රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් පිහිට වන ලද මීගමුව, අක්කර පනහ ‘‘ඒන්ජල්ස් ප‍්‍රජාමුල සංවිධානයේ පානීය ජල ව්‍යාපෘතියේ විධායක කම්ටුව විසින් පසුගිය කාලයේ සුවිශාල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. මෙම මුල්‍ය වංචා සහ අක‍්‍රමීකතාවයන් පිලිබ`දව එම සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු විසින් මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිළි කර ඇත. එම පැමිනිල්ලට අනුව එම හිටපු සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කල කණ්ඩායමට අයත් යම් පුද්ගලයෙකු හෝ කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචාසහගතව ලබා ගෙන ඇති එම සංවිධානයට අයත් මුදල් නැවත සංවිධානය වෙත අයකර දීමට කටයුතු කර දෙන ලෙසයි්.
ඒන්ජල්ස් පාර්ක් ප‍්‍රජා මුල සංවිධානයේ මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ මුලික පරමාර්ථය වුයේ බල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රජාවගේ පානීය ජල පහසුකම් විස`දිමේ කි‍්‍රයාවලියට මැදිහත්ව කටයුතු කිරිමයි. එලෙසම මෙම ජල ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම ස`දහා කටයුතු කිරීමයි. එහෙත් මෙම පරමාර්ථ ඉටු කර ගැනීමකට වඩා සිදු වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය තුල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතාවන් සිදුවීමයි.
මෙම පැමිනිල්ලට අනුව පසුගිය 2009 වසරේ ජනවාරි මස 19 වැනි දින සිට පුරා වසරක කාලයක් මෙම සංවිධානයේ සභාපතිධුරය දරා ඇත්තේ ජයරත්න නම් අයෙකි. ඒ අනුව ඔහු 2011 වසරේ පෙබරවාරී 27 දින දක්වා එම ධුරයේ කටයුතු කර ඇත. එම වසරට අදාල මහා සභාව පවත්වා ඇත්තේ ද එදිනමය. එහිදී 2009 වසරේ දෙසැම්බර් 31 සිට 2010 වසරේ දෙසැම්බර් 31 දක්වා වු මුදල් වර්ෂයට අදාල ලැබීම් සහ ගෙවීම් වාර්තාවද ඉදිරිපත් කර තිබේ. එහෙත් එම වාර්තාව සභාගත වූයේ භාන්ඩාාගාරිකවරයා විසින් එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට නැගී සිටියාටත් පසුව වීම සුවිශේෂි සිදුවීමකි. අප දන්නා පරිදි යම් වාර්තාවක් සභා ගත කරන්නේ නම් , එම වර්තාව සභා වට ඉදිරිපත් කිරීමට මත්තෙන් එය සභා ගත කල යුතුව ඇත. ඒ එහි ඇති දෝෂ අඩුපාඩු සහ සංශෝධනය කල යුතුව ඇති තැන් කලින්ම හ`දුනා ගැනීමටය. නමුත් එවැනි අවස්ථාවක තිබිය යුතු විනිවිදභාවය මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේදී ආරක්ෂා වී නොමැත.
එලෙසම ගිණුම් වාර්තාව ඉදිරිපත් කල පසු එහි අඩුපාඩු විමසීමේදී සභාපතිවරයා පවසා ඇත්තේ පළමුව ගිණුම් වාර්තාව සම්මත කර ගෙන දෙවනුව අඩුපාඩු සාකච්ඡුා කල කිරීමට ඉඩ ලබා දෙන බවයි. ඒ අනුව විධායක කම්ටුවේ සමාජිකයන් දෙදෙනෙක් එකී ගිණුම් වාර්තාව නිවැරදි සහ සත්‍ය වාර්තාවක් බවට යෝජනා කර ස්ථීර කර ඇත. අප දන්නා පරිදි යම් යෝජනාවක් ස්ථීර කර පසුව එහි අඩුපාඩු සාකච්ඡුා කිරීමක් සිදු නොවේ. විය යුතුව ඇත්තේ වාර්තාවේ අඩංගු අඩුපාඩු ගැන සාකච්ඡුා කර එය ස්ථීර කීරීමය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු වී නොමැත.
පසුව ඒකී ගිණුම් වාර්තාවේ අඩුපාඩු සාකච්ඡුා කිරීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නගන ලද ප‍්‍රශ්ණයන්ට පිලිතුරු දීමක් සිදු නොකොට සභාවට පරිභාහිරින් කැ`දවා තිබූ පිටස්තර පුද්ගලයින් යොදවා සභාව තුල නොසනුසුන් වාතාවරණයක් ඇති කලහ. එම නොසන්සුන්තාවය පාලනය කරනවා වෙනුවට නැගී සිටි සභාපතිවරයා කලේ ගිනූම් වාර්තාව පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට දින 10 කදී සිය`ඵ සමාජිකයන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන බවට පැවසීමයි. ඉන් පසුව පැවැති නිළවර්ණයේදී රොබට් නම් තවත් සමාජිකයෙකු සභාපතිවරයා වශයෙන් පත් විය. සභාපතිධූරය භාර ගනිමින් ඔහු පැවසුවේ පසුගිය වසර වල ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට නව අභ්‍යන්තර විගනක ලෙස ඇරණ නැමැත්තෙකු පත් කරන බවයි. එමෙන්ම අරුණ නැමැති නව අභ්‍යන්තර විගනකවරයාගේ වාර්තාව මාස 02 ක් ඇතුලත ලිඛිතව සිය`ඵ සමාජිකයන්ට කරුණු ඉදිරිපත් කරන බවද පැවසීය. එහෙත් 2011 මැයි මාසය වන විටත් ජයරත්න නැමැති සභාපතිවරයාත්, රොබට් නැමැති සභාපතිවරයාත් තමන් ප‍්‍රකාශ කල පරිදි පොරොන්දු වූ ලෙස එම ගිණුම් වාර්තා පරීක්ෂා කර විස්තර ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි.
මේ සිය`ඵ තොරතුරු මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත හිටපු සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු පැමිණිල්ලේ අන්තර්ගත කර ඇත. එමෙන්ම මෙම පැමිණිල්ලේදී එම හිටපු සභාපතිවරයා ස`දහන් කර තිබුනේ ඊට පසු මුතුපටින්ගේ නැමැති ලේකම්වරයාගේ නිවසේදී ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමේදී සංවිධානයේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් මුළ්‍ය අක‍්‍රමීකතා රැුසක් අනාවරණය වූ බවයි. තවද සභාපතිවරයා ගිණුම් වාර්තා පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට පිලිතුරු ලබා නුදුන්නේ මෙම අක‍්‍රමීතාවන් වැඩි ගනනකට ඔහුද සෘජුව සම්බන්ධ වී සිටින නිසා බවට මෙහිදී පැහැදිලි වේ.
ඒන්ජල්ස් පාර්ක් ජල යෝජනා ක‍්‍රමයේ පොම්පාගාරය ස`දහා ජල පිරිපහදුවක් ( ෆිල්ටරයක් * සවි කිරිම ස`දහා ටෙනඩර් කරන ලදුව එම ටෙන්ඩරය රු. 438000/- කට පිරනමා ඇත්තේ අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් නැමැති ආයතනයකටය. එහි ලිපිනය ලෙස ස`දහන් වුයේ 568/5, හයිලෙවල් පාර, නුගේගොඩයි. එම ස්ථානයේ එවැනි ආයතනයක් නොමැති බවත් එහි දුරකතන අංකය ලෙස ස`දහන් කර තිබූ 0777-630510 දරණ දුරකතනයට අවස්ථා ගනනාවකදීම ඇමතුම් ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ අනුව අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් ආයතනය යනුවෙන් ආයතනයක් ලියාපදිංචි වී නොමැති බව පැහැදිලිය. ඒ නිසා එහිදී මෙම ගනුදෙනුවේදී වංචා සහගත ලෙස කටයුතු කීරීම ස`දහා එලෙස අවශ්‍ය කූට ලේඛන සැකසීමට යොදා ගත් උපක‍්‍රමයක් බවට පැහැදිලි විය.
මෙම ගනුදෙනුව ස`දහා අත්සන් කිරිමට නියමිත වන්නේ එම කාලයේ හිටපු සභාපතිවරයා වන ජයරත්න නැමැත්තාටයි. එහෙත් මෙහි අත්සන් තබා ඇත්තේ එම ගිවිසුමට අත්සන් කිරීමට නීත්‍යානුකූලව සහ ව්‍යාවස්ථානූකූලව කිසිදු අයිතියක් නොමැති රොබට් නැමැති සභාපතිවරයායි.
ඒ පිලිබ`දව විමසීමේදී ජයරත්න නම් හිටපු සභාපතිවරයා පවසා තිබුණි. එලෙසම මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් 2010 මැයි මස 23 දින පැවැති විධායක කම්ටු රැුස්වීමේදී අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් වෙත ටෙන්ඩරය භාර දීමට කිසිදු තීරණයක් නොගත් බවද එම කමිටු සමාජිකා ශී‍්‍රයානී අරුණමාලී යන තැනැත්තියද පවසා තිබිණි. එලෙසම මෙම ජල පෙරනයේ විෂ්කම්බය අ`ගල් 36 නොමැති බව හා එය අ`ගල් 24 ක ජල පෙරනයක් නිසා එම ටෙන්ඩරයට වඩා අ`ගල් 12 කින් ජල පෙරණය කුඩා බවවරෙක වෘත්තීය කාර්මික නිලධාරියෙකු වන මෙම සංවිධානයේ උප සභාපතිවරයෙකු වන සිල්සිරි පේරේරා නැමැත්තාද පවසා තිබිණි.
මෙම ගනූදෙනුවේදී ටෙන්ඩර් දමා තිබූ අනෙක් ආයතන දෙක වන්නේ ටෙක්ස්පර්ට් එන්වයර්මන්ට් ඉංජිනේරු ආයතනය සහ ඇක්වා ටෙක්නොලොජීස් ආයතනයයි. මෙම ආයතන දෙක ජල පිරිපහදු කිරීමේ කාර්්‍යයන් වලදී ඉතා පළපුරුදුකම් ඇති අයි.එස්. ඕ. සහතික ලත් ලියාපදිංචි ආයතනයන් වේ. මෙම ආයතන දෙක ඉදිරිපත් කර ඇති මිල ගනන් සම`ග ටෙන්ඩරය ලබා දී ඇති අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් ආයතනය ඉදිරිපත් කරන මිල රැුනන දැනට සවි කර ඇති ෆිල්ටරය ස`දහා වැය කල මුදලට වඩා අඩු බවද මේ වන විට ඉතා පැහැදිලිව තහවුරු වී තිබේ.
එමෙන්ම ඬේව්ඞ් වත්තේ ජල පොම්පාගාරය ස`දහා ඇක්වා ටෙක්නොලොජිස් ආයතනය විසින් සවි කල ජල පෙරණ පද්ධතියෙන් එක`ග වූ ප‍්‍රමානයට වඩා පිරිසිදු කල ජලය නොලැබීම, ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කර නිල වශයෙන් භාර නොදීම, සේවා ගිවිසුම් ලබා නොදීම වැනි ප‍්‍රධාන කරුණු කාරණා නිසා එම ආයතනයට ගෙවිය යුතු අවසන් වාරිකය වශයෙන් රු.94500 /- මුදල නොගෙවීමට විධායක කම්ටුව තීරණය කර තිබූණි. ඒ අනුව එම වාරිකය ගෙවීමට නම් එම ආයතනය විසින් සපුරාලිය යුතු සේවා ඉටු කල යුතු බවට ලිඛිතව දන්වා යවන ලද අතර එහෙත් ඒකී කඑරුණු කිසිවක් සම්පුර්ණ නොකර ඇක්වා ටෙක්නොලොජිස් ආයතනයට එම වාරික මුදල් ගෙවා තිබිණි.
එලෙසම බාහිර විගණකවරයෙකු ස`දහා රු.9000/- ක් ගෙවා ඇති බව අවසන් ගිණුම් වල දක්වා ඇතත් එම ගිණුම් වලනිවැරදිභාවය භාහිර විගණකවරයා විසින් සහතික කර නැති අතර එම ගිණුම් ස`දහා අත්සන් කර ඇත්තේ අභ්‍යන්තර විගණකවරයා පමනකි.
ඉහත කරුණු මෙම සංවිධානය තුල මේකී කාලවකාවනුව තුල සිදුවී ඇති මුදල් අක‍්‍රමීකතා වංචාවන් කිහිපයක් සහ ඒවා සනාථ වන සු`ඵ සාක්ෂි කිහිපයක් පමනි. ඒ නිසා ඒන්ජල්ස් පාර්ක ජල යෝජනා ත‍්‍රමයේ 2009/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් 2010/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් ඉදිරිපත් කර ඇති් මුල්‍ය වාර්තා නිවැරදි නොවන බවට පැහැදිලි වේ.
මේ අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ වගකිව යුතු බලධාරීන්ගේ සහ නිලධාඍීන්ගේ ත් වගකීම විය යුත්තේ රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් ආරම්භ කල මෙම ජල යෝජනා ක‍්‍රමයේ පාලනය කෙරෙන සංවිධානයේ යම් අයෙකු හෝ යම් කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචා සහගත ලෙස ලබා ගෙන ඇති මුදල් නැවත එම සංවිධානයට අයකර දීමට කටයුකු කිරීමයි.
සටහන – තුෂාර රොහාන්
අද සවස ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධයක් මීගමුවේ නගර මධ්‍යෙය් සාන්ත ජෝෂප් හෝටලය ඉදිරිපිට දී පැවැත්විණි. උද්ඝෝෂණය සදහා සහභාගී වූ පිරිස, රටේ පවතින මර්දන නීති හකුලා ගන්නා ලෙසත් ධිවර ජනතාව මත පටවා ඇති තෙල් මිල ඉහල දැමීමටත් විරැද්ධව සටන් පාඨ කියමින් මෙහිදී විරෝධතාවය දැක්වූහ.
රජය විසින් ඉහළ දමන ලද භූමිතෙල් මිළ පිලිබදව විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක් අමාත්‍යාංශයට කැදවන ලද ධිවර සංගම් හමුවේ ප්‍රකාශ කර තිබුණි. රජයේ මෙම යෝජනාවට හමුවේ වැල්ලවීදිය එකාබද්ධ ධීවර සංවිධායේ ස්තාවරය ප්‍රකාශ කිරීම සදහා ඊයේ (15) වනදා මීගමුවේ දී සාකච්ඡාවක් කැදවා තිබුණි. එම සාකච්ඡාව නියෝජනය කිරිම සදහා කතෝලික පියතුමන්ලා ද වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංගමයේ නියෝජිතයන් සහ සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සාමාජිකයන් ද සහභාගි විය. මෙහිදී රජය විසින් යෝජනා කරන ලද සහන යෝජනා සදහා ධිවර සංගම් දෙක අතර ප්‍රතිවිරැද්ධ අදහසක් මතුවීම හේතුකොට සාකච්ඡාවේ දී ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරැණ රෝෂාන් මහතාගේ අදහස වූයේ රජය විසින් ඉහළ දමන ලද භුමිතෙල් මිළ නැවත තිබූ මිළටම අඩුකළ යුතු බවයි. මෙහිදී මෙමයෝජනාව පිළිබදව ඇතිවූ සංවාදයේදී ගරැ ලෙස්ටර් නෝනිස් පියතුමා විසින් අරැණ රොෂාන් මහතාව දැඩි ලෙස විවේචනයට ලක්කරමින් ‘ තමුසේ තමයි ධීවරයින්ව කෑවේ , තමුසේ තමයි මේවට වගකියන්ට ඕනා යැයි ප්‍රකාශ කරමින් සාකච්ඡජාවෙන් ඉවත්ව ගොස් ඇත. එයට පිළිතුරැ දෙමින් අරැන රොෂාන් මහතා විසින් විමසා ඇත්තේ මම මොනවාද කළේ කියා මෙතනදීම කියන්න කියායි. එමෙන්ම ගරැ ලෙස්ටර් නෝනිස් පියතුමා විසින් එසේ ප්‍රකාශ කිරීම පිළිබදව සිය විරෝධය සටහන් කරමින් අරැණ රොසාන් මහතා පවසා ඇත්තේ තමන්ගේ ජිවිතයට යම් කිසි අනතුරක් සිදුවුවහෝත් කතෝලික සභාව වගකිව යුතු බවයි.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු රෝගය හේතුවෙන් මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල, ලාසරස් පාරේ අංක 138/1 දරණ නිවසේ විසු 59 හැවිරිදි ෆාතිමා ෆරීනා නැමැති තිදරු මවකි. ඇය රැකියාවක් නොකළ අතර ඇයගේ දරුවන් තිදෙනාම වයස අවුරුදු 25 ඉක්මවු අය වෙති.. පසුගිය පෙබරවාරී 05 වැනි ඉරු දින වන විට ඇය උණ රෝගයෙන් පෙලී ඇති අතර ඇයව මීගමුව රෝහලට ඇතුලත් වී ඇත්තේ පෙබරවාරී 09 වැනි බ‍්‍රහස්පතින්දා දිනය. රෝහලට ඇතුඵ කරන විටත් ඇය ඩෙංගු රක්තපාත තත්වයේ කම්පන අවස්ථාවට ( Dengu Shock Stage ) පත්ව සිටි බවද වැඩි දුරටත් වාර්තා වෙයි. ඒ අනුව එදින රාති‍්‍රයේහීම ඇයව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. එහෙත් ඇය පසුගිය 12 වැනිදා එහිදී මිය ගොස් ඇත.
මියගිය ෆාතිමා ෆරීනා පාලනය නොකළ දියවැඩියා රෝගයෙන් පෙලූනූ කාන්තාවකි. ඒ එමෙන්ම මීගමුව රෝහලට ඇය ඇතුල් කල අවස්ථාවේ දී කරන ලද පරීක්ෂාවන් වලදී ඇය ට අධි රුධීර පීඩන තත්වයක් ද තිබී ඇත. කෙසේ වෙතත් ඇය ව මීගමුව රෝහලට ඇතුලත් කල පසු කරන ලද ප‍්‍රතිදේහ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඇයට ඩෙංගු තත්වයක් නොමැති බවයි. ඒ නිසා ඇයගේ පෙර රෝගී තත්වයන් මෙන්ම මීගමුව රෝහලට ඇතුලත් කල පසු ඇය වෙතින් පල වූ රෝගී තත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් අධිකරණ මරණ පරීක්ෂනයක් සිදු කරන ලදී. එහිදී මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛiවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර මරණයේ අවසන් වැඩ කටයුතු කිරීම සදහා මෘත දේහය ඥාතීන්ට භාර දී තිබේ. ඒ අනුව එම විවෘත තීන්දුවෙන් ප‍්‍රකාශයට කර ඇත්තේ ඇයගේ මරණය ඩෙංගු රෝගය නිසා සිදුවී ඇති බවට දැනට අනුමාන කල හැකි බවකි. කෙසේ වෙතත් ඇයගේ මරණය සිදු වුයේ කුමන හේතුවකින් දැයි සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව ද වර්තා වේ.
මෙම මරණය ඩෙංගු රෝගයෙන් සිදුවුණු මරණයක් ලෙස ස්ථිරයෙන් ප‍්‍රකාශයට පත් වුවහොත් එය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ මෙම 2012 වසරේ සිදුවූ ප‍්‍රථම ඩෙංගු මරණය ද වේ.
තුෂාර රොහාන්
ජනවාරි 13 වනදා සවස 3.00ට පමණ තිදරැ පියෙකු වන වර්නකුලසූරිය අසිත සරත් කුමාර
නමැති පුද්ගලයෙකුව දුන්ගාල්පිටිය සිය නිවස අසලදී කඩුවකින් සහ පිහියකින් කපා
ඝාතනය කර ඇත. වාර්තා වන පරිදි මිය ගිය අසිත සරත් කුමාර යන අය වයික්කාල
බෝලවත්තේ සාන්ත මරියා පාරේ පදිංචිකරැවෙක් වන අතර රැකියාව ලෙස
කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිට ඇත. දුංගාල්පාටියේ ද ඔහු විසින් කසිප්පු ව්‍යපාරය කරගෙන ගොස් ඇති අතර ඔහුව ඝාතනයට ලක්කොට ඇත්තේ කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිටි මවක් සහ පුතෙක=
විසිනි.
ඉන්දියාවේ අන්දමන් දුපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් 06 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දක=ලිය ප්‍රෙද්ශයේ පැවැති මරාන්තික උපවාසයට සහය දක්වනු පිණිස මීගමුවේ බහුජන සංවිධානද එක්ව සිටියහ.
විශේෂයෙන්ම එහි පැවති උද්ඝෝෂණ්යට සහය පළකරමින් මීගමුවේ පැවැති විරෝධතාවේදි ක්‍රියාකාරිව මැදිහත්වු සංවිධානයක් ලෙසින් මීගමුව ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය ප්‍රබල දායකත්වයක් ලබා දි තිබුණි.
මෙම අරගලයට එරෙහිව ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹදි විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැදවා තිබුන අතර එයට ධිවරයන් නිදහස් කරගැනිමේ ජාතික සංවිධයක යැයි කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තාද ඊට එක්ව තිබුණි. ඔහු එහිදි ජාතික ධිවර සහයෝගිතාවය විවේදනය කරමින් පවසා තිබුනේ මීගමුවවේ ඉන්න ගෑණු තමයි කල්පිටියට ගිහින් උදඝෝෂණය කලේ ඒ ගැණුම .තමයි මීගමුවේදිත් උද්ඝෝෂණය කරලා තියෙන්නේ යනුයෙන් කරන ලද ප්‍රකාශයට තමන්ට කරන ලද අපහසයක් සේ සලකා මීගමුව ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය විසින් මධ්‍ය වෙත පුවත්පත් නිවේදනයක් නිකුත්කර තිබේ.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරනය කර සිටි.
ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය 1999 ඉංදියාවෙ සිරගත වූ ධීවරයින් නිදහස් කර ගැනීමේ අරමුනෙන් ඒකරාශී වූ කාන්තාවන්ගෙන් සමන්විත එකතුවකි. 1999 සිට අද තෙක් සුඑපන්න ධීවරයා හා ධීවර කර්මාන්තයේ සුරක්‍ෂිතතාවය හා අයිතිය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා බද්ධව ක‍්‍රියාකාරීව දායක වන්නෙමු.
ශී‍්‍ර ලංකාවි සුඑපන්න ධීවරයා හා කර්මාන්තයට අදාල සියඑම ප‍්‍රශ්න හා ගැටඑ වෙනුවෙන් අපි ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා හදවතින් බද්ධවන්නේ ඒවා තුලින් ධීවර අපගේ ජීවිත හා ජීවන මාර්ග යහපත් කර ගැනීම සඳහාය.
පසුගිය 2011-10-28 දින කල්පිටිය කන්දකුලිය ධිවර කාන්තාවන් හා බද්ධව අප සහෝදර ධීවරයින් 06 දෙනෙකු අන්දමන් දූපතේ සිරමැදිරියෙන් නිදහස් කර දන ලෙස ඉල්ලීමක් කරමින් තෙදිනක් තුල සිදුකරන ලද උපවාසයට සාපේක්‍ෂව සාමකාමී උද්ඝෝෂණයකට අප සංවිධානය මැදිහත් වූයේ ස්වෙචිඡාවෙන් හා හදවතින්ම බව මෙයින් ප‍්‍රකාශ කරමු.
මෙය දරාගත නොහැකිව 2011-10-31 දින ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න හා බද්ධව ධීවරයින් නිදහස් කර ගැනීමේ ජාතික සමිබන්ධීකාරක යයි කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තෙකු පුවත්පත් සාකඡ්චාක් කැඳවා අප සංවිධානයට අපහාසාත්සක අයුරින් නිකුත් කරන ලද ප‍්‍රකාශයට අපගේ විරෝධතාව මෙයින් පල කරන අතර එය ශී‍්‍ර විමුක්ති කාන්තා සංවිධානය ලෙස තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරමු.
අපි ස්වෙචිඡා කාන්තා නිලධාරිනියන් හා සැබෑ ධීවර කාන්තාවන් වෙමු. අද ජාලයේ සෑම කාන්තාවකගේම දුක් වෙිදනා හා අපහසුතා අපගේම බවට අපි සලකන්නේ මෙවැනිම කටුක අත්දැකීමක් 1999 – 2000 අප ලබා ඇති බැවිනි. මෙවැනි අහේතුක චෝදනා ඉදිරියට ගෙනෙමින් ධීවර සහෝදරයින් නිදහස් කර ගැනීමේ වගකීමෙව් රජයට මිදීමට නොහැකි බව අපි ප‍්‍රකාශ කරන අතර, ඒ සඳහා ඉඩ සැලසීමටද අපි අවස්ථාව ලබා දෙන්නෙමු.
ස්ත‍්‍රී දූෂණ චෝදනා ධීවර අල්ලස් ලබා ගැනීමේ චෝදනා වලින්ද පිරිපුන් මෙම පුද්ගලයාට එරෙහි ළමා අපචාර චෝදනාවක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී. මෙවැනි පුද්ගලයන් හා ශ‍්‍රී ලංකාවෙ ධීවර අමාත්‍යතුමා එක් වෙදිකාවක වාඩිවී පුවත්පත් ප‍්‍රකාශ නිකුත් කිරීම ලජ්ජා සහගත විහිලුවක් බව අපි විශ්වාස කරමු.
මෙය සමස්ත ශී‍්‍ර විමුක්ති කාන්තා සංවිධානය පමණක් නොව මුඑමහත් ධීවර පරපුරටම කරන ලද අභූත චෝදනාවක් ලෙස අපි දකිමු.
මේ සඳහා විද්වත් හා දැනුවත්භාවය සහිත මානව හිතවාදී සියල්ලන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
සිරිමල් පිංටෝ ශ‍්‍රී විමුක්ති සංවිධානයෙන් පමණක් නොව සමස්ත ධීවර ප‍්‍රජාවගෙන්ම සමාව ගත යුතු බවට මෙයින් ප‍්‍රකාශ කරමු.
සමිබන්ධිකාරිකා ලේකමි
ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය
අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි. මුඵ මහත් සමාජයටම මහගු මෙහෙවරක් කර වෙසෙසින්ම අප කතෝලික ගුරු පරපුර ඇතුලූ නෙක විධ තානාන්තර දරණ ගිහි පැවිදි රාශියකට මඟපෙන්වූ මේ සුවිසාල පහන් ටැඹ මා ඉදිරියේ සිටියි. අප කතෝලික සභාවේද නෙක සත් කාර්යයන්ට හදවතින්ම සම්මාදම් වූ මේ හැබෑ කිතුනුවා නමින් බර්ටි ප‍්‍රනාන්දු ය. අදත් කතෝලික ධර්මය පාසැල් පෙළ පොත්වල උපදේශක ලෙස ඔහුගේ නම ආර්. එම් බර්ටි ප‍්‍රනාන්දු නමින් සනිටුහන් වී ඇත. රජයේ ගුරු පත්වීමක් ලැබුව ද ටික කලකින් එය පසෙකලා කතෝලික පෞද්ගලික පාසැල් ඇතුළු සමාජ සේවා ස්ථාන රාශියක ස්වාමීන් වහන්සේගේ ‘‘දේව රාජ්‍යය’’ ගොඩනැගීමට හිතට එකඟවම ඔහු පංගුකාරයෙක් විය. මම පෞද්ගලිකව ඔහුගෙන් විධිමත් අධ්‍යාපනයක් කවරදාකවත් ලැබීමට පින් කර නොතිබිණි. එහෙත් ඔහු හා කතාබහ කරමින්් හෙළබස ඉංගි‍්‍රසියට පහණක් නොව, කතෝලික ධර්මය පිළිබඳව ද දැනුමක් නොවිධිමත් ලෙස ඔහුගෙන් ලත් බව ඔහුව අගයමින් භක්ත්‍යාදරයෙන් සිහිකරමි. මා වැනි දෙනෝදාහකට එතුමා පිහිට පතනට ඇත. විශ‍්‍රාම සුවයකට වඩා විශ‍්‍රාම වේදනා නීරස රසවිඳීන අයුරු දැකීම සිත් කම්පා කරයි. කොළඹ ධර්මෝපදේශ මධ්‍යස්ථානය සහ මීගමුව කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස සේවය කළ මොහු බෝලවලාන ගුරු විදුහලේ රෝ.ක. අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළ කාලය මට අද වගේ මතකයි. මගේ සමහර සමකාලීන ඉංගී‍්‍රසි ගුරුවරුන්ව ඉංගී‍්‍රසි ගුරුවරුන් බවට ඔසවා තැබුවේ මේ ආගම කථිකාචාර්යවරයා බව නොරහසකි ‘ගේට්වේ’ ආයතනයේ ද මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ද තාවකාලිකව කාලයක් ඔහු ගුරු ක්ෂේත‍්‍රයේ නියැලී සිටි වග මට මතකයි. ගරු කන්‍යාසොයුරියන්ව ගරු කන්‍යා සොහොයුරන්ව පමණක් නොව සමහර විටෙක ගරු පියතුමන්ලාව ද මෙතුමා දැනුමෙන් පෝෂණය කළ වග ප‍්‍රසිද්ධ රහසකි. මේ ප‍්‍රාඥයා අද පත්ව ඇති ඉරණම ශෝචනීයයි. ඔහුගේ අතමිටද සරු නැත. දරු මල්ලන්ගෙන් යැපෙමින් දුක සේ කාලය ගෙවන දිසාපාමොක් කවුරු හෝ තම දිවියේ දැනුම දුන් දුවෙක් පුතෙක් බැහැදකින්න එතැයි යන පිවිතුරු චේතනාවෙන් ඇස් දල්වා ගෙන බලා සිටියි. විශ‍්‍රාම වැටුපක් නොලබන මෙම ගුරු පියාට එසේ වුණේ මන්දැයි සිතනවාට වඩා මට දුක සිතෙන දෙයක් එතැන සිදුවිණි. ඔහුගේ දුවෙක් පැවසූ දේ අප වත්මන් සමාජයට ගැසූ අතුල් පහරක් යැයි මම සිතමි ‘‘තාත්තා පාරේ හැරමිටියෙන් යනකොට ඔහු ළඟින් ගොඩක් සිස්ටර්ලා සුවාමිලා උගන්වපු ගෝලයෝ පාස්වෙනවා ගොඩක් අය තාත්තාගෙන් උදව් ගත්තු අය තාත්තට ඒ අයව දැන් අඳුනන්න බැහැ. ඒ තාත්තගෙ දැන් ඇස් ටිකක් පෙන්නෙ නැති හින්දා. ඒ විතරක්යැ ඒ අයටත් දැන් තාත්තව අඳුනගන්න බැහැනේ ’’ මතු දිනෙක බර්ටි ප‍්‍රනාන්දු ගුණානුස්මරණය කරමින් නෙක සංවිධාන බොහෝ මහත්වරු නෝනාවරු ගිහි පැවිදි ලොකු තනතුරු දරණ බොහෝ උදවිය ගුණ වනනු ඇත නෙක වර්ණ ඡායාරූප සබැඳි ලිපි ඔහුගේ නමට වෙන්වෙනු ඇත. ඔහු ඒවා නොදකිනු ඇත මතුදිනෙක වන මෙම සංසිද්ධියට ප‍්‍රථමව අද දින මොහුව බැහැදැක වදනක්වත් කථාකළොත් අපි කෙළෙහිගුණ දන්න මිනිසුන් වනු ඇත. එහෙව් මිනිසත්කම අදුනන මිනිසුන්ට කරන දැන්වීමයි මේ ! ආර්. එම්. බර්ටි ප‍්‍රනාන්දු ඇදරුතුමනී ඔබට ආයුබෝ වේවා !
මෙරිල් මීපුර
මිගමු දළුවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන බියකරු අපරාධ පිළිබඳව කැඩපතකි.
තිස්තුන් හැවිරිදි එක්දරු මාතාවක් වූ ශ‍්‍රීනි වාසනා සැප්තැම්බර් 25 වන දින සිය නිවසින් පිටව ගියේ බැංකුවට යෑමට හා කොණ්ඩය කපා ගැනීමටය. ඉක්මනින් ගෙදර එන බවත් ගෙදරට දවල් අහාරය සදහා කෑම ගෙන එන බවටත් පොරොන්දු වූ ඇයට ඉදිරි පැය ගණන තුළ මුහුණ දෙන්නට සිදුවන විපත පිළිබඳව යාන්තම් හෝ හෝඩුවාවක් නොතිබෙන්නට ඇත.
ඇය කොණ්ඩය කපා ගැනිමට හා මුහුණට ෆේෂල් එකක් කරගැනිමට ගියේ සුපුරුදු රූපලාවන්‍යාගාරයකටය. එහෙත් ඇය එම ස්ථානයේදි මුහුණදුන් තත්ත්වය තවමත් මුළුමනින් හෙළිදරව් නොවු අභිරහසක් ලෙස පවති.
මෙදිනෙන් සතිදෙකකට පමණ පසුව රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය හා ඇයගේ ස්වාමියා විසින් පොලිසියට කියා ඇති අයුරු ඇය යම් ආලේපනයක් නිසා කලාන්ත වූවා යැයි ද ඉන් ටික වේලාවකට පසු ඇය මියගියේ යැයිද ප‍්‍රකාශ කරයි. එය සිදුවුයේ එසේ නම් රූපලාවනාගාරයේ හිමිකරුවන් විසින් කල යුතු වූයේ හැකි ඉක්මනින් ඇය එම ස්ථානයට නුදුරින් පිහිටා තිබු රෝහලට හෝ මෙම ප‍්‍රදේශයේ සිටිනා වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමය. පහළ මහලේ කණ්නාඩි වෙළඳ ව්‍යාපාරයක් ඉහළ මාලයේ රූපලාවන්‍යාගාරයක් කරගෙන ගිය මෙම පවුලට මෙවැනි හදිසි අවස්ථාවක ගත යුතු වූ එම පියවර අමතක වූයේ කෙසේද? මෙම යුවල දුරකථන පාවිච්චියට පුරුදුව සිටියාට සැකයක් නැත. හදිසි අවස්ථාවකදි යම් ආධාරයක් අවශ්‍ය වුවා නම් දුරකථනය මගින් එය කරවා ගැනීමට බැරිකමක් ඔවුන්ට තිබුනේ නැත.
කෙසේ වුවත් මෙසේ තමන්ගේ සේවය පතා පැමිණි මෙම කාන්තාව ආගන්තුකයෙකු වුවා වෙන්නට බැරිය. ඇය යම් හදිසියකට මුහුණ දුන්නා නම් ඒ පිළිබඳව ඇයගේ දෙමාපියනට හෝ ලොයෝලා විදුහලට දැනුම් දිමට බැරිකමක් තිබුනේද නැත. එම ප‍්‍රදේශයේම ගුරුවරියක වූ ඇය පිළිබඳව හදිසි අවස්ථාවකදි යම් ආධාරයක් සොයා ගැනිමට අවශ්‍ය වුවා නම් එය කිරිමට කිසිදු බාධකයක් මෙම යුවලට පැවතුනේ නැත.
එහෙත් දැනට හෙළිදරව් කර ඇති තොරතුරු වලට අනුව ඔවුන් කලේ වෙනත් ක‍්‍රියාවන්ය. මියගිය සේවාදායිකාවගේ කරේ පැළඳ සිටි මාලත්, අතේ පැළඳ සිටි මුදු දෙකක්ද, අතේ පැළඳ සිටි බ්‍රේස්ලට් එකද ගලවාගෙන ඒවා උකස්කර මුදල් ලබා ගැනිමට මෙම යුවළ යොමුවිය. සේවාලාභියාගේ මළ සිරුර ගෙදර සෙල්ලම් බඩු දමන පෙට්ටියක දමා සඟවන ලදි. රාත‍්‍රි කාලය තුළම එසේ මළසිරුර සඟවා තබන ලදි. ? පසු ව ඔවුන් හඳුනන රියදුරෙකුගේ ආධාරයද ලබාගෙන මළ මිනිය තිබු එම පෙට්ටිය වාහනයක දමාගෙන බොහෝ දුරක් ගමන් කොට හැඳල පාළු ස්ථානයකදි වාහනය නවත්වා එම පෙට්ටිය එහි දමා පැනයන ලදි. ඉන් පසු සති දෙකකට වැඩි කාලයක් මෙම රහස සගවාගෙන කිසිවක් නොදන්නවුන් සේ මේ තිදෙනාම හැසිරුනහ.
මේ සිද්ධියෙන් ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. මෙම පෙට්ටිය රථයේ දමාගෙන ගිය රියදුරා මෙම සිද්ධියට සම්බන්ධවුයේ ඇයි? හුදෙක්ම වාහනය එළවා කුළියක් ලබාගැනිම සදහා මෙවැනි කටයුත්තකට සාමාන්‍ය රියදුරෙකු සහභාගි කරවා ගත නොහැකිය. රියදුරු එසේ සම්බන්ධවිමට යම් හේතුවක් තිබිය යුතුය. ඒ හේතුව කුමක්ද? මේ දක්වා පොලිසිය විසින් ප‍්‍රකාශයට පත්කොට ඇති තොරතුරු වලින් රියදුරුගේ මෙම හැසිරීම පිළිබඳව කිසිදු කරුණක් හෙළිදරව් කර නැත.
මෙහිදි මතුවන සාධාරණ ප‍්‍රශ්නයක් ඇත. මේ රියදුරු අපරාධයට සම්බන්ධ මෙම යුවළ වෙනුවෙන් මෙවැනි කටයුත්තක් කළ පළමු වතාව මෙයද? මීගමු ප‍්‍රදේශයේ තවත් අභිරහස් සිදුවීම් ගණනාවක්ම වාර්තාවී ඇතැයි කියවෙන හෙයින් ඉහත සදහන් ප‍්‍රශ්නයට මෙම රියදුරුගෙන් ලැබෙන උත්තරය සමහර විට මෙම මරණය පිළිබදව අභිරහස පමණක් නොව වෙනත් අභිරහස් විසදා ගැනිමටද අධාර වීමට බැරි නැත.
මේ සියළුම සිද්ධින් තුළින් මතුවන ගැටළුව නම් මේ මරණය සිදුවූයේ අපරාධයට සම්බන්ධ යැයි කියන යුවල විසින් කියන ආකාරයටද? නැතහොත් වෙනත් ආකාරයකින්ද යන්නය. රූපලාවනාගාරයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව එම සේවයේදි භාවිතා කරන ආලේප පිළිබඳව දැනුමක් නොතිබුණු අයෙක් වීමට බැරි නැත. එවැනි අයෙකු තමන්ගේ සේවාලාභිනට විපත්තිදායක විය හැකි ආලේප හා මිශ‍්‍රන වලින් වැළකි සිටිමට දැණුමක් ඇත්තියක යැයි සිතිම සාධාරණය. එසේ නම් හුදෙක්ම අහම්බයක් ලෙස කලාන්ත විමක් සිදුවුණු බවට දැනට ප‍්‍රසිද්ධියට පත්කර ඇති කරුණු සැබෑ විය හැකිද?
ලංකාවේ පොලිසියට කටඋත්තර ගැනිම හැර වෙනත් විශේසඥ ඥානයක් නොතිබෙනවා විය හැකිය. එසේ නම් පොලිසියේ යුතුකම වන්නේ මේ සිද්ධියට අදාල රසායනික කරුණු පිළිබඳව අවබෝධයක් ඇති විශේසඥවරුන්ගේ සහාය ලබාගැනිම මගින් මේ සිද්ධිය සිදුවුනා යැයි කියන ආකාරය ගැන අපරාධය පිළිබඳව සැකකාරිය විසින් කියන කථාවේ සත්‍ය අසත්‍යභාය ගැන විද්‍යාත්මකව සොයා බැලිය යුතුව ඇත. දැනට හෙළිදරව් කර ඇති කරුණු වලට අනුව එවැන්නක් කෙරි ඇති බවට සාක්‍ෂි නැත. මෙවැනි කරුණක් පිළිබඳව නිසි උපදෙස් ලබා නිසි පරික්‍ෂණ පැවැත්විම පොලිසියේ යුතුකම සේ පවති.
කාන්තාවක් කලාන්ත වූ විගසම මියයන්නේ නැත. යමෙක් කලාන්ත වෙනවා දකින තවත් අයෙකු සාමාන්‍යයෙන් ගන්නා ප‍්‍රථමාධාර බොහෝ සෙයින් පවති. මෙම සැකකාරිය විසින් එසේ ගෙන ඇති පියවර මොනවාද? හුදෙක්ම කලන්ත වුනා ඉන්පසු මියගියා යනුවෙන් කියන කරුණ පිළිබඳව සැබෑ තත්ත්වය වෛද්‍යවරුන්ගේ උපදෙස් තුළින් සොයාගත හැකිය. කලාන්ත වූයේ කියටද? ඉන්පසු මරණය සිදුවි ඇත්තේ කොයි වේලාවේද යන්න පිළිබඳව තහවුරු කිරිමට වෛද්‍යවරුනට පුළුවන. මේ තුළින් මෙම සිද්ධිය වූ ආකාරය පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගත හැකිය.
මේවා සෙවිමේ වැදගත්කම ඇත්තේ මිනිමැරුමක් හා අහම්ඹයෙන් සිදුවූ හදිසි අනතුරක් අතර අපරාධ නිතිය ඉදිරියේ විශාල වෙනසක් පවතින නිසාය. අපරාධ පරික්‍ෂණයේ අඩුපාඩු තුළින් මෙම සිද්ධිය පිළිබඳව යථා තත්ත්වය දැන් හෙළිදරව් නොකල හොත් එම අඩුපාඩුවේ වාසිය ලබාගැනිමට මෙම මහා අපරාධයේ අපරාධකරුවන් උත්සාහ කරණු ඇත.
මෙය සාමාන්‍ය අපරාධයක් නොවේ. තමන්මත විශ්වාසය තබා තමන්ගේ සේවා සොයා පැමිණි අයෙකුගේ මරණයත් එම මරණයෙන් පසු කර ඇති සොරකම් හා මරණය වසන් කිරිමට ගෙන ඇති උපාය මාර්ග සාමාන්‍ය ජනජිවිතයේදි අසන්නට ලැබෙන අපරාධයකට වඩා බරපතල කමක් මෙම සිද්ධිය තුළ පවතින බව හෙළිදරව් කරයි.
සමාජය තුළ මෙතරම් විශාල අපරාධ සිදුවිමට පටන් ගෙන තිබිම මෙම අපරාධකරුවන් පිළිබඳව පමණක් නොව මුළු සමාජය පිළිබඳවත් සමාජයේ ආරක්‍ෂාවට පවතින නිතිමය සංස්ථාවන්ගේ ඇති වී ඇති අර්බුදය පිළිබඳවත් හඩගා කියයි. මියගිය අයෙකුගේ ආභාරණ ගලවා ගෙන ඒවා උගස් තියා තමන්ගේ ණයක් බේරාගැනිමට පෙළඹෙන තරමට ප‍්‍රසිද්ධ ව්‍යාපාර ගෙනයන්නන් දෙදෙනෙකු මෙසේ හැසිරිම අද සිදුවෙමින් පවතින සමාජ පරිවර්ථනය පිළිබඳව බරපතල ලෙස හෙළිදරවු කරයි.
මීගමු ප‍්‍රදේශය බොහෝ කලෙක සිට අපරාධ සම්බන්ධයෙන් ඉතා අවාසනාවන්ත තත්ත්වයක පවති. එම ප‍්‍රදේශයේ බොහෝ කලක් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වශයෙන් සිටි සෝමසිරි ලියනගේ මහතා දැන් බරපතල අපරාධ චෝදනා මත රිමාන්ඞ් භාරයේ සිටි. ඔහුට ඇති චෝදනාව වන්නේ යම් සැකකරුවෙකු විසින් ඉහළ පොලිස් නිලධාරියෙකුගේ ගෙදරින් සොරා ගන්නා ලද විශාල වටිනාකමක් ඇති ස්වර්ණාභරණ එම සැකකරුගෙන් ලබාගෙන මෙම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා තමන් සතු කරගත් බවය. පොලිස් මූලස්ථානය තුළම මෙවැනි විශාල අපරාධ සිදුවන තත්ත්වයක් තුළ වෙනත් අපරාධ කරුවන් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරවා ගැනිම සඳහා තවත් බරපතල අපරාධ කිරිම එතරම් පුදුමයක් නොවේ.
බරපතල අපරාධ පිළිබඳව පවා පරික්‍ෂණ නොකරන තත්ත්වයක්ද මිගමුව ප‍්‍රදේශය තුළ බොහෝ කාලයක් තිස්සේ පවති. එය හෙළිදරව් කරන එක් සිද්ධියක් නම් සුගත් නිශාන්ත ප‍්‍රනාන්දු යන අයට අදාලව සිදුවු සිදුවිම් ගණනාවකි. මුළින් ඔහුගෙන් අල්ලස් ගෙන ඉන් පසු ඔහු ඊට විරුද්ධව පැමිණිලිකල නිසා ඔහුටත් ඔහුගේ පවුලටත් බරපතල පොලිසිය විසින් පහර දෙන ලදි. එසේ පහරදුන් බවට නම්කර තිබු පොලිස් නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙන්ම ඉහත සදහන් මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයාද ඇතුළත් විය. ඉන් පසු ප‍්‍රනාන්දු මහතා මේ පිළිබදව ගොණුකල මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස ඔහුට විරුද්ධව බලකෙරුණු අතර එසේ නොකල හොත් ඔහු මරාදමන බවට තර්ජනය කරන ලදි. ඉන් පසු මහ දහවල් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩිතබා මරාදමන ලදි. එම මරණයට පරක්‍ෂණයක් පවත්වන ලෙස පවුලේ උදවියත් මානව හිමිකම් ව්‍යාපාරත් මාධ්‍යයත් විසින් කරණ ලද ඉල්ලිම් නොතකා හරින ලද අතර මෙම සිද්ධිය සිදුවි අවුරුදු දෙකකට වැඩි කාලයක් දැන් ගතවි ඇති නමුත් මරණ පරික්‍ෂණයක් සිදු නොවිය. ඒ වෙනුවට ප‍්‍රනාන්දු මහතාගේ බිරිඳ හා දරුවන් මරාදැමිමේ ප‍්‍රයත්නයන් මාස ගණනාවක් තිස්සේ පැවති අතර අවසානයේ ඔවුන්ට තමන්ගේ පණ ගලවා ගැනිම සඳහා රටින් පිටවි යෑමට සිදුවිය.
මීගමු ප‍්‍රදේශයේ නුදුරු අතිතයේදි පැවති මහා පරිමාණ අපරාධ මෙවැනි කෙටි ලිපියකින් විස්තර කල නොහැක. එහෙත් මේ සියළු අපරාධ තුළින් මතුවි ඇති තත්ත්වය නම් අපරාධවලින් පිරි අඝාධයක් බවට මීගමු ප‍්‍රදේශය පත්වි තිබිමය. මේ අතින් මිගමුව විශේෂ තැනක් නොවේ. ලංකාව පුරාම අද පවතින්නේ මෙවැනි අපරාධයන්ගෙන් පිරි නිතිය කඩා වැටුනු අපරාධකාරයන්ගේ පාරාදිසියකි. සමාජයේ සෑම කටයුත්තක්ම කෙරෙන්නේ මැරවරයන් හා අපරාධකරුවන් මාධ්‍ය කොටගෙනය.
සංගිත ආචාරිනි ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මියගේ මරණය තුළින් මතුකරන සමාජමය ප‍්‍රශ්නය නම් නිතියේ ආධිපත්‍යය නැතිවි ඇති ලාංකිය සමාජය තුළ එය නැවත තහවුරු කරගැනිම සඳහා ගතයුතු පියවර පිළිබඳව අවබෝධයකට ලගාවි එම ප‍්‍රශ්නයට මුහුණදිමය. ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා දැන් ඇතිවිය යුතු මහජන ව්‍යාපාරය නම් නිතිය ස්ථාවර කරගැනිම සදහා ඇතිකරගත යුතු ව්‍යාපාරයකි. එසේ කිරිමට පමාවෙන සෑම දිනයක් පාසාම රූපලාවන්‍යාගාර තුළ පමණක් නොව සෑම අස්සක මුල්ලකම මෙවැනි මහත් අපරාධ හා විපත් සිදුවනු ඇත.
නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු
මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත් නඩු වාරයක් පසුගිය සැප්තැම්බර් 10 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී වීරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට සැක පිට මීගමුව මහා නගර සභාවේ හිටපු ආන්ඩු පක්ෂ නාගරීක මංතී‍්‍රවරයෙකු වන මාර්ක් සුජිත් නැමැත්තා ඇතු`ඵව තවත් සැකකරුවන් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරව සිටින මෙම සැකකරුවන් 04 දෙනාට අමතරව තවත් එත් සැකකරුවෙකු පිලිබ`දව ඝාතනයට ලක් වූ රුවන් දිල්සිරි ෆොන්සේකාගේ බිරි`ද වන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ 40 හැවිරිදි ඒ. එම්. භද්‍රා මනෝහාරී නැමැත්තිය පොලිසියට කරන ලද ප‍්‍රකාශයක් අනුව එම සැකකරුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීනි. මෙදින නඩු වාරයේදී ප‍්‍රථම වතාවට එම 05 වන සැකකරුවද අධිකරණයට ඉදිරිපත් කර තිබුනු අතර එම සැකකරුව එදිනම හ`දුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ 13 හැවිරිදි පුතු ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා විසින් ඔහු හ`දුනා ගැණිනි. හ`දුනා ගැනිමේදී පෙරට්ටුවේදී ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා පුතු පවසා තිබුනේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරු , එදින තම පියාව බිමට වැටුන වේලේ තම පියාව තදින් අල්ලා ගෙන සිටි පුද්ගලයා බවයි. එලෙසම මියගිය තැනැත්තාගේ බිරි`ද ඒ. එම්. භද්‍රා මනෝහාරී පවසා තිබුනේ මෙම 05 වන සැකකරු තම සැමියා ඝාතනය වු එම අවස්ථාවේ කි‍්‍රකට් පිත්තක් අතැතිව සිටි බවයි.
මෙහිදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුනේ මෙම සිද්ධිය සිදු වු දින මෙම 05 වන සැකකරු කතරගම වන්දනාවේ යෙදී සිටි බවයි. එලෙසම එම නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ මෙම සැකකරුවන් මරණයක් සිද්ධ කිරීමේ චේතනාවෙන් එම අවස්ථාවේ කටයුතු නොකල බවකි.
ඉන් පසුව අධිකරණය විසින් පැමිණිලි පාර්ශවයට නියෝග කලේ් මෙම මරණය සම්බන්ධයෙන් අදාල පශ්චාත් අධිකරණ වෛi වාර්තාව ඉක්මනින් අධිකරනයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 26 වැනි දිනට දින නියම කෙරිනි. එලෙසම එදින දක්වා සැකකරුවන් 05 දෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙදින සැකකරුවන් වෙනුවෙන් ඉන්දික සිල්වා මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නීතිඥ ම`ඩුල්ලක් පෙනී සිටියහ. කට්ටුව, රුවන් දිල්සිරි ෆොන්සේකා ඝාතන සැකකරුවන්
ඔක්තෝබර් දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරයට.
මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත් නඩු වාරයක් පසුගිය සැප්තැම්බර් 10 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී වීරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට සැක පිට මීගමුව මහා නගර සභාවේ හිටපු ආන්ඩු පක්ෂ නාගරීක මංතී‍්‍රවරයෙකු වන මාර්ක් සුජිත් නැමැත්තා ඇතු`ඵව තවත් සැකකරුවන් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරව සිටින මෙම සැකකරුවන් 04 දෙනාට අමතරව තවත් එත් සැකකරුවෙකු පිලිබ`දව ඝාතනයට ලක් වූ රුවන් දිල්සිරි ෆොන්සේකාගේ බිරි`ද වන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ 40 හැවිරිදි ඒ. එම්. භද්‍රා මනෝහාරී නැමැත්තිය පොලිසියට කරන ලද ප‍්‍රකාශයක් අනුව එම සැකකරුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීනි. මෙදින නඩු වාරයේදී ප‍්‍රථම වතාවට එම 05 වන සැකකරුවද අධිකරණයට ඉදිරිපත් කර තිබුනු අතර එම සැකකරුව එදිනම හ`දුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ 13 හැවිරිදි පුතු ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා විසින් ඔහු හ`දුනා ගැණිනි. හ`දුනා ගැනිමේදී පෙරට්ටුවේදී ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා පුතු පවසා තිබුනේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරු , එදින තම පියාව බිමට වැටුන වේලේ තම පියාව තදින් අල්ලා ගෙන සිටි පුද්ගලයා බවයි. එලෙසම මියගිය තැනැත්තාගේ බිරි`ද ඒ. එම්. භද්‍රා මනෝහාරී පවසා තිබුනේ මෙම 05 වන සැකකරු තම සැමියා ඝාතනය වු එම අවස්ථාවේ කි‍්‍රකට් පිත්තක් අතැතිව සිටි බවයි.
මෙහිදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුනේ මෙම සිද්ධිය සිදු වු දින මෙම 05 වන සැකකරු කතරගම වන්දනාවේ යෙදී සිටි බවයි. එලෙසම එම නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ මෙම සැකකරුවන් මරණයක් සිද්ධ කිරීමේ චේතනාවෙන් එම අවස්ථාවේ කටයුතු නොකල බවකි.
ඉන් පසුව අධිකරණය විසින් පැමිණිලි පාර්ශවයට නියෝග කලේ් මෙම මරණය සම්බන්ධයෙන් අදාල පශ්චාත් අධිකරණ වෛi වාර්තාව ඉක්මනින් අධිකරනයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 26 වැනි දිනට දින නියම කෙරිනි. එලෙසම එදින දක්වා සැකකරුවන් 05 දෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙදින සැකකරුවන් වෙනුවෙන් ඉන්දික සිල්වා මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නීතිඥ ම`ඩුල්ලක් පෙනී සිටියහ.
You can subscribe to meepura by e-mail address to receive news and upates directly in your inbox. Simply enter your e-mail below and click Sign Up!
| සඳුදා | අඟ | බදාදා | බ්‍රහස් | සිකු | සෙන | ඉරිදා |
|---|---|---|---|---|---|---|
| « අප්‍රේ | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | 31 | |||