික්  භාණ්ඩ  විකුණති.  කෙසේ  නමුත්  ඔවුන්  මගීන්ට  වන  අපහසුතාවය ගැන  අවධානයක්  දෙන්නේ  නැත.

Comments

comments