Interviews

‘මගේ කෙටිකතාවට පසුබිම් වුනේ කාන්තාවන් ලෙස අප මුහුණ දෙන ඉවරයක් නැති යුද්ධය ගැනයි,

Posted on 21 ඔක් 2011 at 3:04ප.ව.

රෆායිදීන් හසීන් උම්මාගේ දෙමව්පියෝ මීගමුවේ උපන් අය වෙති. හසීන් උම්මා කොට්ටරාමුල්ලේ උපත ලබා මීගමුවේ හැදී වැඞී පෙරියමුල්ල අල්හිලාල් මධ්‍ය  මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඉහළ පන්තිය ඉගෙනුම සඳහා කොළඹ  වුල්ෆැන්ඩෝල් බාලිකා විද්‍යාලයට ගොස් අ.පො.ස.(සා.පෙළ* සමත් වූවාය. ආරභම්යේ දී ගුවන් විදුලියේ මුස්ලීම් කාන්තා වැඩසටහන් වල නිරතවෙමින් හඬ දීමෙන් කවි, කතන්දර, රචනා පිටපත් ලිවීමෙන් දායක වී ඇත. තව දමිළ ස්වදේශ අංශයේ කාන්තා වැඩසටහන්හි නියැලූණාය.  දැනට නවමණි පත‍්‍රයට හා අල්හසනාත් වැනි ජාත්‍යන්තර සඟරාවට ද ලියමින් සිටින්නීය. රෆායිදීන් හසීන්  මීගමුවේ පළමු මුස්ලීම් සමාදාන විනිශ්චකාරියක් වන අතර  සමාජ සේවයේ නිරත වෙයි. 

ඔබ සාහිත්‍ය කලා කටයුතු වල  ආරම්භය ? 

මම මුලින්ම සම්බන්ධ වුණේ  ගුවන්විදුලි වැඩසටහන් වලට. 1966 දී පමණ. දෙමළ මාධ්‍යයෙන්. ‘ඔලිමංජරී’ දමිළ වැඩසටහනට තමයි මම මුලින්ම නිර්මාණ ඉදිරිපත් කළේ. ඒකේ කාන්තා වැඩසටහන් වලට මගේ නිර්මාණ  ඉදිරිපත් කළා. ඒ වගේම ‘මාදර් මදිලිස්’ මුස්ලිම් වැඩසටහනටත්, ‘ඉල්ලරජෝදී ’ වැටසටහන මෙන්ම අධ්‍යාපන සේවයටත්  මම නිර්මාණ, රචනා, කළා. ඒ වගේම මම ගුවන් විදුලි වැඩසටහන් වල  පිටපත් රචනය වගේම හඬ දීමත් කළා. ‘මාදර් මදිලිස්’ වැඩසටහනට මම සම්බන්ධ වුණේ 1984 දී පමණ. පසුව කාලයක් මම සාහිත්‍ය , කලා කටයුතු වලින් ඈත් වුණා, ජීවිතේ ලබන්නට සිදුවූ අවිවේකී හා විවිධ අත්දැකීම් නිසා. 

පසුව මම නැවතත්  අල් හසනාත් සඟරාවට ලිව්වා. තිනකරන් පුවත්පතේ ‘වාර මංජරී ’ එකට මගේ කවි, නිර්මාණ පළකරනවා. 

නවමනී පුවත්පතටත් මම සාහිත්‍ය නිර්මාණ ලියනවා.

රසිකයින් හෝ පාඨක ජනතාව අතරට ඔබව හඳුන්වාදුන්නේ කොහොම ද? 

ස්වදේශීය සේවයේ දෙමළ අංශයේ ඉල්ලරජෝදී වැඩසටහනට  මම නිර්මාණ, කළේ හසීමා රෆයිදීන්,  නසීමා රහ්මාන් යන නම් වලින්. නවමනී පුවත්පතට මම ලියන්නේ  ‘ උම්මු ඉම්තියාස් ’ කියන නමින්. 

මෙවර සාහිත්‍ය උත්සවයේදී ජයග‍්‍රහණ ලබා ඇති ඔබේ නිර්මාණ ගැන සිංහල පාඨකයින්ටත් යමක් පැවසුවහොත්? 

මෙවර රාජ්‍ය සාහිත්‍ය,කලා, සංස්කෘතික උත්සවයේදී මා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් සහ කෙටි කතාවකට විවෘත අංශයෙන්  ප‍්‍රථම ස්ථානය හිමිවි තිබෙනවා.  කවියේ මාතෘකාව තමයි 

‘‘අපේ රට හැදෙන්න, යහපත් දේ සිතන්න”  කෙටිකතාවේ මාතෘකාව තමයි – ” ඉවරයක් නැති යුද්ධය ”

එම කෙටිකතාව මම ලිව්වේ අවුරුදු 20කට උඩදී.  මෙවර සාහිත්‍ය තරගයට ඉදිරිපත් කළා, 

කෙටිකතාවට පසුබිම් වූ තේමාව –  

මෙම කෙටි කතාවට මා පදනම් කර ගත්තේ මුස්ලිම් කාන්තාව සිය ජීවිතය තුළදී අත්දකින අත්විඳින සංස්කෘතිමය,  සාමාජීය සීමාවන් සමඟ ඇය යටපත් කරන ඇගේම ආත්මීය විමුක්තිය පිළිබඳවයි. එය මෙබඳුයි. උදාහරණයක් ලෙස කිව්වොත් මම පොඩි කාලේ ඉ`දලා හොඳට ඉගෙන ගත්තා. නමුත් මගේ පියා කැමති වුණේ නෑ මම  රැුකියාවක් කරනවාට. ඒ  නිසා පසුකාලයේදී මගේ ජීවිතයට එය වාරුවක් වී අවශ්‍යතාවයක් වූ විට මට ඒ නිසා අපහසුතා විඳින්නට සිදුවුණා. අපේ ආගමේ තිබෙන විදිහට අධ්‍යාපනය ලැබීමට ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයිතිවාසිකමක් තිබෙනවා.  ඉපදුන දා ඉදලා තාත්තා කියනවා ඔයා ගෑණු ළමයෙක් ඔයා ඉන්ඩ  ඕනා මෙහෙමයි කියලා. පස්සේ, සහෝදරයා ඊළඟට ස්වාමියා කියනවා, ඊටත් පස්සේ පුතාලා. මේ සීමාවන් පැනවෙන්නේ අපේ ආරක්ෂාවට වුවත් අප ඒවාට ඇහුම්කන් දෙන්නේ ඔවුන්ට තිබෙන ගෞරවය නිසා වුවත් අප ඒ තුළින් අප සාමාජීය පසුබෑමකට, දුර්වලවීමකට ලක් වෙනවා. මගේ කෙටිකතාවට පසුබිම් වූයේ  කාන්තාවන් ලෙස අප මුහුණ දෙන මේ අවසානයක් නැති  සංස්කෘතිමය යුද්ධය ගැනයි. 

ඔබ කතාකරන්නේ ඉස්ලාම් ධර්මය තුළ කාන්තාවට දී ඇති අයිතිවාසිකම් ගැන යි ? 

 ඔව්. අධ්‍යාපනයට මෙන්ම,  තමන්ගේ වෘත්තීය කටයුතු  කිරීමට, පවුලේ හෝ සහෝදරයින්ගේ වැඩකටයුතු වලට සහභාගී වීමට අපේ ආගමෙන් අපට නිදහසක් තිබෙනවා. අපේ බොහෝ කාන්තාවන් ඒ නිදහසින් නිසි ලෙස ප‍්‍රයෝජන ගන්නේ නෑ. ඒ ගැන ඉගෙන ගන්නේ නෑ. ඉගෙන ගන්ඩ අවස්තාව ලැබෙනකොට ඒවා අතහරිනවා. ඒ නිසා තමන්ගේ දරුවෝ හරි මාර්ගයට යොමු කරන්ඩ හැකියාව නැති වෙනවා.

ඔබේ නිර්මාණ කරන්නේ  කුමන අරමුණක් වෙනුවෙන් ද? 

මගේ නිර්මාණ වලදී මම හිතනවා, සිංහල, මුස්ලිම්, දමිළ ජනතා අතර සමගිය ගැන. ඒ වෙනුවෙන් අපේ සාහිත්‍ය තුළින් යමක් කළ යුතුයි කියලා හිතනවා. අනිත් එක අපේ තරුණ පරපුරට නිවැරදි මාර්ගයට ගැනීමට අපට පුලූවන් දෙයක් කළ යුතුයි කයන එකයි මගේ හැඟීම.   

‘‘ඌරු මස්, හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලනය කරන්ඩ බැහැ’’

Posted on 25 අප්‍රේ 2011 at 12:17ප.ව.
ඔබ ඉදාහ ජමකඑමරු එක හොඳින් නඩත්තු කරනවා වගේම ඇඳුම් ඇදීමේදීත් කැපීපේන විලාසිතා කරනවා. ලංකාවේ පොලිටික්ස් වලදී ඒ දෙකම වැදගත් කියලා හිතනවා ද?
මම දෙව්සත්හලක අධ්‍යාපනය ලැබුවා. ඒ ආභාෂයත් එක්ක පිළිවෙල කියන දේ එදා ඉදලා මගේ ජීවිතයට එකතු වෙච්ච දෙයක්. අපිළිවෙල දේශපාලකයොත් ඉන්නවා. මේ මගේ හැටි. මගේ සියලූ දේට පිළිවෙල අවශ්‍යයයි. ඒක මගේ මනසට බලපානවා.
මම ලස්සනට අදිනවා.
දේශපාලනය කරන්ඩ බැහැ ලෙඞ්ඩු වෙලා. මම මගේ ශරීර සෞඛ්‍යට ගැලපෙන විදිහේ ව්‍යායාම තෝරගෙන තමයි කරන්නේ. ඌරු මස් කකා හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලන ජීවිතය තුළ වුවත් නිරෝගීව ඉන්ඩ බැහැ. කැපවීමක් කරන්ඩ වෙනවා.
ඔබේ පක්ෂය තුළ ප‍්‍රතිසංස්කරණ ඉදිරපත් කරන පහළ සාමාජිකයින් මේ රජයේ ඒකාධිපති වියරුවට එරෙහිව කිසිවක් නොකර නිහඬව සිටීම ගැන ඔබ මොක ද හිතන්නේ ?
පක්ෂය නිසා තමයි අපි ඉන්නේ. පක්ෂය ආරක්ෂා කරගන්ඩ  ඕනා තමන්ගේ පැවැත්මට වඩා. එහෙමනම් ඒ පක්ෂයට කවුරුත් ආදරය කරන්ඩ  ඕනා. සමහරුන්ට යම් යම් පරිත්‍යාග කරන්ඩ සිද්ධ වෙනවා. පරිත්‍යාග වලින් උතුම්ම පරිත්‍යාගය වන ජීවිත පරිත්‍යාගය කරන්ඩ බලන් තමයි දේශපාලනයට එන්නේ. පක්ෂයේ පහළ සාමාජිකයින්ගේ තිබෙන උනන්දුව මදිකම ගැන පිළිබඳව යම් තීන්දුවක් පක්ෂයේ නායකයින් විසින් ගන්ඩ  ඕනා. ඒකට අපිට චෝදනා කරන්ඩ පුලූවන්, ඇගිල්ල දික්කරන්ඩ පුළුවන්. එහෙම අපි ඇගිල්ල දික් කළා කියලා කාටවත් තමන්ගේ තනතුරු දාලා යන්ඩ කියලා ඇගිල්ල දික්කිරීමෙන්, උද්ඝෝෂණ කිරීමෙන් තෙරුමක් නෑ. විණයානුකූල පක්ෂයක් ලෙස ඒ ඒ කාල වලදී ඒ ඒ තීන්දු තීරණ ගත යුතුයි.
විපක්ෂයේ ප‍්‍රාදේශීය දේශපාලන නායකයින්, මන්ත‍්‍රීවරු තමන්ගේ දේශපාලනය ගමේ මට්ටමට කපාගෙන ඉන්නේ.. රටේ මේ තරම් අර්බුදයක් තියෙද්දී එහෙම වෙන එක අප්සට් නේද?
පහළ ඉන්න යම් සාමාජිකයෝ ඉන්නවා ප‍්‍රබල සාමාජිකයෝ. එදා ඉදලා ඉන්න අය. තව කණ්ඩායම් ඉන්නවා යම් කාල වලදී අපිට එකතු වෙනවා අයින් වෙනවා. දැන් මේ විපක්ෂයේ අවුරුදු ගාණක් එදා ඉදලා අපිත් එක්ක ඉන්න අය ඉන්නවා. ඒ අයගෙත් ජීවිත ප‍්‍රශ්න, පළිගැනීම්, ජීවිත හානි, දේශපාලන පළිගැනීම් දැවෙන ප‍්‍රශ්න ගොඩාක් තිබෙනවා. සමහර අවස්ථාවල බලාපොරොත්තු නැති වෙන මොහොතවල් එනවා. එතකොට තල්ලු ස්ටාට් කරන්ඩ වෙනවා. සමහර වෙලාවට කොයිලූත් බහින වෙලාවල් තිබෙනවා. අද විපක්ෂය යටින් කරන්ඩ ඒන දේ උඩින් කරන්නේ. උඩින් කරන්ඩ  ඕන දේ යටින් කරන්නනේ. පාක්ෂිකයා කලකිරිලා. ඒ අයව තල්ලූ කිරීමේ හැකියාවක් නෑ. ලෝකයේ  ඕනම රටක ආණ්ඩුවක් පෙරලන්නේ විපක්ෂය තමයි. ප‍්‍රබල ආණ්ඩු කොයි වෙලාවේ මොන විදිහට තිබුණත් ඒවා හමුදා,පොලීසිත් එක්ක තිබුණ ආණ්ඩු තමයි පෙරලූවේ. ඒවා සැලසුම් කරන්නේත් ආණ්ඩුවේ සියලූම ඔත්තුසේවා තියෙද්දී. මෙතන වෙන ප‍්‍රශ්නයක පැටලිලා ඉන්නේ. තාම බලයට පත්වෙලා මාස 6ක්වත් නෑ. පත්වෙච්ච 67 දෙනොගෙන් මේ වෙද්දී කීදෙනක් ආණ්ඩු පැත්තට ගියා ද ? ඒවට හේතුවකුත් නෑ. වදුරා කැකුණ තලද්දී හබන් කකුලට මගුල් වගේ එහෙම යන අයත් ඉන්නවා. මෙතන ඉදලා වැඩක් නෑ කියලා යන්ඩ ඉන්න අයට මේවා රුකුල්.
යූඑන් එකට විශාල පිරිසක් අරන් යන්ඩ කෝටි 140ක් වියදම් කරපු එක කතා නොකර රනිල් තේ බීපු එක කතා කරන්ඩ පාක්ෂිකයෝ පෙළඹිලා තියෙනවා. මේ ඇත්ත අර්බුදය පක්ෂ සාමාජිකත්වය සමග කතා නොකර මේ සඳහා ස්ථීර විසඳුමක් සෙවීම වෙනුවට ජනප‍්‍රිය තැන් වලින් ප‍්‍රශ්නය දැකීම ගැන ප‍්‍රාදේශීය නායකයෙක් ලෙස ඔබ මොකද හිතන්නේ ?
මේ ප‍්‍රශ්නය මම දකින විදිහට පාක්ෂිකයන්ගේ ඔලූවට බඩට දැනිලා තිබෙනවා. ඒක ඔවුන් දකින විදිහ ඔවුන්ගේ විඥානය. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. නමුත් ඒක කොරන්නේ කොහොම ද ? මම කියන්නේ නෑ තාවකාලික විසඳුම් යෙදීම සුදුසුයි කියලා. ඇත්තටම රනිල් වික‍්‍රමසිහ වගේ බුද්ධිමත් නායකයෙක් අපට ඉන්නවා. එක රුපියලක් වංචා කරන්නේ නැති, වැඩපිළිවෙලක් තියෙන අවංක , මේ රට ගොඩගන්ඩ පුලූවන් නියම සැලසුම් හදන්ඩ පුලූවන් නායකයා එයා. සුදුස්සා එයා. අපිටවත් කිසිම වංචාවක් කරන්ඩ ලැබෙන එකක් නෑ. අපේම ජනතාවට මහින්ද රාජපක්ෂගේ ඇමතිවරු ,
ඒ බලඅධිකාරිය ඒ මිනිස්සුන්ට මුදල්, අනෙකුත් වරදාන දෙනවා. ඒ හරහා අපි අත වන වන හිස් බෙලෙක්ක අරන් අපි යනවා. ඒක තමයි අපිට තිබෙන අභියෝගය.

ඔබ ශරීරය සම්බන්ධ සංස්කාතීන්  හොඳින් නඩත්තු කරනවා වගේම ඇඳුම් ඇදීමේදීත් කැපීපේන විලාසිතා කරනවා. ලංකාවේ පොලිටික්ස් වලදී ඒ දෙකම වැදගත් කියලා හිතනවා ද?

අම්මා

අම්මා

Posted on 24 අප්‍රේ 2011 at 11:30පෙ.ව.
මීගමු නගරයේ 273 පිටිපන පාරේ නිතර යනඑන අප කාටත් කොතලාවල පාලම අසල තල් අල විකුණන ඈ අමුත්තියක නොවන බව අපි දනිමු. නමින් පන්ඩාරම් ජෙබමාලයි වුවද අප කවුරුත් ඈ හ`දුනන්නේ ‘ජීවා’ නමිනි.‘‘මීපුර’’අපි මෙවර කතාබහ තුළින් ඇය හමුවීමට සිතුවෙමු. මේ ඇය සමග කළ කතාබහයි.

අම්මාගේ රැුකියාව ගැන විස්කරයක් කළොත්:

මම දැන් අවුරුදු 15ක් විතර ඉ`දන් මේ රස්සාව කරන්නේ .මං ඉන්නේ පෑලියගොඩ.එහෙ ඉ`දලා තමයි මං මීගමුවට මේ රස්සාවට එන්නේ.උදේ 8ට විතර ගෙදරින්  එනවා. එද්දී තල් අල 150-200 විතර ගේනවා.ඒ ඔක්කොම විකුණගෙන හවස 3.30ට විතර තමයි මං ආපහු ගෙදර යන්නේ.

අම්මා ගේ පවුලේ තොරතුරු කොහොම ද?

මං ඉපදුනේ ගාල්ලෙ.විවාහ වුණාට පස්සේ මං මහත්තයත් එක්ක පෑලියගොඩට ආවා. මගේ මහත්තයාගේ නම කේ. පච්චමාල්.මට දරුවො දෙන්නෙක් ඉන්නවා.දුවෙකුයි පුතෙකුයි.එයාලත් දැන් විවාහ වෙලා.

ඊට පස්සේ අපි දෙන්නා පෑලියගොඩ කීරගොටුවේ කීර(පලා*වික්කා. ඒ රස්සාවෙන් ලාභ නැති නිසා මමයි මහත්තයයි තල් අල විකුණන්න පටන් ගත්තා.

අපි කොළඹ ගිහින් තොගේට තල් අල සල්ලිවලට අරගෙන පෑලියගොඩ දී තම්බලා කටුනායක ගුවන්තොටුපොළ ළ`ග වික්කා .ඒ අපි මෙහෙට එන්න කලින්.අපි මෙහෙ රස්සාව පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා.දැනට අවු:6 කට කලින් මගේ මහත්තයා නැති වුණා.එදා ඉ`දන් මං තනියම මේ රස්සාව කරනවා.

මේ රස්සාව ගැන මෙහෙ ජීවිතේ ගැන අම්මා මොකද හිතන්නේ:

කටුනායක ඉද්දී ඒ කියන්නේ 79-80 වගේ කාලෙ.  එතන ඉන්න  ඕනෙනම් අවසර පත‍්‍ර ගන්න කිව්වා.අපි හරිම අසරණ මිනිස්සුනෙ.ඒවා ගැන තේරුමක්  තිබුණෙත්  නෑ.එතන ඉන්න කරදර නිසා අපි කොතලාවල පාලම  ළ`ග වෙළෙ`දාම පටන් ගත්තා.

මෙහෙ හරිම නිදහස්.එදා ඉ`දලා මේ වෙනකල් මට මෙහෙ රස්සාව කරන්න කිසිම බාධාවක් වෙලා නැහැ.මෙහෙ මිනිස්සු හරිම හො`දයි.මේ අවට හැමෝම මාව දන්නවා.මං ගේන තල් අල ඔක්කොම විකිණෙනවා.මගෙන් හැමදාම තල් අල ගන්න පුරුදු වුණ අයත් ඉන්නවා.

අම්මා මේ රස්සාව කරන එක ගැන සතුටු වෙනවාද?

ඔව්.මං මේක කරන්නේ කැමැත්තෙන්.මේකෙන් මට ජීවත්වෙන්න ප‍්‍රමාණවත් ආදායමක් ලැබෙනවා. මං මගේ ජීවිතේ පු`ඵවන් තරම් කාලයක් මේ රස්සාව කරනවා. මං මගේ දරුවන්ට කරදර කරන්න කැමති නෑ.එයාලත් ඒක දන්නවා.ඒ නිසා කරදරයක් නෑ.

දේවිකා නිල්මිණී -අචිනි ශානිකා

පාඨකයෝ අඩු වූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා

Posted on 24 අප්‍රේ 2011 at 9:52පෙ.ව.
ඔබ කවියෙක් මෙන්ම සන්නිවේදන මාධ්‍ය කීපයකම නියැලෙනවා. එම මාධ්‍ය අතරින්  සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ලෙස ඔබ තෝරාගන්නේ කුමක් ද ?
මා  ප‍්‍රබලව නිරත වන මාධ්‍ය ලෙස මා හඳුනාගන්නේ පුවත් වාර්තාකරණයයි. කලාව පැත්තෙන් මිනිසුන්ට වෙන අසාධාරණය වගේම ජාතික සමගිය වගේ දේවල් ගැන පුළුල්ව කතා කළ හැකියි.
ඉස්සර මම කවි වලින් කෙටිකතා ලිව්වේ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන මගේ මතය කවි වලින් ප‍්‍රකාශ කිරීමටයි. ඒක එක කලාවක්. ප‍්‍රවෘත්ති වාර්තාකරණය කියන භාවිතාව ගත්තොත් මම අවු – 7ක් විතර වීරකේසරී වාර්තාකරු ලෙස ලියනවා. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී විශාල ලෙස සමාජයට බලපෑම් කරන්ඩ පුළුවන්. අද තිබෙන සමාජ වටපිටාව තුළ කවියට වඩා ප‍්‍රවෘත්ති මාධ්‍යයට බලයක් තිබෙනවා. මුස්ලිම් හෝ දෙමළ ලෙස බැලූවොත් කලාකරුවන් සිටින්නේ බොහොම සුළුතරයක්. අපි කවි පොතක් පළ කළොත් ඒකට යන වියදමවත් කවර් කරන්ඩ ලැබෙන්නේ නැහැ. අපට මෙතනදි තිබෙන්නේ තෘප්තිය විතරයි. සිංහල සමාජයේ ලේඛන වලට තිබෙන අලෙවියට සාපේක්ෂව දමිළ මාධ්‍ය සඳහා තිබෙන ඉල්ලූම අඩුයි. තවත් කාරණයක් තමයි ලංකාවේ දමිළ පාඨකයා  විශේෂයෙන් තමිල්නාඩු සඟරා තමයි වැඩිපුර බලන්නේ. එකක් සිනමාව. දමිල පාඨකයා තුළ ලංකාවේ කලාකාරයින්ට වඩා ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ කලාකරුවන්ට පිළිගැනීම වැඩියි. ඔවුන් අතර ජනප‍්‍රිය වන්නේ ඉන්දියානු තමිල් ඉන්දියානු චිත‍්‍රපට ගීත තමයි. ඒ වගේ පසුබිමක, පාඨකයෝ අඩුවූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා.
බේ මාධ්‍ය වෘත්තියට හා කලා නිර්මාණ වලට බලපෑ අත්දැකීම් ?
අපේ ගෙදර, අපේ තාත්තා පුස්තකාලයක් හදලා තිබුණා. මම ඒ කාලේ සතියකට පොත් 5ක් කියවනවාමයි.   ඒ කියවීමට වගේම මගේ ලිවීමේ කටයුතු වලට තාත්තාගේ බලපෑම තිබුණා. තාත්තා ඒ කාලේ වීරකේසරී පුවත්පතට ලිව්වා. ඉස්ලාම් ධර්මය ගැන විශේෂාංග ලිපි. මටත් ආශාවක්  ආවා, මමත් ලියන්ඩ පටන් ගත යුතුයි කියලා.  1979 දී මම පාසල්  සඟරාවකට ලිව්වා. ඒ වගේම ඒ කාලේ තිබුණා ‘චින්තාමනී’ කියලා පුවත්පතක්. ඒක කළේ එම්.ඞී ගුණසේන සමාගමෙන්.  ඒකේ තිබුණා කාන්තාවන්ට පිටුවක්.  මම  අපේ අම්මගේ නමින් ඒකටත් ලිව්වා.
මට මගේ ගෙදර මාපියන් වගේම ඇසුරු කළ මිතුරන් හා පරිසරයත් බලපෑවා ලිවීමට.  1983 දී විතර මම උසස් පෙළ කරන කාලේ. කලූ ජූලි කලබල ,කොළඹදී  පිච්චෙන මළමිනී මම ඇස්දෙකට දැකලා තියෙනවා. මගේ කෙටි කතාවකට තේමාව වුනෙත් මේ ජනවාර්ගික ප‍්‍රශ්නය. එක කෙටිකතාවකට ජාත්‍යන්තර ඇගයුමක් සහ සහතිකයක් ද, මුදල් පරිත්‍යාගයක් ද මට ලැබුණා. ඒකේ තේමාව ‘‘ එකම දේශයේ පරෙවියෝ ’’
සම්මාන ලැබුණ ගී පද රචනය 1993දී රචිත එකක්. ඒකේ සිංහල අර්ථය තමයි ‘‘මිනිසුන් ලෙස අපි අලූතෙන් ඉපදෙමු’’ යන්නයි.
අනෙක් කරුණ තමා මගේ මාධ්‍ය දෙමළ. මීගමුවට ආවට  සුනාමි අවතැන්වූවන්ගේ සැමරුමකදී මට හමුවෙනවා මෙහේ ප‍්‍රාදේශීය පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ සහ අනෙක් සිංහල මාධ්‍යවේදීන්.  ඒ මුණගැසීම් වලින් පස්සේ මගේ ප‍්‍රවෘත්තී වාර්තා කිරීම තවත් පුළුල් වුණා. ඒ වගේම මීපුර පුවත්පත විසින් ප‍්‍රකාශයට පත්කළ ‘තේනගම්’ පුවත්පතේ මාස 6ක් පමණ වැඩකරන්ඩ ලැබුණා. ඒකත් ලොකු අත්දැකීමක්. ඩිප්ලෝමා එකකට වඩා ප‍්‍රායෝගිකව ලබන දැනුම වෙනස්. සිංහල මාධ්‍යවේදීන් සමඟ ලැබුණ ඇසුර සහ ඔවුන්ගේ අත්දැකීම් මගේ මේ මාධ්‍ය වාත්තීයට විශාල අත්දැකීමක් ගෙනවා.
ඔබ වීරකේසරී පුවත්පතට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
පාසල් යන කාලේ ඉදලා මම කවි, විශේෂාංග එහෙම ලිව්වා වීරකේසරී පත්තරේට. පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා එකක් කළා. ඒ කාලයේ දී වීරකේසරි පුවත්පතේ ජනමාධ්‍යවේදීන් සඳහා  ඇබෑර්තුවක් තිබෙනවා කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. මමත් අයඳුම්පත් දැම්මා. පැය 3ක ඉන්ටර්වීව් එකක් තිබුණා. මාව තෝරගත්තා. නමුත් මට  ඕනා කළේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙක් ලෙස සම්බන්ධවීමටයි. ඔවුන් ඒ සඳහා  නැවත ඇබෑර්තුවක් දැම්මා මාස 3කින් විතර පස්සේ. ඒකටත් මම ඉල්ලූවා. ඒකෙදීත් මාව තෝරගත්තා. ඒ 2004 වර්ෂයේදීී. එතැන් පටන් මම දිගටම වීරකේසරී පුවත්පතට වාර්තා කරනවා.
මීගමුවේ හෝ ඔබ නියෝජනය කරන කලාපය තුළදී ඔබට වාර්තා කරන්නට ලැබුණ විශේෂ ප‍්‍රවෘත්ති හෝ සිදුවීම් තිබෙනවා ද ?
බන්ධනාගාරයේදී ඇªම රෝගයෙන් පෙළුණ තරුණියක් මැරුණා. ඔවුන් ආගමන විගමන පනත යටතේ දීර්ඝ කාලයක් මීගමුව බන්ධනාගාරය තුළ රැුඳවූවන්. එම මරණයත් සමඟ ඒ ප‍්‍රශ්නය ගැන මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් සිදුවුණා.
රැුඳවියන් නිදහස්කර ගැනීම සඳහා උද්ඝෝෂණ කළා. ඒ වගේම මම වාර්තා කළ තවත් සිදුවීමක් තමයි මීගමුවේ රෝහලේ දී 6 වන මහලෙන් වැටිලා මිය ගිය චමිලාගේ ගේ සිදුවීම. ඒ සිදුවීම දිගටම වාර්තා කළා.
ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකිරීම  මීගමුවේ සංවර්ධනයට කෙතරම් බලපෑමක් කරනවද ?
පුවත්පතේ වාර්තා කළාට පස්සේ ඒවා සම්බන්ධව පරීක්ෂණ කරපු අවස්ථා තිබෙනවා. අපේ නෝනට 3 වෙනි බබා හම්භ වෙන්ඩ ඉද්දී වෙච්ච සිදුවීමක් තියෙනවා. එයාව බලන්ඩ මිඞ්වයිෆ් ආවේ නෑ. අපි හොයලා බැලූවා ඒ ඇයි කියලා. නමුත් දැනගත්තා එයා එන්නේ නෑ කියලා. පස්සේ මම මේ ගැන ලිව්වා. පළවුණා. පළවුණාට පස්සේ ඊළඟ දවසේ මිඞ්වයිෆ් ආවා. ඇවිත් කිව්වා බලන්නකෝ කව්රු හරි පත්තරේට ලියලා තියෙනවා මම යන්නේ නෑ කියලා, මාව විමර්ශනය කළානේ, ඔයාලා දන්නවානේ මම එනවා කියලා ටිකක් දොස් කිව්වා. එයා දන්නවා මම ගුරුවරයෙක් කියලා, නමුත් මාධ්‍යවේදීයෙක් කියලා දන්නේ නෑ. පස්සේ තවදුරටත් ක්ලීනික් එකේ තිබෙන අඩුපාඩු ගැනත් ලිව්වා. ඒක ගැනත් විමර්ශනයක් තිබුණා. ඒ වගේ ගොඩාක් සිදුවීම් තිබෙනවා, පත්තරේ පළවුණාට පස්සේ ජනතාවට වඩා සේවයක් සිද්ධ වුණා. ප‍්‍රශ්න අඩුපාඩු වගේම සංස්කෘතික දේවල් පවා වාර්තා කළා. මීගමුව ප‍්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට තිබෙන ප‍්‍රශ්න ගැන සාමාන්‍යයෙන් දෙමළ පත්තරේ එතරම් වාර්තා වුණෙ නෑ ඉස්සර.  දැන් වීරකේසරී පුවත්පතේ වැඩිම අලෙවිය තියෙන්නෙත් මිගමුවේ.  ඒ වගේම වීරකේසරී පුවත්පතේ  ශාඛාවකුත් දැන් මීගමුවේ තිබෙනවා.
ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී සිදුවූ විශේෂ අත්දැකීම් තිබෙනව ද?
අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මියගිය වෙලාවේ මම නිවාඩු දාලා කොළඹ ගිහින් හිටියේ. කොළඹ ගිය නිසා කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේ කාර්යාලයෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙක් එන්ඩ ලෑස්ති වෙලා හිටියා. ඒ ප‍්‍රවෘත්තිය ආවරණය කරන්ඩ. පස්සේ මගෙන් ඇහැව්වා ඔයාට පුලූවන් ද කවර් කරන්ඩ තනියෙන් කියලා, පස්සේ මම ඒක කළා . හැම මාධ්‍යකින්ම මාධ්‍යවේදීන් 4 දෙනෙක් පමණ හිටියා. මට තිබුණේ මගේ ඩිජිටල් කැමරාව විතරයි. නමුත් ඒක ඉතා සාර්ථකව කර ගැනීමට ලැබුණා. ඒ වගේම තමා පා.මන්ත‍්‍රී ද.මු. දසනායක මහතා මියගිය වෙලාවෙත් මම තමයි වීරකේසරී පුවත්පතට ඒ පුවත වාර්තා කළේ.
ප‍්‍රාදේශීය මාධ්‍යකරණයේ දී තමන්ගේ වෘත්තීය ආචාරධර්ම ආරක්ෂාකර ගැනීම අභියෝගයක් ?
මාධ්‍යවේදීයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. තමන්ගේ වෘත්තියේ ප‍්‍රතිපත්ති මුදලට විකුණන අයත් ඉන්නවා. මම ගත්තොත්, මේ වෘත්තිය තුළ මට අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මම ලියන්නේ. ඒකේදී ආණ්ඩු පක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයටත් විරුද්ධව ලියන්ඩ පුලූවන්. හැබැයි ඒක ජනතාවට සිදුවන්නේ හොඳ දෙයක්. මගේ මාධ්‍ය දෙමළ වීම නිසා මට ගැටෙන්ඩ තරම් සිදුවීම් ඇවිල්ලත් නෑ. එකක් දෙකක් ඇරෙන්නට. මොකද මේ ප‍්‍රදේශයේ වැඩියෙන් ඉන්නේ සිංහල දේශපාලකයෝ. ඔවුන්ට දෙමළ මාධ්‍යවේදීන්ගෙන් ලොකු ප‍්‍රයෝජනයක් හෝ අවශ්‍යතාවයක් නෑ. දේශපාලකයින් සමඟ සම්බන්ධතාවයක් තබාගැනීම අපේ වෘත්තියේ අවශ්‍යතාවයක්. නමුත් මම කිසිම බලපෑමකට කිසිවක් වාර්තා කර හෝ නොකර හිඳ නෑ, පසුගිය යුද වාතාවරණය තුළ මීගමුවේ පදිංචි දෙමළ ජනතාවට සිදුවූ විවිධ හිරිහැර මම වාර්තා කළා. ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමක් සිදුවුණා. ඒ වගේම කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීම් සිදුවුණා. දෙමළ ජනතාවගේ රත්්තරන් මාල කඩා ගැනීම්  සිදුවුණා. ඒ වගේ දේවල් මම වාර්තා කළා. ඒ කාලේ තිබුණ වාතාවරණය අනුව සමහර ප‍්‍රවෘත්ති පළ කළෙත් නෑ. ඒක මගේ වෘත්තීය වගකීම ලෙස මම සිතනනවා. අනික් එක තමා මම නීතියට ගරු කළ යුතුයි කියා විශ්වාස කරන කෙනෙක්.

එම්. ඉෂෙඞ් සාජහාන් මහතා වීරකේසරී පුවත්පතේ මාධ්‍යවේදීයෙකු ලෙස මීගමුව නියෝජනය කරන අතර වෘත්තීයෙන් උප විදුහල්පතිවරයෙකි. දමිළ බසින් මෙම ප‍්‍රදේශයේ සිංහල , දමිළ , මුස්ලිම් ජනතාවගේ සමාජ ප‍්‍රශ්න පිළිබඳව වාර්තා කරයි. විද්‍යුත් ජනමාධ්‍ය තුළට ප‍්‍රවේශවී ඇති සාජහාන් මහතා සිය බ්ලොග් අඩවිය හරහා ද පුවත්වාර්තාකරණයේ යෙදී සිටියි.  පසුගියදා ලංකා පුවත්පත විසින් පැවැත්වූ ‘‘ෂෙල් නැති අහසක් යට’’ කලා උළෙලේ දී  ඔහු විසින් රචිත ගී පද රචනාවකට පළමු ස්ථානය හා  (දමිළ අංශයෙන් *  සම්මානයක් පිරි නැමිණි. ඔහු සමඟ කළ සංවාදයක් පහත පළවේ.

Advertisement

More Posts

News Archive

පෙබරවාරි 2012
සඳුදා අඟ බදාදා බ්‍රහස් සිකු සෙන ඉරිදා
« ජන    
 12345
6789101112
13141516171819
20212223242526
272829