මීගමුව, කොච්චිකඬේ නගරයේ කොළඹ – හලාවත මහා මාර්ගයට මුහුණලා තිබෙන කතෝලික දේවස්ථාන භූමිය ආසන්නයේ පදික වේදිකා සීමාවේ වසර 23 ක් තිස්සේ පවත්වාගෙන ගිය පත්තර කඩයක් සහ වසර 13 ක් තිස්සේ පවත්වා ගෙන ගිය පළතුරු කඩයක් පසුගිය මැයි මස 10 වැනි බ‍්‍රහස්පතින්දා දින බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. මීගමුව මහා නගර සභාව විසින් මෙලෙස එම තාවකාලික පදික කඩ දෙක කඩා බිද දමා එම ස්ථ,ානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ එම දේවස්ථානයේ දායක සභාව හරහා එම දේවස්ථානයේ මීසම් පාලක පියතුමන් කර ඇති ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙනි. එම දේවස්ථානයේ ඉදිරියේ ඇති ප‍්‍රධාන මහා මාර්ගයටත් දේවස්ථාන භූමියටත් අතර මැදිව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ පදික වේදිකාවේ පවත්වා ගෙන ගිය මෙම කඩ 02 සදහා එම කඩ හිමියන් නියමිත පරිදි අදාල වන බදු මුදල් ද මීගමුව මහා නගර සභාවට ගෙවා නිකුත් කරන ලද රිසිට් පත් පවා ලබා ගෙන තිබේ. එලෙස නීත්‍යානුකූලව නගර සභාවේ අවසරය පවා මෙම පදික කඩ 02 ක සදහා ලැබී තිබියදී මෙලෙස බලහත්කාරයෙන් ඒවා ඉවත් කිරීම දැඩි ආසාධාරණයක් බව එම කඩ පවත්වා ගෙන ගිය අය පවසති. වාර්තා වන පරිදි කොච්චිකඬේ දේවස්ථාන භූමියේ ඉදි කිරීමට යෝජිත වී ඇති නව ගී‍්‍රල් වැට ඉදිකිරිමට බලාපොරොත්තු වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම කඩ පිහිටි පදික වේදිකාව අයත් බිම් කොටසේ සිටය. ඒනිසා එවැනි වටිනා ගී‍්‍රල් වැටක් ඉදි කල පසු මෙවැනි පදික කඩ 02 ක් එම ස්ථානයේ තිබීම එම ගී‍්‍රල් වැටේ හි අලංකාරයටත් එම දේවස්ථානයේ අලංකාරයටත් විශාල බාධාවකි. මෙම කරුණු හේතු කර ගෙන මෙම දෙවස්ථානයේ දායක සභාවේ බල කිරීම මත මීසම් පාලක ජයන්ත පියතුමා මීගමුව මහා නගර සභාවට දැන්වූ ලිබිත පැමිණිල්ල මත මහා නගර සභාව විසින් මෙලෙස මෙම කඩ 02 ක එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම කඩ ඉවත් කිරිම නිසා මෙම ස්ථානයේ පත්තර අලෙවි සැල පවත්වාගෙන ගිය 62 හැවිරිදි එක්දරු මවක් වූ එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය සහ මෙම ස්ථානයේ පළතුරු අලෙවි සැලක් පවත්වා ගෙන ගිය 45 හැවිරිදි සිව් දරු මවක් වූ ආර්.එම්. අනෝමා මහත්මිය මේ වන විට දැඩි ලෙස අසරණභාවයට පත් වී තිබේ. මේ ඔවුන් මේ පිලිබ`දව පැවසු අදහස් කිහිපයකි.
එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය
මම මේ පත්තර කඬේ පටන් අවුරුදු 23ක් වෙනවා. ඉන් පස්සේ දැනට අවුරුදු 14 ක් තිස්සේ තවමත් මම නගර සභාවට වේලාවට බදු මුදල් ගෙවලා අවසර ඇතිව තමයි මේ කඬේ කර ගෙන ගියේ. මාගේ මහත්තයා මැරිලා. මට පුතෙක් ඉන්නවා. එයාටත් හරි හමන් ආදායමක් නැහැ. මාසෙකට රු.5000 ක් විතර පොඩි ආදායමක් අපිට මේ කඬේ කරන එකෙන් ලැබෙනවා. මට මගේ මේ වයස එක්ක වෙන රස්සාවක් කරන්නත් බැහැ , මේක ඇරෙන්න. ඒකෙන් තමයි පුතයි මායි ජීවත් වෙන්නේ. අනෙක අපි හිටියේ ආර්.ඞී.ඒ. එකට අයිති කොටසේ එහෙම හිටපු අපිව තමයි මේ විදිහට පාරට දැම්මේ. පස්සේ අපි පල්ලියේ පාදර්ගෙන් ඉල්ලීමක් කලා අපි මෙතන ඉන්න එක පල්ලියට අවලස්සන නම් පල්ලියේ තාප්පයට මෙහායින් තියෙන ටෙලිකොම් කනුවේ සිට අඩි දෙකක කුඩා බිම් ප‍්‍රමානයක මේ පත්තර ටික දාගන්න දෙන්න කියලා. නමුත් ඒකටවත් මේ අය කැමැති නැහැ. ඒ අය කියන්නේ අපිට මෙතැනින් යන්නම කියලයි. අපි මෙතැනින් කොහාට ගිහින් බිස්නස් එකක් කර ගන්නද?. මොකද අපි අවුරුදු ගනනක් බිස්නස් කරලා මේ තැන හදා ගත්තේ. ඉතින් අපි කොහේ යන්නද. මම ඉන්නෙත් ඕවිටියාවත්ත ප‍්‍රදේශයේ කුලියට ගෙදරක. අනෙක මමත් කතෝලිකයෙක්, මම හැමදාම පල්ලියේ පුජාවට යනවා. ඒත් පල්ලිය මාව මේ විදිහටෙ පාරට ඇදලා දැම්මා කියලා හිතෙන නිසා දැන් මට පල්ලියට ගිහින් ආගම අදහන්නවත් හිතෙන්නේ නැහැ. අපි වගකිව යුතු අයගෙන් ඉල්ලා හිටිනවා අපේ අසරණ කම බලලා අපිට සාධාරණයක් කර දෙන්න කියලා”
ආර්.එම්. අනෝමා මහත්මිය
මම ඉන්නේ මේ පල්ලිය පිටිපස්සේ රේල් පාර ගාව රජයට අයිති ඉඩමක පොඩි ගෙදරක. මමයි මාගේ මහත්තයයි., දුවලා 04 දෙනෙකුයි මට ඉන්නවා. මාගේ මහත්තයයි. මමයි තමයි මේ පලතුරු කඬේ කරන්නේ. දැනට අවුරුදු 13 ක් තිස්සේ නගර සභාවට බදු ගෙවලා නීතියට අනුව තමයි මම මේ කඬේ කර ගෙන ගියේ. මගේ එක දුවෙකුටවත් තවම රැුකියාවක් නැහැ. ඒත් එක්කම මාගේ අක්කාගේ මහත්තයා මැරිලා එයයි එයාගේ දුවයි බලා ගන්නෙත් මම . අපි ඔක්කොම 08 දෙනෙක් මේ කඬේන් ලැබෙන ආදායමින් තමයි රැුකුනේ. ඒත් මේ පල්ලියේ අයගේ ඉල්ලීමෙන් නගර සභාව අපිව මෙතැනින් අයින් කරලා අපි සේරමන්ලාවම අන්ත අසරණ කෙරුවා. අපි ඉල්ලීමක් කෙරුවා අපිට කඬේ නැතත් කමක් නැහැ. රෝද හයි කරපු කරත්තයක් විදිහටවත් මෙතැන ඉන්න දෙන්න කියලා. නමුත් ඒකටත් පල්ලියෙන් කිසිම සහණයක් නැහැ. මේ විදිහට පවුල් අනාථ කරලා පල්ලි විතරක් ලස්සනට තියාගෙන ඔවුන් ලබන ස්වර්ගය මොකක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ”
මේ ගැටළුව සම්බන්ධව ප‍්‍රදේශයේ දේශපාලනික නායකයන්ටද මැදිහත් වීමට නොහැකි වතාවරණයක් නිර්මානය වී ඇති බවද වාර්තා වුණි. මේ ප‍්‍රදේශය නියෝජනය කරන එක් දේශපාලන නායකයෙකු වන්නේ මොහොමඞ් සකාවුල්ලා උප නගරාධිපතිවරයායි. ඔහු මුස්ලිම් ජාතිකයෙකු නිසා මෙම ප‍්‍රශ්නයට මැදිහත් නොවන්නයි මේ කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ. එලෙසම මෙම ප‍්‍රදේශය නියෝජනය කරන තවත් නාගරීක මංතී‍්‍රවරයෙකු වූ බන්ධුල ශී නාඔටුන්න මහතා උපතින් බෞද්ධාගමිකයෙකු වීම නිසා මෙම ප‍්‍රශ්නයට අත් පෙවීමෙන් වැලකෙන ලෙස මෙම කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණි. එමෙන්ම සරත් ගූණරත්න නියෝජ්‍ය ඇමතිවරයා හමු වී මෙම කඩ හිමියන්ට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලීම් කල අවස්ථාවේදී ඔහු පවසා තිබුනේ මෙය කතෝලික දේවස්ථානය සම්බන්ධ සිදුවීමක් බැවින් මෙය පියතුමන්ලා සමග එය විසදා ගත යුතු බවත් තමාට ඒ සදහා මැදිහත් විය නොහැකි බවත්ය. මේ සම්බන්ධයෙන් කොච්චිකඬේ දේවස්ථානය අයත් වන පල්ලන්සේන මීසම් පාලක ජයන්ත පියතුමාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන්නද එය වතා කිහිපයක්ම කි‍්‍රයා විරහිත කර තිබූ නිසා මෙම කඩ ඉවත් කිරිම පිලිබදව පියතුමාගේ අදහස් දැන ගැනීමට නොහැකි විය.
තුෂාර රොහාන්
එය දාහත්වන සියවසේ මැද භාගය විය. ලන්දේසින් කොලොම්පුරය මෙන්ම යාපනය යටත් කරගත් වකවානුවක් විය. වෙසෙසින්ම කතෝලිකයින්ට ලන්දේසින්ගෙන් තාඩන
නෙක ආගම්වලට කැඩි බිදී යන්නටත් පඩුරු පාක්කුඩම් වලට ලොල්වී තම කතෝලිකත්වය පාවා දෙන්නටත් උත්සුක වු කතෝලිකයින් සුළු පිරිසක් එකල සිටියද බොහෝ දෙනෙක් තම අනන්‍යතාවය තහවුරු කරමින් කතෝලිකත්වය පෙරදැරිව රහසිගතව තම වත්පිළිවෙත් කරන්නට උත්සුක වුහ. 1687 වන විට ගෝවෙන් බට ජුසේවාස් පියතුමාගේ ආශීර්වාදය මීගමු පුරවරය අවට ගම්මානවල කතෝලිකයන්ගේ අස්වැසිල්ලට හේතුවක් විය.ජුසේවාස් පියතුමාගේ ඉල්ලිම පරිදි දෙවන රාජසිංහ රජතුමා වෙරළබඩ පළාත්වල ලන්දෙසි හිරිහැරවලට ලක්වු කතෝලියන් වහකෝට්ටේ මහනුුවර ගලගෙදර වැනි ප‍්‍රදේශවල ස්ථානගත කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
1721 වනවිට රෙපරමාදු ආගම රාජ්‍යය අනුග‍්‍රහයන් යටතේ ලන්දේසින් විසින්
ප‍්‍රචලිත කෙරුමට ගත් උත්සාහය කතෝලිකයන්ගේ කතෝලිකත්වය හමුවේ පුස්සක් විය. කතෝලික ඔරතෝරියානු පුජකවරුන්ගේ මැදිහත්වීමෙන් කතෝලිකත්වය කරන්නට ගම්මුන් පෙළගැසි සිටියහ. 1744 ලන්දේසින්
වාර්තාවක් පෙන්වා දෙන්නේ සුළු පිරිසක් හැරුනද බෝහෝ කතෝලියන් තම ආගම අත්නොහැරිය බවයි.
වර්ෂ 1750 දී වැල්ලවීදිය කුඩාපාඩුව ආදි කතෝලික ගම්මාන තම ආගමික
නිදහස ඉල්ලා ලන්දේසි ආණ්ඩුකාරයාට පෙත්සමක් යැවීය.
1750 දී පිටිපන දුව ඇතුළු ගම්මාන තම ආගමික නිදහස ඉල්ලා උද්ඝෝණයක
සිරිලක් ඉතිහාසය ගැන බලනවිට 1764 විලියම් පෝක් ලන්දේසි ආණ්ඩුකාරයගේ
අණසකින් පැමිණි හමුදා නිලධාරින් පිටිපන පාස්කු නාට්‍යය වරෙක තහනම් කළ බවද එයට තහන්චි පැනවු බවද ඉතිහාසය සාක්ෂි දරයි. 80 දශකයේ මුල්
භාගයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් පිටිපන, දුව පාස්කු ජර්මනියේ
ඔබර් අමර්ගෝ නාට්‍යයට සම කළහ.
ගම්මානයක් ලෙස පාස්කුවට සම්මාදම් විම හරිම අපුර්ව අත්දැකිමකි. අදටත්
චතාරික දින හතළිහ තුළ මීගමුව පුරවරයේ සම්ප‍්‍රදායික පාස්කු ගම්මාන
වල චතාරික වත්පිළිවෙත් ඉත සිතින් වැළද ගනියි. එය තම ජීවිතය කර ගනියි.
දින හතළිහ එක්වරු ශිලය රක්ෂා කරන සැදැහැවතුන් මෙන් මල මස්, මාළු, කරවල පමණක් නොව සියළුම අශා වලින් දුරස්ව ධ්‍යානයකට සමවැදි සිටින පාස්කු
නාට්‍යය ශිල්පින් අදටත් මීගමු පුරවරයේ මෙන්ම නෙක සිරිලක පාස්කු මාස ගණනක් මුළුල්ලේ කි‍්‍රස්තු චරිතය රඟපාන එයට පේවි තම සුචරිතය වඩවන
දැහැමි ජවිත ගෙවන සැදැහවත් ශිිිිිිල්පින් මම පෞද්ගලිකවම හදුනමි.
ඉපැරණි පාස්කු ඉතිහාසය සනිටුහන් කරන පාස්කු මණ්ඩප සිරිලක ඇත්තේ
අතළොස්සකි. ඉන් පිටිපන සහ පමුණුගම පාස්කු මණ්ඩප කැපීපෙනෙයි.
එදා අර්ථවත් පාස්කු චරිතය ඇතුළු සියළුම චරිත ෙවිදිකාගත වුයේ රූකඩ හෝ ප‍්‍රතිමාරූප භාවිතයෙනි.
තාත්විකත්වය නිරූපිත මෙම පිළිමවල සජීවි බව, එය නිමවන කලාකරුවාගේ කුසලතාවය මොනවට කියාපායිද ? කාලයාගේ ඇවෑමෙන් චරිත බොහෝමයක් පණපොවන්නට ශිල්පින්ට හැකි වුවද , කි‍්‍රස්තු චරිතය සහ දෙව්මව් චරිතය එලෙසම රූකඩ හෝ පිළිම භාවිතයෙන් ෙවිදිකාගත විය.
ගොබ් ඉරිදාවෙන් පටන් ගෙන පාස්කු ඉරිදා දක්වා දින හතරක් මුළුල්ලේ මෙකී
මුහුදු බඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව ස්ථාන කීපයක් තෝරාගෙන සීමොන්
සිරිනෙවුස් දර්ශනය, වේරෝනිකා ස්ති‍්‍ර මුණ ගැසිම, තුන්වරක් කි‍්‍රස්තුන්
වහන්සේ කුරුසිය බරින් බිම වැටිම වැනි දර්ශන රංගගතවිම චමත්කාර ජනකව සිදුවිය.
එය වචනයේ පරිසමාප්ත අරුතින්ම භක්ති අභ්‍යාසයක් විය. හැඩූ කදුලින් ඒ
පාදනමස්කාරයට සම්බන්ධ වු මව්වරුන් පියවරුන් ගේ ශෝක බරිත මුහුණවල්
මට තවමත් මැවී පෙනේ. මහ සිකුරාදා කුරුසයෙන් බිමට බාන විට ලතෝනි
පටන් ගනියි. එය ආලේලූයියා සෙනසුරාදා වන තෙක් මීගමුව අවට ගම්වල නිම්නාද දෙයි.
විදුලිබලය නොතිබු එම යුගයේ පන්දම් පත්තුකරගන්මින් දේවස්ථාන අවට
පසන් ලතෝනි ගී ගායනය අදත් මාගේ මනසේ රැුව්පිළි රැුව් දෙයි. පසුකාලිනව
කි‍්‍රස්තු චරිතය සහ මරියතුමිය චරිතද මිනිසුන් විසින් රඟදක්වන්නට යෙදුණ අතර
ඒවා පාස්්කු ඉකිහාසයේ කඩඉම් ලෙස සටහන් කල හැකිය. වත්මන් මීගමුව පුරවරයේ නළුනිලියන් රාශියක් කැටුව සිදුකරන පාස්කු නාට්‍යයන් කීපයක් ගැනම අපට අසන්නට ලැබේ. ඉන් ප‍්‍රමුඛව දැකිය හැකි නාට්‍ය අතර රිචඞ් මානමුදලි ශිල්පියා සහ පීටර් වෙළඹගේ ශිල්පියාගේ පාස්කු නාට්‍යයන් කැපී පෙනෙයි. වෛද්‍ය ප‍්‍රභාත් ආලෝක ශිල්පියා ද නාමල් වේවැල්දෙණිය නර්තන ආචාර්යතුමා කැටුව අලූත් පාස්කු දැක්මට අත්පොත් තබා තිබේ.
සම්ප‍්‍රදාය ගුරුකොට බැලේ සම්ප‍්‍ර‍්‍රදාය මුසු කර වේදිකා ගත වන්නට නියමිත මෙම
පාස්කු දැක්මද මීගමුවට අලූත් අත්දැකිමක් වනු ඇත. පාස්කු සංස්කෘතියට
අලූත් කඩඉමක් වනු ඇත. එහි ගුණ අගුණ කතා කිරිම පාස්කුවට ආදරය කරන කාගෙත් වගකීම වනු ඇත.
මෙරිල් මීපුර
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු රෝගය හේතුවෙන් මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල, ලාසරස් පාරේ අංක 138/1 දරණ නිවසේ විසු 59 හැවිරිදි ෆාතිමා ෆරීනා නැමැති තිදරු මවකි. ඇය රැකියාවක් නොකළ අතර ඇයගේ දරුවන් තිදෙනාම වයස අවුරුදු 25 ඉක්මවු අය වෙති.. පසුගිය පෙබරවාරී 05 වැනි ඉරු දින වන විට ඇය උණ රෝගයෙන් පෙලී ඇති අතර ඇයව මීගමුව රෝහලට ඇතුලත් වී ඇත්තේ පෙබරවාරී 09 වැනි බ‍්‍රහස්පතින්දා දිනය. රෝහලට ඇතුඵ කරන විටත් ඇය ඩෙංගු රක්තපාත තත්වයේ කම්පන අවස්ථාවට ( Dengu Shock Stage ) පත්ව සිටි බවද වැඩි දුරටත් වාර්තා වෙයි. ඒ අනුව එදින රාති‍්‍රයේහීම ඇයව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. එහෙත් ඇය පසුගිය 12 වැනිදා එහිදී මිය ගොස් ඇත.
මියගිය ෆාතිමා ෆරීනා පාලනය නොකළ දියවැඩියා රෝගයෙන් පෙලූනූ කාන්තාවකි. ඒ එමෙන්ම මීගමුව රෝහලට ඇය ඇතුල් කල අවස්ථාවේ දී කරන ලද පරීක්ෂාවන් වලදී ඇය ට අධි රුධීර පීඩන තත්වයක් ද තිබී ඇත. කෙසේ වෙතත් ඇය ව මීගමුව රෝහලට ඇතුලත් කල පසු කරන ලද ප‍්‍රතිදේහ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඇයට ඩෙංගු තත්වයක් නොමැති බවයි. ඒ නිසා ඇයගේ පෙර රෝගී තත්වයන් මෙන්ම මීගමුව රෝහලට ඇතුලත් කල පසු ඇය වෙතින් පල වූ රෝගී තත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් අධිකරණ මරණ පරීක්ෂනයක් සිදු කරන ලදී. එහිදී මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛiවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර මරණයේ අවසන් වැඩ කටයුතු කිරීම සදහා මෘත දේහය ඥාතීන්ට භාර දී තිබේ. ඒ අනුව එම විවෘත තීන්දුවෙන් ප‍්‍රකාශයට කර ඇත්තේ ඇයගේ මරණය ඩෙංගු රෝගය නිසා සිදුවී ඇති බවට දැනට අනුමාන කල හැකි බවකි. කෙසේ වෙතත් ඇයගේ මරණය සිදු වුයේ කුමන හේතුවකින් දැයි සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව ද වර්තා වේ.
මෙම මරණය ඩෙංගු රෝගයෙන් සිදුවුණු මරණයක් ලෙස ස්ථිරයෙන් ප‍්‍රකාශයට පත් වුවහොත් එය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ මෙම 2012 වසරේ සිදුවූ ප‍්‍රථම ඩෙංගු මරණය ද වේ.
තුෂාර රොහාන්
අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි. මුඵ මහත් සමාජයටම මහගු මෙහෙවරක් කර වෙසෙසින්ම අප කතෝලික ගුරු පරපුර ඇතුලූ නෙක විධ තානාන්තර දරණ ගිහි පැවිදි රාශියකට මඟපෙන්වූ මේ සුවිසාල පහන් ටැඹ මා ඉදිරියේ සිටියි. අප කතෝලික සභාවේද නෙක සත් කාර්යයන්ට හදවතින්ම සම්මාදම් වූ මේ හැබෑ කිතුනුවා නමින් බර්ටි ප‍්‍රනාන්දු ය. අදත් කතෝලික ධර්මය පාසැල් පෙළ පොත්වල උපදේශක ලෙස ඔහුගේ නම ආර්. එම් බර්ටි ප‍්‍රනාන්දු නමින් සනිටුහන් වී ඇත. රජයේ ගුරු පත්වීමක් ලැබුව ද ටික කලකින් එය පසෙකලා කතෝලික පෞද්ගලික පාසැල් ඇතුළු සමාජ සේවා ස්ථාන රාශියක ස්වාමීන් වහන්සේගේ ‘‘දේව රාජ්‍යය’’ ගොඩනැගීමට හිතට එකඟවම ඔහු පංගුකාරයෙක් විය. මම පෞද්ගලිකව ඔහුගෙන් විධිමත් අධ්‍යාපනයක් කවරදාකවත් ලැබීමට පින් කර නොතිබිණි. එහෙත් ඔහු හා කතාබහ කරමින්් හෙළබස ඉංගි‍්‍රසියට පහණක් නොව, කතෝලික ධර්මය පිළිබඳව ද දැනුමක් නොවිධිමත් ලෙස ඔහුගෙන් ලත් බව ඔහුව අගයමින් භක්ත්‍යාදරයෙන් සිහිකරමි. මා වැනි දෙනෝදාහකට එතුමා පිහිට පතනට ඇත. විශ‍්‍රාම සුවයකට වඩා විශ‍්‍රාම වේදනා නීරස රසවිඳීන අයුරු දැකීම සිත් කම්පා කරයි. කොළඹ ධර්මෝපදේශ මධ්‍යස්ථානය සහ මීගමුව කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස සේවය කළ මොහු බෝලවලාන ගුරු විදුහලේ රෝ.ක. අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළ කාලය මට අද වගේ මතකයි. මගේ සමහර සමකාලීන ඉංගී‍්‍රසි ගුරුවරුන්ව ඉංගී‍්‍රසි ගුරුවරුන් බවට ඔසවා තැබුවේ මේ ආගම කථිකාචාර්යවරයා බව නොරහසකි ‘ගේට්වේ’ ආයතනයේ ද මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ද තාවකාලිකව කාලයක් ඔහු ගුරු ක්ෂේත‍්‍රයේ නියැලී සිටි වග මට මතකයි. ගරු කන්‍යාසොයුරියන්ව ගරු කන්‍යා සොහොයුරන්ව පමණක් නොව සමහර විටෙක ගරු පියතුමන්ලාව ද මෙතුමා දැනුමෙන් පෝෂණය කළ වග ප‍්‍රසිද්ධ රහසකි. මේ ප‍්‍රාඥයා අද පත්ව ඇති ඉරණම ශෝචනීයයි. ඔහුගේ අතමිටද සරු නැත. දරු මල්ලන්ගෙන් යැපෙමින් දුක සේ කාලය ගෙවන දිසාපාමොක් කවුරු හෝ තම දිවියේ දැනුම දුන් දුවෙක් පුතෙක් බැහැදකින්න එතැයි යන පිවිතුරු චේතනාවෙන් ඇස් දල්වා ගෙන බලා සිටියි. විශ‍්‍රාම වැටුපක් නොලබන මෙම ගුරු පියාට එසේ වුණේ මන්දැයි සිතනවාට වඩා මට දුක සිතෙන දෙයක් එතැන සිදුවිණි. ඔහුගේ දුවෙක් පැවසූ දේ අප වත්මන් සමාජයට ගැසූ අතුල් පහරක් යැයි මම සිතමි ‘‘තාත්තා පාරේ හැරමිටියෙන් යනකොට ඔහු ළඟින් ගොඩක් සිස්ටර්ලා සුවාමිලා උගන්වපු ගෝලයෝ පාස්වෙනවා ගොඩක් අය තාත්තාගෙන් උදව් ගත්තු අය තාත්තට ඒ අයව දැන් අඳුනන්න බැහැ. ඒ තාත්තගෙ දැන් ඇස් ටිකක් පෙන්නෙ නැති හින්දා. ඒ විතරක්යැ ඒ අයටත් දැන් තාත්තව අඳුනගන්න බැහැනේ ’’ මතු දිනෙක බර්ටි ප‍්‍රනාන්දු ගුණානුස්මරණය කරමින් නෙක සංවිධාන බොහෝ මහත්වරු නෝනාවරු ගිහි පැවිදි ලොකු තනතුරු දරණ බොහෝ උදවිය ගුණ වනනු ඇත නෙක වර්ණ ඡායාරූප සබැඳි ලිපි ඔහුගේ නමට වෙන්වෙනු ඇත. ඔහු ඒවා නොදකිනු ඇත මතුදිනෙක වන මෙම සංසිද්ධියට ප‍්‍රථමව අද දින මොහුව බැහැදැක වදනක්වත් කථාකළොත් අපි කෙළෙහිගුණ දන්න මිනිසුන් වනු ඇත. එහෙව් මිනිසත්කම අදුනන මිනිසුන්ට කරන දැන්වීමයි මේ ! ආර්. එම්. බර්ටි ප‍්‍රනාන්දු ඇදරුතුමනී ඔබට ආයුබෝ වේවා !
මෙරිල් මීපුර
ගෙවී ගිය දශකයේ සිට මේ දක්වා කාල පරාසය තුළ පමණක් මුහුදේදී ඇති වන හදිසි කුණාටු තත්වයන් හමුවේ බෝට්ටු පෙරලීමෙන් ඉතා අවසනාවන්ත ලෙස ජීවිත 100 කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති බව ධීවර සංවිධාන වාර්තා කරයි. එම වාර්තාවන්් ආවරණය කරන්නේ එලෙස මියගිය බොහෝ අයගේ ජීවිත බේරාගැනීමට හැකියාවක් තිබූ බවයි.
එහෙත් එවන් හදිසි අවස්ථාවක කි‍්‍රයාත්මක කිරීමට ක‍්‍රමවත් හා විධිමත් සැබෑ වැඩපිලිවෙලක් නොමැති වීම නිසාවෙන් එවන් වටිනා ජීවිත රැුසක් මේ වන විටත් අපට අහිමි වී තිබේ.
මුහුදේ ඇති වූ හදිසි කුණාටුවකට ලක් වී බෝට්ටුව පෙරලීමේන් ධීවරයෙකුට තම ජීවිතය අහිමි වූ ආසන්නතම සිදු වීම වාර්තා වන්නේ පසුගිය ජුලි 16 වැනි සෙනසුරාදා දින මීගමුව මුන්නක්කර ප‍්‍රදේශයෙනි. එදින සවස් කාලයේ ඇති වූ හදිසි කුණාටු තත්ත්වය හමුවේ සිය බෝට්ටුව පෙරලි මුහුදේ ගිලී මිය ගොස් තිබුණේ , මුන්නක්කරේ සිරිවර්ධන පෙදෙසේ අංක 140/14 නිවසේ පදිංචිව හුන් 57 හැවිරිදි කේ. මර්වින් ලෙනාඞ් පිරිස් යන අයයි.
තිදරු පියෙකු වු මිය ගිය මර්වින් ලෙනාඞ් නැමැත්තාගේ වැඩිමහල් දරුවා මේ වන විට වයස අවුරුදු 08 සම්පුර්ණ කළා පමණි. මියගිය ලෙනාඞ් මහතා ද පාරම්පරිකවම ධීවර කර්මාන්තයට යොමු වු අයෙකි. ධීවර රැුකියාව තුළ කෙතරම් පරිණත අත්දැකීම් සහිත වුවත් හදිසියේම ඇති වන මෙවැනි කුණාටු තත්වයන් හමුවේ ඒවාට මුහුණ දී තම ජීවිතය බෙරා ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකිනි. මීගමුව මෝයෙන් දියඹට පිවිසෙන ලෙනාඞ් දෛනිකව මසුන් ඇල්ලීම කරනු ලබන්නේ ගොඩබිමේ සිට දියඹේ සැතපුම් 12 ක පමණ දුරිනි. එලෙස සමාන්‍යයෙන් උදෑසන 5.00 පමණ වන විට දියඹට පිවිසෙන ඔහුගේ බෝට්ටුව යලි මසුන් අල්ලා ගෙන ගොඩබිමට සේන්දු වන්නේ සවස 5.00 ට පමණය. එලෙස මෙදිනද සවස මසුන් අල්ලා ගෙන ආපසු ගොඩබිමට එමින් සිටියදී මුහුදේ සිට පිටිපන දේවස්ථානයට සැතපුම් 06 ක් පමණ වන දුරකදී මෙම කුණාටුවට ඔවුන් හසු වී ඇත.
එලෙසම එදින මෙම කුණාටු තත්ත්වය හමුවේ මීගමුව මෝයෙන් මුහුදු ගිය තවත් බෝට්ටු 02 ක් කුණාටුවට හසුව පෙරලී ඇතත් එම බෝට්ටු දෙකෙහි සිටි ධීවරයින් ට එතරම් දරුණු අනතුරු සිදු වී නොතිබිණි. කෙසේ වෙතත් මිය ගිය මර්වින් ලෙනාඞ්ගේ ඥාතීන් හා හිතමිතුරන් පවසන්නේ කුණාටුවට ඔහුගේ බෝට්ටුව පෙර`ඵන අවස්ථාවේ ලයිෆ් ජැකට් එකක් හැ`ද සිටියා නම් ඔහුගේ ජීවිතය රැුක ගැනීමට යම් හෝ ඉඩ කඩක් තිබූ බවයි.
පසුගිය ජුලි 12 වැනි අ`ගහරුවාදා සවස හදිසියේ ඇති වූ දැඩි කුණාටුවකට හසුව තම ජීවිතය ගලවා ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ලත් අත්දැකීමත් සම`ග මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයින්ට ලයිෆ් ජැකට් එකක ඇති වටිනාකම කෙතරම්ද යන්න ගැන අපට ඉතා හො`දින් අවබෝධ වුණි. එම දරුණු කුණාටුවෙන් තම බෝට්ටුව පෙරලී තම හිසට ඉහලින් නැගෙන චන්ඩ වූ රළ පෙල හමුවේ තම සිරුරේ උරහිස් දක්වා කරදියෙහි ගීලී, පැය හතකට අධික කාලයක් මහා මුහුදේ ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු ඔවුන් ජීවත් වීමට වාසනාව ලද්දෝය.
මේ දෙසොහොයුරන් තමන් අත්වි`දි ඒ සිදුවීම විස්තර කළේ මෙසේයි. ‘‘ මම බී.ඒ. ටයිටස් ප‍්‍රනාන්දු, මාගේ වයස අවුරුදු 43 යි. මාගේ මල්ලී නිහාල් කුමාර ප‍්‍රනාන්දු , එයාට වයස අවුරුදු 37 යි. අපි ඉන්නේ උතුරු පිටිපන. අපි සෑහෙන කාලයක සිට ධීවර රැුකියාව කරන අය. මුහුදු යන්නේ මාගේ බෝට්ටුවෙන්
(ලි. අං. ධත්‍ඍඡු- ්- 1209 භඊධ * . මමයි, මගේ මල්ලියි , නිශාන්ත ප‍්‍රනාන්දු කියන ධිවර රැුකියාව කරන තව එක්කෙනුකුයි තමයි එදත් මුහුදු ගියේ. අපිට සාමාන්‍ය විදිහට පීනන්න පු`ඵවන්. එදා අපි වෙනදා වාගේ උදේ 5.00 ට විතර මීගමුව මෝයෙන් තමයි මුහුදු ගියේ. අපිට තේරුණා මුහුද වෙනදාට වැඩියෙන් ටිකක් විතර සැරයි කියලා. නමුත් කුණාටුවක් එනවා කියලා වේලාසන කොහෙන්වත් අපිට දැනුම්දීමක් කර තිබුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් මා`ඵ අල්ලන්න යන්නේ ගොඩ බිම ඉ`දලා සැතපුම් 12 ක් 13 ක් විතර එහා දියඹේ. එහෙම ගිහිං අපි මා`ඵ කිලෝ 35 ත් 40 ක විතර ප‍්‍රමාණයක් එදා අල්ලා ගත්තා. එහෙම අල්ලා ගෙන ආපසු එන්න එනකොට හැන්දෑවේ 5.00 ට විතර ඇති. අපි ?ට මුහුදේ ඉ`දලා ගොඩට එන්න අපිට උදව් වෙන්නේ දැනට ¥ව, මෝර වල ආසන්න මුහුදේ තියෙන පැරණි නැවක දිරා ගිය කොටස හෙවත් ධීවරයෝ හ`දුන්වන ‘‘ නැව් කෑල්ල ’’ දිහා බලාගෙනයි. අපිට කලින් බෝට්ටු 02 ක් 03 ක් ඉස්සරහින් ආවා. අපි තමයි පස්සෙන්ම ආවේ. එහෙම එද්දී තමයි අහස ක`ඵ කරගෙන වැස්ස එන්න වාගේ තද හුළං එක්ක තමයි මේ කුණාටුව ආවේ.
කුණාටුව සැර බව අපිට තේරුණ නිසා බෝට්ටුව හෙමින් හෙමින් තමයි ඉස්සරහට ආවේ. එහෙම එද්දී එකපාරටම හිතා ගන්නඩවත් වෙලාවක් නැහැ, එකපාරමට හමාපු ඔරොත්තු නොදෙන හුළ`ගකුයි , විශාල රැුල්ලක් එක්කම අපේ බෝට්ටුව අනෙක් පැත්තට පෙරලූණා. මාව වතුර යටට එක පාරක් ගිලිලා ආයේ කොහාම හරි උඩට එනකොට මගේ මල්ලීගේ ඔලූව උඩ තමයි බෝට්ටුව හිටලා තිබුණේ. අපේ බෝට්ටුවේ තිබුනා ලයිෆ් ජැකට් එකක්. මල්ලි කොහොම හරි ඒ ලයිෆ් ජැකට් එකේ එක් පැත්තක් එයාගේ එක අතකට දාගෙන ඇවිත් මාවයි අපිත් එක්ක බෝට්ටුවේ ආපු නිශාන්තවයි එකට අල්ලා ගත්තා. මමයි, නිශාන්තයි ඒ වෙද්දී වතුරේ යටට යන්නේ නැතිව බොහෝම අමාරුවෙන් තමයි බෝට්ටුව අල්ලා ගෙන හිටියේ . ලයිෆ් ජැකට් එක දාගෙන මල්ලී ආවට පස්සේ අපි තුන් දෙනාම එකට අල්ලා ගෙන හිටපු නිසා වතුරේ යටට යන්නේ නැතිව ඉන්න අපිට පු`ඵවන් වුණා. එහෙම වෙලා අපි කොහොම හරි අනෙක් පැත්තට පෙරලිලා තියෙන බෝට්ටුව අල්ලා ගෙන එල්ලිලා හිටියා. කුණාටු ගතිය නිසා හමන සුළෙ`ග් වේගයට විශාල මුහුදු රල පහර වලින් බෝට්ටුව එහාට මෙහාට පැද්දෙනවා. ඒත් අපි තුන් දෙනා බෝට්ටුව අතහරින්නේ නැතිවම අල්ලා ගෙන හිටියා. බොහෝමයක් විශාල මුහුදු රැුළි අපේ ඔලූවට උඩින් යනවා. ඒවාගේම මුහුදු වතුර සෑහෙන්න අපි තුන් දෙනාටම පෙවුනා. අපේ ඇස් වලට නිතර එන
රැුල්ල එක්ක මුහුදු වතුර යනවා. ඒ වෙලාවට ඇස් වල දැවිල්ල එනවා. එහෙම ඉන්න කොට අහසින් යන ගුවන් යානා වලටත් අපි කෑගහනවා. අපිව බේරා ගන්න කියලා. තද ක`ඵවරේ අපි ජීවිත ගැන ආශාව අත්හැරලා දාලා වගේ හිටියේ. දෙවියන්ට හැම දේම භාරදීලා. අපි මෙහෙම පැය 07 කටත් වඩා වැඩි කාලයක් මුහුදේ ඉන්න කොට ?ට මුහුදේ මා`ඵ අල්ලන්න යන බෝට්ටුවක් ඇවිත් අපිව දැකලා, එයාලා ආයෙත් ගොඩබිමට ඇවිත් තවත් බෝට්ටුවක් එක්ක ඇවිත් තමයි අපිව බේරාගත්තේ. ඒ වෙද්දී පහුවෙනිදා ඒ කියන්නේ 13 වැනි බදාදා පාන්දර 2.00 ට විතර තමයි අපි ගොඩ බිමට ආවේ. එදා ? ඒ බෝට්ටුවට අපිව හමු වුණේ නැත්නම් අපි අද වෙද්දී ජීවතුන් අතර නැති වෙන්නත් තිබ්බා. ’’ ..
අරුණ රොෂාන්ත – සභාපති , සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය.
ධීවරයෙකු ලෙසත් ධීවර නායකයෙකු ලෙසත් මගේ අදහස වෙන්නේ රජය විසින් ධීවරයන්ට ලයිෆ් ජැකට් පැල`දීම අනිවාර්්‍ය කළ යුතු යුතු බවයි. ඒවාගේම ලියාපදිංචි සෑම ධීවරයෙකුටම ලයිෆ් ජැකට් රජය විසින් නොමිලේ ලබා දිය යුතුයි. ධීවර කර්මාන්තයෙන් විශාල ධනයක් රජයට ලැබෙනවා. නියම ප‍්‍රමිතියෙන් යුත් ලයිෆ් ජැකට් එකකට වියදම් වෙන්නේ රුපියල් 2000 ත් 3000 ත් අතර මුදලක්. ඒ නිසා ලංකාවේ සිටින සෑම ධීවරයෙකුටම ලයිෆ් ජැකට් ලබා දීමට රජයට හැකියාව තියෙනවා. කෘෂි කර්මාන්තයේ නිරත වන ගොවීන්ට රජය විසින් සහනාධාර යටතේ පොහොර ලබා දෙන විට ගොවීන් දුප්පත්ද පොහොසත්ද කියලා ඒ අයගේ තරාතිරම ගැන සැලකිලිමත් නොවී සමස්ථ ගොවි ජනතාවටමයි, ඒ සහනාධාරය සමව බෙදා දෙන්නේ. ගොවි ජනතාවට එලෙස පොහොර සහනාධාරයක් ලබා දීමට අපගේ කිසිදු අකමැත්තක් නොමැති බවද මෙහිදී පැවසිය යුතුයි. ඒ නිසා ධිවරයන් සිය`ඵ දෙනාටමත් අඩුම තරමින් ලියාපදිංචි අයට හෝ ලයිෆ් ජැකට් ලබා දීම රජය ම`ගින් කළ යුතුයි. ඒවාගේම අද වෙද්දී යුද්ධය නතර වෙලා වසර 02 ක් ඉක්ම ගිහින් තිබෙනවා. ඒ නිසා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා ගෙන අනතුරට ලක් වෙන ධීවරයින් ගැන සොයා බැලීම් කිරීම ස`දහා යොමු කරවීමට යම් වැඩසටහනක් රජයට කි‍්‍රයාත්මක කළ හැකියි. අවශ්‍ය නම් ඇමතිවරුන්ට පමනක් දැනට සිය ප‍්‍රවාහන කටයුතු ස`දහා යොදා ගැනෙන හෙලිකොප්ටර් යානා ද මුහුදේදී විපතට පත් වන ධිවරයන්ගේ ජීවිත බෙරා ගැනීමට යෙදවීමටද රජයට කල හැකියි.
හර්මන් කුමාර – කැදවුම්කරු , ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
අද ලෝකයේ වසරකට ලක්ෂ 02 ක පමන සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන , භායනකම රැුකියාවන්ගෙන් ප‍්‍රධානතම රැුකියාව වෙන්නේ ධීවර රැුකියාව කිවිවොත් නිවැරදියි. මේ තත්වය මත ලෝක කම්කරු සංවිධානය මේ පිලිබ`දව දැඩි අවධානයකින් පසු වෙනවා. මේ තත්වය මත ධීවර රැුකියාවේ පවතින මේ අවධානම් සහිත බවත් ආනාරක්ෂිත බවත් නිසාම ධීවරයින්ව ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් ලෝකයේ විවිධ සංවිධාන විශේෂයෙන් ලෝක කම්කරු සංවිධානය, බෙංගාල බොක්ක වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි සංවිධාන ම`ගින් විවිධ වූ සම්මුතීන්, ප‍්‍රකාශන සහ ආචාරධර්ම පද්ධති ජාත්‍යන්තරව හ`දුන්වා දී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ රජයද ධීවරයින් වෙනුවෙන් එම සම්මුතීන්, ප‍්‍රකාශන සහ ආචාරධර්ම පද්ධති කි‍්‍රයාත්මක කීරීමට ප‍්‍රතිපත්තිමය ආකාරයෙන් බැ`දී සිටිනවා. ඒනිසා ධීවරයින් ආරක්ෂා කිරීමට අපේ රජයට අනිවාර්්‍යයෙන්ම විශාල වගකීමක් හා යුතුකමක් තියෙනවා.
මේ වැඩපිලිවෙල සම්පාදනය කිරීමේදී පු`ඵල් මහජන කතිකාවතකට එය විවෘත විය යුතුයි යැයි මා අදහස් කරනවා. එම කතිකාවතට ධීවර නායකයින්, ධීවර සංගම්, ධීවර සමුපාකාර සංගම්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමීක නායක නායිකාවන්, සිවිල් හා බහුජන සංවිධාන, වැනි සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා අත්‍යාවශයයි. එවැනි බහුතර පිරිසකගේ කතිකාවතකින් පසු ඉදිරිපත් වන කරුණු මත පදනම්ව මෙවැනි වැඩපිලිවෙලක් සකස් කර කි‍්‍රයාත්මක කල හැකියි. මෙහිදී මුලිකවම අවධානය යොමු කල යුතු වෙනවා දේශගුණික විපර්යාස පිලිබ`දව. වර්තමානයේ ගෝලීය උණුසුම ඉහළයාම , දේශගුනික විපර්යාස ප‍්‍රබල වීමට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා අද මුහුදේ උන්හිටි ගමන් කුණාටු තත්වයන් පමණක් නොව දියවැල් , සුළිසුළං, වැනි තත්වයන් ද ඇති විය හැකියි. ඒනිසා එවැනි හදිසි තත්වයන්ට මුහුණ දීමටත් එහිදී අනුගමනය කල යුතු ආරක්ෂිත විධිවිධාන ගැනත් පුර්ණ දැනුවත්භාවයක් සෑම ධීවරයෙකුටම අනිවාර්්‍යයෙන්ම ලබා දිය යුතුයි. එලෙසම ධීවරයන්ට විශේෂයෙන්ම සු`ඵ පන්න ධීවරයන්ට ආරක්ෂිත කබා හෙවත් ලයිෆ් ජැකට් අනිවාර්්‍ය කිරීම කළ යුතුයි.
අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ,
හිටපු ධීවර ඇමති -
මා ධීවර ඇමති වෙලා ඉන්න කාලේ මට අවශ්‍ය වුණා මෙවැනි හදිසි තත්ත්වයන් ගෙන් ධීවරයන්ව ආරක්ෂා කිරිමේ වැඩ පිළිවෙලක් රජය මට්ටමින් කි‍්‍රයාවට නගන්න. ඒ අනුව අපි ලබා ගත් තොරතුරු හා අදහස් මත පදනම්ව ධීවර ආරක්ෂන වැඩ පිළිිවෙලක් සැලසුම් කළා. මෙහිදී අපට වැටහුණු කාරණාවක් වුනේ මුහුදේදී හදිසියේ ඇති වන කුණාටු වැනි තත්වයකදී විපතට පත් වුවහොත් ඒ අයව බෙරාගන්නා තෙක් මුදුදේ ජලය මත පැය කිහිපයක් රැු`දී සිටිමට අවශ්‍යයි. එහෙම රැු`දී සිටියහම මුහුදේ යන නැව් වලට මේ අයව දකින්න පු`ඵවන්. රැුකියාවට යන වෙනත් බෝට්ටු මේ අයව දකින්න පු`ඵවන්.ඒවාගේම එවැනි ආරංචියක් ලද විගසම වෙනත් යාත‍්‍රාවකින් ගිහිං හරි ඒ අයව බෙරා ගැනීමට පු`ඵවන් . මේ කොයි ක‍්‍රමයකින් හෝ බෙරා ගන්න පු`ඵවන් වෙන්නේ අනතුරට ලක් වුන ධිවරයින් මහා මුහුදේ දිය මත පැය කිහිපයක් හෝ රැු`දී සිටියහොත් පමණයි. මෙන්න මේ නිසා තමයි මම එදා පාර්ලිමේන්තුවේදී ලයිෆ් ජැකට් අනිවාර්්‍යය කරමු කියලා මේ ගැන දැනුවත් කලේ. මම එහෙම ප‍්‍රකාශයක් කරලා නිකං හිටියේ නැහැ. ඒ අනුව එදා ලංකාවේ ධීවර කර්මාන්තය කරන සෑම ප‍්‍රදේශයකින්ම ධිවරයන් 1000 ක් මුල් වටයේ දී තොරා ගෙන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත ඒ අයට ලයිෆ් ජැකට් එක බැගින් නොමිලේ ලබා දුන්නා. ඒ ආරක්ෂන වැඩසටහන යටතේ අපි සැලසුම් කලේ සෑම ධිවරයෙකුටම නොමිලේම ලයිෆ් ජැකට් එකක් අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත දෙන්නයි. අපිට එදා එහෙම දෙන්න හැකියාවක් තිබුනා. මොකද හො`ද ලයිෆ් ජැකට් එකක් රුපියල් 1000 කට විතර ගන්න තිබුනා,
දැන් ධිවර අමාත්‍යාංශය විසින් ඒ වාගේ ධීවරයින් ආරක්ෂා කරන්න සුදුසු වැඩිපිලිවෙලක් අඩුම තරමින් සැලසුම් කරලා තියෙනවාද කියලාවත් මට නම් තවම දැනගන්න ලැබිලා නැහැ.
මේ සම්බන්ධව අදහස් දැනගැනීම සඳහා වර්තමාන ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කරගැනීමට කීපවරක් උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
You can subscribe to meepura by e-mail address to receive news and upates directly in your inbox. Simply enter your e-mail below and click Sign Up!
| සඳුදා | අඟ | බදාදා | බ්‍රහස් | සිකු | සෙන | ඉරිදා |
|---|---|---|---|---|---|---|
| « අප්‍රේ | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | 31 | |||