Saturday, September 23, 2017
Breaking News
You are here: Home » Negombo Heritage (page 2)

Category Archives: Negombo Heritage

Feed Subscription<

පාස්කු හෙවත් කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ චර්යාව

1797629_897439413614985_3427809420862437099_n

පාස්කු හෙවත් චතාරික සමය මීගමුවේ හදුන්වනූයේ ‘කොරෝස්ම’ කාලය යනුවෙනි. එය පෘතුගීසි භාෂාවෙන් බිදීආ වදනකි: පෘතුගීසි භාෂාවෙන් චතාරික සමය හැදුන්වුයේ  `quaresma’ හෙවත් ‘කොරේස්මා’ යනුවෙනි. එපමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන් Holy Saturday ලෙස හදුන්වන මහ සිකුරාදාට පසු එළබෙන සෙනසුරාදා මීගමුවේ පමණක් නොව ලංකාවේ බොහෝ කතෝලිකයන් හදුන්වනුයේ ‘ආලේලූයියා සෙනසුරාදා’ නමිනි. එයද පෘතුගීසි භාෂාවෙන් බිදී ආවකි.  පෘතුගීසි භාෂාවෙන් එම සෙනසුරාදා හැදුන්වනුයේ ‘Sábado de Aleluia’ යනුවෙනි. තවද පාස්කු ඉරිදා දිනය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වනුයේ ... Read More »

ගරු මර්සලින් ජයකොඩි පියනම සැමරීමට ජනපති එක්වෙයි

d094d781b3ab33861375f06c6930a54b_L

 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 0 9වනදා දංකොටුවේ පැවති ”එරබදු වසන්තම්” සංස්කෘතික වැඩසටහනකට සහභාගි වූ අතර එහිදී ඔහු විසින් ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් සැමරීමකට ද එක්විය. මෙහිදී ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී මෙම වැඩසටහන රටේ ජාතික සහා ආගමික සහජීවනය වෙනුවෙන් කැපවී ඇති බවත්  සමගිය හා සාමය ගොඩනැගීම සියලූම ආගම් වල අරමුණ බවත් සදහන් කරන ලදී. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ගරු මර්සලින් ... Read More »

යක්කුන්ගේ නැටුම්වලට පල්ලියෙන් අද තහංචි ?

devil

පාස්කු සමයේ තවත් විශේෂිත දින වන අද අලේලුයියා සෙනසුරා නමින් හදුන්වනු ලැබේ. මහසිකුරාදි දිනයේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා මරා දමා ගල්ලෙනක තැන්පත් කිරිමෙන් අනතුරුව මරණයෙන් නැගි සිටින්නේ අද රාත්‍රියේදිය. අද දිනයට අදාලව කලක පටන් පැවත එන සිරිතක් ලෙසින් යක්කුන් සංකේත කරමින් කළු පැහැ වර්ණ ගල්වා ගත් මිනිසුන් කොළ අතු ඇද පාරවල් වල නැටුම් නටා සැරිසරති. විශේෂයෙන්ම මීගමුව දූව ප්‍රදේශයේ ... Read More »

දූව ගමේ ,පාස්කු සමයේ ආරම්භය සනිටුහන් කළ බිත්තර ප්‍රහාරය ….

ගුරු 5

ලංකාවේ පාස්කු සම්ප්‍රදායන් සම්බන්ධයෙන් මීගමුව දූව ග්‍රාමයට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. පාස්කුවට අදාලව වු වාරිත්‍ර විවිධ සම්ප්‍රදයන් තවමත් එහි ක්‍රියාත්මකය. කිතුණුවන්ගේ චතාරික සමය ඇරඹෙන්නේ අළු බදාදි දිනයෙනි. අගහරුවාදය. මේ වසරේ එය යෙදි තිබුනේ මාර්තු 01 වෙනිදාටය. ගුරු අගහරුවාදා යෙදෙන්නේ අළු බදාදා දිනයට පෙර අගහරුවාදා දිනයයි. මේ වසරේ එය යෙදුනේ පෙබරවාරි 28 දාටය. දූවේ එදා පටන් ම පැවැති සම්ප්‍රදාය වි  තිබුනේ බිත්තර ... Read More »

මුහුදු තීරයේ ගල්පර සරසන සුන්දර මුහුදු ජීවියා ඉකිරියා …

ඉකිරි 5

ඉකිරියා තලාහේන මුහුදු තීරයේ වෙරළාශ්‍රිතව ගල්පර වල  බහුලව දැකිය හැකි ජීවියෙකි.ජාපනය වැනි රටක ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන අමු මසුන් නැතහොත් ශුෂි ආහාරය පිළියෙල කිරිමේදි ඉකිරියාගේ මදය එයට එකතු කරයි .එහෙත් ශ්‍රිලංකාවේ තවමත් මෙය ව්‍යාපාරික මට්ටමේ කර්මාන්තයක් ලෙස සැලකෙන්නේ නැත. මුහුදු තීරය තුල ඉතා බහුලව වැවෙන මේ ජීවියා විටෙක මිනිසුන්ට කරදරයක් වන අවස්ථාද ඇත.මක්නිසාදයත් උගේ විහිදි ඇති තියුණු කටු මිනිස් ශරිරයේ ... Read More »

අධ්‍යාපන නිලධාරින්ගේ එකමුතුවෙන් තෛයිපොංගල් කළඑලි වෙයි…

Welihena RCTV

මීගමුව  කලාප අධ්‍යාපන කාර්යාලය තවත් ආයතන   සමග එක්ව තෛයිපොංගල් වෙනුවෙන් අලංකාරවත්  සංස්කෘතික වැඩසටහනක් අද   (31 වනදා ) මීගමුවේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට මීගමුව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යක්ෂ මන්ඩලයේ නියෝජිතයින් මෙන්ම ජා -ඇල අධ්‍යාපන  කලාපය නියෝනය කරමින් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙම තෙතයිපොංගල් උත්සවය සිංහල හා දෙමළ ශිෂ්‍ය ශීෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම හා ... Read More »

මීගමුවේත් ජයටම පොංගල් බත ඉදෙයි !

101

මීගමුවේ  වෙසෙන හින්දු භක්තිකයන් එක්ව කෝවිල් වලට ගොස් තෛයිපොංගල් උත්සවය සැමරු අයුරු මීගමුව වීරකේසරි සහ සිරස වාර්ථා කරු එම්.ඉසෙඩ් සහජාන් සිය කැමරා කාච තුල සටහන් කර තැබුනේ මෙලෙසය. Read More »

මිගමුවේ අග්‍රගන්‍ය පැරණි කලාකරුවෙක් ජිවන රඟමඩලෙන් සමුගනී.

tmp_1122-received_10154652372951014444762866

මිගමුවේ ප්‍රකට පැරණි කලාකරුවෙකු වු ජෝශප් ලුවිස් මහතා 85 ජීවිත රඟමඩ සදහටම සමුගෙන තිබේ.තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මේ අග්‍රගන්‍ය කලාකරුවා මිගමුවේ ටීටර් නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රමුඛයෙකු විය.මිය යන විට එතුමා 85 වැනි වියේ පසුවිය.ඔහුගේ පළමු ටීටර් නාට්‍යය වු ජීවිතයේ ඉරණම 1972 කේදි වේදිකා ගතකෙරුණි.ටීටර් 20කට අධික සංඛ්‍යාවක් වේදිකාවේ ගතකොට තිබේ.ජෝශප් ලුවිස් මහතා 1936 ජුනි මස 3 වනදා උපත ලැබු අතර 2016 ... Read More »

මීගමුවට ”නයෝමි” කැන්දන් ආ සෝමසිරි මහතා !

9

(දෙවන සංස්කරණය )මීගමුවේ බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුල නම් තබා ඇති තැන් අතර ඉහලින් කියැවෙන නමක් වන්නේ නයෝමිය. නියෝමි මිගමුවට කැන්දන් ඒ යුගපුරුෂයා වන්නේ සෝමසිරි ජයමහ මහතාය. මීගමුවෙ කොරනේෂන් හෝටලයේ සේවකයෙකු ලෙසින් ඇරඹි ගමන අද මීගමුව තුල නමක් දිනු බේකරි නිෂ්පාදන ආයතනයක් මෙන්ම ආපන ශාලා ජාලයක හිමිකරුවෙකු වු සෝමසිරි ජයමහ මහතාගේ 40 වසරක ව්‍යාපාරික දිවිය අගයමින් වු උත්කර්ෂවත් හමුවක් දෙසැම්බර් 10 ... Read More »

වැලිහේන රෝමානු කතෝලික දැරිවියන්ගේ නත්තල් සැමරුම්

sj5

මීගමුව- වැලිහේන රෝ/ක  දමිළ විද්‍යාලයේ නත්තල් උත්සවය ඊයේ (30) වනදා පැවැත්වූ අතර  ඒ සදහා විශේෂ අමුත්තන් ද සහභාගී වී සිටියහ. ඒ අතර ගරු අමිල ගෝමස් පියතුමා,තෝප්පුව වැලිහේන රෝ/ක  දමිළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කන්‍යා සොහොයුරියන් ද වූහ. මෙම උත්සවය පාසලේ විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. Read More »