Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » News » ත්‍රී ⁣රෝද රථ සංගම් වලට පොලිස් බලතල දුන්නේ කවුද ?

ත්‍රී ⁣රෝද රථ සංගම් වලට පොලිස් බලතල දුන්නේ කවුද ?

IMG-0e775c83454939f9234a246dd285c813-V

(12.55pm)මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉදිරිපිට සීරැස දෙහිමල්වත්ත ත්‍රී රෝද  රථ සංගමයේ ත්‍රීරෝද රථ නවතා ඇත්තේ ඒ අසල ඇති ජාතික ඉතිරිකිරීමේ  බැංකුව ඉදිරිපිටය. පාරේ අනිත් පැත්තේ විශ්මිත ලී බාන්ඩ ආයතනය අසල දෙහිමල්වත්ත ත්‍රීරෝද රථ සංගමයට  අයත් පුවරුවක්  තබා ඇති අතර එහි සදහන් කර ඇත්තේ   සමිතියේ වාහන පමණයි. වෙනත් වාහන නවතා තැබීම තහනම් යනුවෙනි. මෙම පුවරුව දෙහිමල්වත්තේ විමුක්ති ත්‍රීරෝද රථ සංගමය විසින් ගසා ඇති අයුරු පුවරුවේ සදහන් වේ. ඒ මදිවාට එහි පොලිස් රථවාහන අංශය පාවිච්චි කරන සලකුණක් ද යොදා තිඛේ. මේ  සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාදිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ  මෙම දැන්වීම සම්බන්ධයෙන් පොලිසීයේ මැදිහත්වීමක් නොමැති අතර  මෙවැනි පුවරු නගරයේ තවත් ත්‍රීවීල් රථ සංගම් විසින්  ගසා ඇති අතර ඒවාට කිසිදු අවසරයක් නීතියෙන් නොමැති නමුත් විවිධ දේශපාලන බලපෑම් ඇතිව මෙම ක්‍රියාවන් සිදුකරන බවයි.මේ ආකාරයට පාරේ මෙවැනි බෝඩ් ගසා පොදු පාරවල් ත්‍රීවිල් සංගම් විසින් අත්පත්කරගතහොත් සාමාන්‍ය ජනතාව වාහන නවත්වන්නේ කෙසේද යන්න ගැටළුවකි.
අනෙක් කරුණ වන්නේ  පොලීසිය විසින් සිදුකළ යුතු ක්‍රියාවන්ට ත්‍රීවීල් රථ සංගම් වලට  කිරීමට බලතල ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබදවද ගැටළුවක් මතුවේ.2

Comments

comments