Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Stories » ග්‍රීස් යකෙක් ??

ග්‍රීස් යකෙක් ??

GD823Nකටාන-  තිඹිරිගස්ටුවල කිවුලවත්ත ප්‍රදේශයේ  නිවෙස් වලට එබී බලමින් නිවැසියන් බියවැද්දීමේ  පුද්ගලයෙකු පිළිබද පුවතක් ආරංචිවේග සදුදා රාත්‍රි 11ග00 ට පමණ මෙම ප්‍රදේශයේ නිවසක බිත්තියේ තිබුනු හිඩසකින් ගැහැනු දරුවෙකු දෙස බැලීම නිසා එම ගැහැනු දරුවා බියවී කෑ ගසා ඇත. ප්‍රදේශවාසීන් මේ පුද්ගලයා අල්ලා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇති අතර මේ වනවිට රාත්‍රියේදී විදුලි බුබුලුද නොනිවා විමසිල්ලෙන් පසුවේ. මේ සම්බන්ධයෙන්  අප විසින් කටාන පොලීසියෙන් විමසීමක් කළ ද මේ වනතෙක් කිසිවෙකුත් ඒ පිළිබද පැමිණිලි කර හෝ දැනුම් දී නොමැති බව  පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මේ පුද්ගලයා තම සිරුරේ දිළිසෙන කිසිවක් තවරාගෙන ඇතිබවත් එසේම හිසකේ පොකුටු මිටි පුද්ගලයෙකු බවත් ප්‍රදේශවාසීන් පවසයි. උඩුකය නිරාවරණය කර කොට කලිසමක් හැද සැරිසරණ මොහු පිළිබදව දැඩි අවධානයකින් සිටින බව ප්‍රදේශවාසීන් පවසති.

Comments

comments