News

මීගමු විපක්ෂ නායක ඇතුළු පිරිස ලබන 29 වැනිදා උසාවියට.

Posted on 22 පෙබ 2012 at 7:15ප.ව.

මුදල් වංචාවක් පිළිබදව චෝදනාවක් හේතුවෙන් දැනට බන්ධනාගාරගත කොට ඇති මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස පෙබරවාරි 29 වැනිදා යළි උසාවියට ඉදිරිපත් කිරිමට  නියමිතය.

අදත් මීගමුවේ බෝට්ටු 95% කටත් වඩා ගොඩ,,…..

Posted on 22 පෙබ 2012 at 7:04ප.ව.

ධීවර පවුල් මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවකිනි.ඒ දින 10 කටත් වඩා කාලයක් කිසිදු අදායම් ඔවුනට නොතිබුන නිසාවෙනි.ධීවර සංවිධාන නියෝජිතයන්ගේ එකගතාවය රජයේ යෝජනාවලියට ලැබි ඇත. සටන අවසන් ව ඇත්තේ එලෙසිනි. සහනාධාරය ලබාදෙනු වස් යම් සැලසුම් සැකසෙමින් පවතින බව දැනගන්නට තිබේ. එහෙත් ධීවරයන් තවමත් සිටින්නේ දෙගඩියාවෙනි.මේ නිසා අදත් මීගමුවේ පොඩි බෝට්ටු 95% කටත් වඩා මුහුදට ගොස් නැති බව අපට දන්වා සිටියේ පසුගිය දිනවල ධීවර අරගලයේ සිටි නම හෙළි කරන්නට අකමැති ක්‍රියාකාරිකයෙකි.

හෝටලයෙන් පහර කා රෝගී වූ ජීසස්ගේ ජීවිතයට වන්දි ගෙවන්නේ කව්ද?

හෝටලයෙන් පහර කා රෝගී වූ ජීසස්ගේ ජීවිතයට වන්දි ගෙවන්නේ කව්ද?

Posted on 22 පෙබ 2012 at 1:18ප.ව.

ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. 2011 අගෝස්තු මස 07 වනදා බලාපොරොත්තු නොවූ ලෙස පෙරියමුල්ල අනසර් හෝටලයේ දී ඇතිවූ සිදුවීමකදී එම  හෝටලයේ සේවකයන් අතින් බරපතල ලෙස පහරකෑමකට ලක්වීමට ජීසස්ට සිදුවිය.  එහිදී සේවකයෙකුගේ අතින් එල්ල වූ රයිස් හැන්දෙන් කළ පහරක් හේතුවෙන් ජීසස්ගේ හිසට බරපතල ලෙස තුවාල වී  කොළඹ මහා රෝහලේ දී සැත්කම් කීපයකට භාජනය වූ පසු ඔහුව රාගම රණවිරැ සෙවනට යොමුකර ඇත්තේ ව්‍යායාම විලින් ඔහුගේ ශරීරයේ අඩපනවූ වම් භාගය සුවවීම සදහායි. මාස කීපයකට පසු ජීසස් රාගම රණවිරැ සෙවනේ සිට පසුගිය 08 වෙනිදා පෙරියමුල්ලේ සිය නිවසට පැමින ඇත.
පෙබරවාරි 09 දා මීගමුව පොලීසිය ඔහුගේ නිවසට පැමිණ ඔහු සහ මවත් සමග පෙරියමුල්ලේ
අන්සර් හෝටලයට ඔවුන් ගෙන ගොස් පහරදුන් පුද්ගලයන් හදුනාගන්නා ලෙස පවසා ඇත. තමාට පහරදුන් එක්  සේවකයෙකු හදුනාගෙන ඇති අතර ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  ජීසස් පවසන්නේ  තමා ඇතුළු මිතුරන්ට පහරදුන් දවසේ  හෝටලයේ සිටි
අනෙක් සේවකයින් සහ හෝටලයේ මුදලාලි එම අවස්ථාවේදී නොසිටි බවයි.
මේ වන විට ජීසස්ගේ අධ්‍යාපන කටයුතු නැවතී ඇති අතර ඔහුගේ ශරීරයේ වම් පැත්තේ අත සහ
පාදය අක්‍රීය වී ඇත. එමෙන්ම ඔහුට කතා කිරීමට ද හැකියාවක් නොමැත. මේ වන විට ඔහුගේ දෙමාපියන් හට කිසිදු ප්‍රමාණවත් වන්දියක් ලබාදී නෙමැත.

 

 

http://www.meepura.com/stories/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7

ඉන්ධන ප්‍රශ්නය ගැන හලාවත ධීවරයන්ගේ ස්ථාවරය අද සවස..???

Posted on 21 පෙබ 2012 at 4:42ප.ව.

ඉන්ධන ප්‍රශ්නය හමුවේ තවදුරටත් නොරැටෙන විසදුමක අවශ්‍යාතාවය අවධාරණය කර සිටින හලාවත ධීවර නියෝජිතයන් අද සවස වරුවේ සිය ස්ථාවරය ප්‍රකාශ කරන්නට නියමිත බව අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි පවසා සිටියේය.

‘ඒන්ජල්ස් පාර්ක් ,ජල යෝජනා ක‍්‍රමයේ වංචා සහ මුල්‍ය අක‍්‍රමිකතා රැසක් ?..

‘ඒන්ජල්ස් පාර්ක් ,ජල යෝජනා ක‍්‍රමයේ වංචා සහ මුල්‍ය අක‍්‍රමිකතා රැසක් ?..

Posted on 21 පෙබ 2012 at 4:37ප.ව.

රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් පිහිට වන ලද මීගමුව, අක්කර පනහ ‘‘ඒන්ජල්ස් ප‍්‍රජාමුල සංවිධානයේ පානීය ජල ව්‍යාපෘතියේ විධායක කම්ටුව විසින් පසුගිය කාලයේ සුවිශාල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. මෙම මුල්‍ය වංචා සහ අක‍්‍රමීකතාවයන් පිලිබ`දව එම සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු විසින් මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිළි කර ඇත. එම පැමිනිල්ලට අනුව එම හිටපු සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කල කණ්ඩායමට අයත් යම් පුද්ගලයෙකු හෝ කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචාසහගතව ලබා ගෙන ඇති එම සංවිධානයට අයත් මුදල් නැවත සංවිධානය වෙත අයකර දීමට කටයුතු කර දෙන ලෙසයි්.

ඒන්ජල්ස් පාර්ක් ප‍්‍රජා මුල සංවිධානයේ මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ මුලික පරමාර්ථය වුයේ බල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රජාවගේ පානීය ජල පහසුකම් විස`දිමේ කි‍්‍රයාවලියට මැදිහත්ව කටයුතු කිරිමයි. එලෙසම මෙම ජල ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම ස`දහා කටයුතු කිරීමයි.  එහෙත් මෙම පරමාර්ථ ඉටු කර ගැනීමකට වඩා සිදු වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය තුල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතාවන් සිදුවීමයි.
මෙම පැමිනිල්ලට අනුව පසුගිය 2009 වසරේ ජනවාරි මස 19 වැනි දින සිට පුරා වසරක කාලයක් මෙම සංවිධානයේ සභාපතිධුරය දරා ඇත්තේ ජයරත්න නම් අයෙකි. ඒ අනුව ඔහු 2011 වසරේ පෙබරවාරී 27 දින දක්වා එම ධුරයේ  කටයුතු කර ඇත.  එම වසරට අදාල මහා සභාව පවත්වා ඇත්තේ ද එදිනමය. එහිදී 2009 වසරේ දෙසැම්බර් 31 සිට 2010 වසරේ දෙසැම්බර් 31 දක්වා වු මුදල් වර්ෂයට අදාල ලැබීම් සහ ගෙවීම් වාර්තාවද ඉදිරිපත් කර තිබේ. එහෙත් එම වාර්තාව සභාගත වූයේ භාන්ඩාාගාරිකවරයා විසින් එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට නැගී සිටියාටත් පසුව වීම සුවිශේෂි සිදුවීමකි. අප දන්නා පරිදි යම් වාර්තාවක් සභා ගත කරන්නේ නම් , එම වර්තාව සභා වට ඉදිරිපත් කිරීමට මත්තෙන් එය සභා ගත  කල යුතුව ඇත. ඒ එහි ඇති දෝෂ අඩුපාඩු සහ සංශෝධනය කල යුතුව ඇති තැන් කලින්ම හ`දුනා ගැනීමටය. නමුත් එවැනි අවස්ථාවක තිබිය යුතු විනිවිදභාවය මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේදී ආරක්ෂා වී නොමැත.
එලෙසම ගිණුම් වාර්තාව ඉදිරිපත් කල පසු එහි අඩුපාඩු විමසීමේදී සභාපතිවරයා පවසා ඇත්තේ පළමුව ගිණුම් වාර්තාව සම්මත කර ගෙන දෙවනුව අඩුපාඩු සාකච්ඡුා කල කිරීමට ඉඩ ලබා දෙන බවයි. ඒ අනුව විධායක කම්ටුවේ සමාජිකයන් දෙදෙනෙක්  එකී ගිණුම් වාර්තාව නිවැරදි සහ සත්‍ය වාර්තාවක් බවට යෝජනා කර ස්ථීර කර ඇත. අප දන්නා පරිදි යම් යෝජනාවක් ස්ථීර කර පසුව එහි අඩුපාඩු සාකච්ඡුා කිරීමක් සිදු නොවේ. විය යුතුව ඇත්තේ වාර්තාවේ අඩංගු අඩුපාඩු ගැන සාකච්ඡුා කර එය ස්ථීර කීරීමය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු වී නොමැත.

පසුව ඒකී ගිණුම් වාර්තාවේ අඩුපාඩු සාකච්ඡුා කිරීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නගන ලද ප‍්‍රශ්ණයන්ට පිලිතුරු දීමක් සිදු නොකොට සභාවට පරිභාහිරින් කැ`දවා තිබූ පිටස්තර පුද්ගලයින් යොදවා සභාව තුල නොසනුසුන් වාතාවරණයක් ඇති කලහ. එම නොසන්සුන්තාවය පාලනය කරනවා වෙනුවට නැගී සිටි සභාපතිවරයා කලේ ගිනූම් වාර්තාව පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට දින 10 කදී සිය`ඵ සමාජිකයන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන බවට පැවසීමයි. ඉන් පසුව පැවැති නිළවර්ණයේදී රොබට් නම් තවත් සමාජිකයෙකු සභාපතිවරයා වශයෙන් පත් විය. සභාපතිධූරය භාර ගනිමින් ඔහු පැවසුවේ පසුගිය වසර වල ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට නව අභ්‍යන්තර විගනක ලෙස ඇරණ නැමැත්තෙකු පත් කරන බවයි. එමෙන්ම අරුණ නැමැති නව අභ්‍යන්තර විගනකවරයාගේ වාර්තාව මාස 02 ක් ඇතුලත ලිඛිතව සිය`ඵ සමාජිකයන්ට කරුණු ඉදිරිපත් කරන බවද පැවසීය. එහෙත් 2011 මැයි මාසය වන විටත් ජයරත්න නැමැති සභාපතිවරයාත්, රොබට් නැමැති සභාපතිවරයාත් තමන් ප‍්‍රකාශ කල පරිදි පොරොන්දු වූ ලෙස එම ගිණුම් වාර්තා පරීක්ෂා කර විස්තර ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි.
මේ සිය`ඵ තොරතුරු මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත  හිටපු සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු පැමිණිල්ලේ අන්තර්ගත කර ඇත.  එමෙන්ම මෙම පැමිණිල්ලේදී එම හිටපු සභාපතිවරයා ස`දහන් කර තිබුනේ ඊට පසු මුතුපටින්ගේ නැමැති ලේකම්වරයාගේ නිවසේදී ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමේදී සංවිධානයේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් මුළ්‍ය අක‍්‍රමීකතා රැුසක් අනාවරණය වූ බවයි. තවද සභාපතිවරයා ගිණුම් වාර්තා පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට පිලිතුරු ලබා නුදුන්නේ මෙම අක‍්‍රමීතාවන් වැඩි ගනනකට ඔහුද සෘජුව සම්බන්ධ වී සිටින නිසා බවට මෙහිදී පැහැදිලි වේ.
ඒන්ජල්ස් පාර්ක් ජල යෝජනා ක‍්‍රමයේ පොම්පාගාරය ස`දහා ජල පිරිපහදුවක්  ( ෆිල්ටරයක් * සවි කිරිම ස`දහා ටෙනඩර් කරන ලදුව එම ටෙන්ඩරය රු. 438000/- කට පිරනමා ඇත්තේ අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් නැමැති ආයතනයකටය. එහි ලිපිනය ලෙස ස`දහන් වුයේ 568/5, හයිලෙවල් පාර, නුගේගොඩයි.  එම ස්ථානයේ එවැනි ආයතනයක්  නොමැති බවත් එහි දුරකතන අංකය ලෙස ස`දහන් කර තිබූ 0777-630510 දරණ දුරකතනයට අවස්ථා ගනනාවකදීම ඇමතුම් ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ අනුව අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් ආයතනය යනුවෙන් ආයතනයක් ලියාපදිංචි වී නොමැති බව පැහැදිලිය. ඒ නිසා එහිදී මෙම ගනුදෙනුවේදී වංචා සහගත ලෙස කටයුතු කීරීම ස`දහා එලෙස අවශ්‍ය කූට ලේඛන සැකසීමට යොදා ගත් උපක‍්‍රමයක් බවට පැහැදිලි විය.
මෙම ගනුදෙනුව ස`දහා අත්සන් කිරිමට නියමිත වන්නේ එම කාලයේ හිටපු සභාපතිවරයා වන ජයරත්න නැමැත්තාටයි. එහෙත්  මෙහි අත්සන් තබා ඇත්තේ එම ගිවිසුමට අත්සන් කිරීමට නීත්‍යානුකූලව සහ ව්‍යාවස්ථානූකූලව කිසිදු අයිතියක් නොමැති රොබට් නැමැති සභාපතිවරයායි.
ඒ පිලිබ`දව විමසීමේදී ජයරත්න නම් හිටපු සභාපතිවරයා පවසා තිබුණි. එලෙසම මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් 2010 මැයි මස 23 දින පැවැති විධායක කම්ටු රැුස්වීමේදී අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් වෙත ටෙන්ඩරය භාර දීමට කිසිදු තීරණයක් නොගත් බවද එම කමිටු සමාජිකා ශී‍්‍රයානී අරුණමාලී  යන තැනැත්තියද පවසා තිබිණි.  එලෙසම මෙම ජල පෙරනයේ විෂ්කම්බය අ`ගල් 36 නොමැති බව හා එය අ`ගල් 24 ක ජල පෙරනයක් නිසා එම ටෙන්ඩරයට වඩා අ`ගල් 12 කින් ජල පෙරණය කුඩා බවවරෙක වෘත්තීය කාර්මික නිලධාරියෙකු වන මෙම සංවිධානයේ උප සභාපතිවරයෙකු වන සිල්සිරි පේරේරා නැමැත්තාද පවසා තිබිණි.
මෙම ගනූදෙනුවේදී ටෙන්ඩර් දමා තිබූ අනෙක් ආයතන දෙක වන්නේ ටෙක්ස්පර්ට් එන්වයර්මන්ට් ඉංජිනේරු ආයතනය සහ ඇක්වා ටෙක්නොලොජීස් ආයතනයයි. මෙම ආයතන දෙක ජල පිරිපහදු කිරීමේ කාර්්‍යයන් වලදී ඉතා පළපුරුදුකම් ඇති අයි.එස්. ඕ. සහතික ලත් ලියාපදිංචි ආයතනයන් වේ. මෙම ආයතන දෙක ඉදිරිපත් කර ඇති  මිල ගනන් සම`ග ටෙන්ඩරය ලබා දී ඇති අමල් ඉලෙක්ටි‍්‍රකල්ස්    ආයතනය ඉදිරිපත් කරන මිල රැුනන දැනට සවි කර ඇති ෆිල්ටරය ස`දහා වැය කල මුදලට වඩා අඩු බවද මේ වන විට ඉතා පැහැදිලිව තහවුරු වී තිබේ.

එමෙන්ම ඬේව්ඞ් වත්තේ ජල පොම්පාගාරය ස`දහා ඇක්වා ටෙක්නොලොජිස් ආයතනය  විසින් සවි කල ජල පෙරණ පද්ධතියෙන් එක`ග වූ ප‍්‍රමානයට වඩා පිරිසිදු කල ජලය නොලැබීම, ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කර නිල වශයෙන් භාර නොදීම, සේවා ගිවිසුම් ලබා නොදීම වැනි ප‍්‍රධාන කරුණු කාරණා නිසා එම ආයතනයට ගෙවිය යුතු අවසන් වාරිකය වශයෙන් රු.94500 /- මුදල නොගෙවීමට විධායක කම්ටුව තීරණය කර තිබූණි. ඒ අනුව එම වාරිකය ගෙවීමට නම් එම ආයතනය විසින් සපුරාලිය යුතු සේවා ඉටු කල යුතු බවට ලිඛිතව දන්වා යවන ලද අතර එහෙත් ඒකී කඑරුණු කිසිවක් සම්පුර්ණ නොකර ඇක්වා ටෙක්නොලොජිස් ආයතනයට එම වාරික මුදල් ගෙවා තිබිණි.

එලෙසම  බාහිර විගණකවරයෙකු ස`දහා  රු.9000/- ක්  ගෙවා ඇති බව අවසන් ගිණුම් වල දක්වා ඇතත් එම ගිණුම් වලනිවැරදිභාවය භාහිර විගණකවරයා විසින් සහතික කර නැති අතර එම ගිණුම් ස`දහා අත්සන් කර ඇත්තේ අභ්‍යන්තර විගණකවරයා පමනකි.
ඉහත කරුණු මෙම සංවිධානය තුල මේකී කාලවකාවනුව තුල සිදුවී ඇති මුදල් අක‍්‍රමීකතා වංචාවන් කිහිපයක් සහ ඒවා සනාථ වන සු`ඵ සාක්ෂි කිහිපයක් පමනි. ඒ නිසා ඒන්ජල්ස් පාර්ක ජල යෝජනා ත‍්‍රමයේ 2009/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් 2010/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් ඉදිරිපත් කර ඇති් මුල්‍ය වාර්තා නිවැරදි නොවන බවට පැහැදිලි වේ.
මේ අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ වගකිව යුතු බලධාරීන්ගේ සහ නිලධාඍීන්ගේ ත් වගකීම විය යුත්තේ රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් ආරම්භ කල මෙම ජල යෝජනා ක‍්‍රමයේ පාලනය කෙරෙන සංවිධානයේ යම් අයෙකු හෝ යම් කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචා සහගත ලෙස ලබා ගෙන ඇති මුදල් නැවත එම සංවිධානයට අයකර දීමට කටයුකු කිරීමයි.
සටහන – තුෂාර රොහාන්

හලාවත ධීවරයන් තවමත් එකගතාවයකට පැමිණ නැහැ

හලාවත ධීවරයන් තවමත් එකගතාවයකට පැමිණ නැහැ

Posted on 21 පෙබ 2012 at 12:08ප.ව.

ඊයේ මීගමුවේදී පැවති සාකච්ඡාවේ දී සරත් ගුනරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ධීවර
සංගම් සමග සාකච්ඡා කළ පසු ප්‍රකාශ කර ඇත්තේ ධීවරයින්ගේ වර්ජනය අවසන් හෙට සිට
මීගමුව සහ හලාවත ධීවරයන්ට නැවත  රස්සා  වලට  යා හැකි බවයි. එනමුත් අද වන විට හලාවත
ධීවරයින් කිසිවෙකුත්   මසුන් මැරීම සදහා මුහුදු නොගිය බව එම ධීවර නියෝජිතයෙකු පැවසීය.
මෙසේ ධීවරයන් මුහුදු නොයා සිටින්නේ  ඊයේ අමාත්‍යවරැන් විසින් රජය නිර්දේශ කළ පරදි
භූමිතෙල් වල අලුත් මිළ පහළ දැමීම ගැන තවමත් ඔවුන්ට විශ්වාස නැති බවත් ඔවුන් ප්‍රකාශ
කරති. මීට පෙර ද භූමිතෙල් මිළ වැඩිකළ අවස්තාවකදී රජය දුන් පොරොන්දු එපරිදම ක්‍රියාත්මක නොවූ බව ඔවුන් පවසයි. මේ හේතු නිසා කිසිවෙකුත් අදත් මුදු නොගිය බවත් හලාවත ධීවරයින් පැවසූහ. අද දහවල් 12ට පමණ මෙම තත්ත්වය හමුවේ කටයුතු කළ යුතු
ආකාරය ගැන සාකච්ඡා කිරීම සදහා හලාවත ධීවර සංගම් වල සාකච්ඡාවක් හලාවතදී
පැවැත්වේ.

ඉන්ධන සහනාධාර එපා.තෙල් පරණ මිලට දියයුතුයි.ධීවරයෝ රජයට බලකරති.

ඉන්ධන සහනාධාර එපා.තෙල් පරණ මිලට දියයුතුයි.ධීවරයෝ රජයට බලකරති.

Posted on 19 පෙබ 2012 at 4:03ප.ව.

පුත්තලමේ සිට කොළඹ දක්වා ඇති ධීවර සංගම්වල නියෝජිතයන් 100 දෙනෙක් පමණ අද මීගමුව තම්ම්ට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයට රැස්ව තමන්ට සහනාධාර එපා යැයි එකහෙළා ප්‍රකාශ කළ බව වැල්ලවිදිය ඒකාබද්ධ ධීවර සංවිධානයේ නියෝජිතයෙක් මීපුරට පැවැසිය.මෙහි රැස්ව සිටි සියළු සංවිධාන නියෝජිතයන්ගේ එකම ඉල්ලිම වි තිබුනේ ඉන්ධන පෙර පැවැති මිළටම ලබා දිය යුතු බවය.

ජනාධිපතිවරයා හමුවි මේ බව දැනුම්දිමට ලබන බදාදා මේ සියළු ධිවර නියෝජිතයන් යෑමට මෙහිදි තිරණය කර ඇත.එම සාකාච්ජාවේදි සාර්ථක පිළිතුරක් නොලැබෙන්නේ නම් තමන් ඊළඟට ගතයුතු ක්‍රියාමාර්ග එහිදි තිරණ කරන බවද අදාල නියෝජිත අප හා පැවැසිය.

එකිනෙකාට චෝදනා කරනිමින් බරපතල ආරවුලක පැටලි සිටින  ඇමති සරත් ගුණරත්න සහ ඇමැති නිමල් ලංසා හට මේ ප්‍රශ්ණයට පිළිතුරු සෙවිමේ අභියෝගය දැන් පැවරි ඇත.

ලබන බදාදා වෙනතෙක් මීගමු ධීවරයෝ බඩගින්නේ...

ලබන බදාදා වෙනතෙක් මීගමු ධීවරයෝ බඩගින්නේ…

Posted on 19 පෙබ 2012 at 1:49ප.ව.

ඉහල දෑමූ ඉන්ධන මිල සම්බන්ධයෙන් මීගමුවේ ධීවරයන්ගේ විරෝධය නවතාලනු ලැබුනේ කතෝලික පල්ලියේ පියතුමන්ලා ධීවරයන්ට සාධාරණ තිරණයක් ලබාදිමට කටයුතු කරනවා යන පොරොන්දුවත් සමගින්ය.මේ ගැන තිරණය කිරිම සදහා පැවැති විශේෂ රැස්විමකදි පළාතේ දේශපාලන අධිකාරිය පොරොන්දු වි තිබුනේ පසුදින සිට මීගමුවේ ඉන්ධන හල්වලින් පැරණි මිලට රුපියල් 10 ක් වැඩියෙන් ගෙවා ඉන්ධන ලබාගැනිමට සියළු කටයුතු සුදානම් බවය.

ගරු පියතුමන්ලා මෙන්ම එම සාකච්ජාවට ගොස් සිටි ධීවර නියෝජිතයන්ද බලාපොරොත්තු වුයේ දැන් ප්‍රශ්ණය විසදුනා කියාය.මේ තිරණයට මීගමුවේ ධිවර ප්‍රජාවේ බහුතරයක් දෙනා එකඟ නොවුනද සිදුවන්නට යන දේ ගැන සැකයෙන් බලා සිටි අතර හාලාවත වැල්ලේදි මරාදැමුණු ඇන්ටනි මහතා වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා වෙනුවට දින දෙකක මුහුදු නොගොස් සිටින්නටද මේ සාකච්ජාවේදිම  තින්දු කර තිබුණි.මේ අතර අප මීගමුවේ ඉන්ධන හල් වලින් විමසා සිටියේ ධීවරයන්ට අඩුමිලට ඉන්ධන සැපයිම සදහා වැඩපිළිවෙලක් තිබේද යනුවෙනි.මේ වන තුරු එවැනි කිසිදු වැඩපිළිවෙලක් නැති බව මේ සියළු ඉන්ධන හල් හිමියන්ගේ පිළිතුර විය.
මේ අනුව ධීවරයන්ගේ අරගලය පටන් ගත් පෙබ 13 වනදා සිට අද දක්වා කිසිදු ක්‍රියාත්මක විසදුමක් නැත.වැල්ලවිදිය සහ කුඩාපාඩුව ප්‍ර දේශයේ ජිවත්වන බහුතරයක් කුඩා බෝට්ටු හිමියන් තවත් රැකියාට නොයන අතර කොටුව පිට්ටනිය ලෙල්ලමද තවදුරටත් වසා දමා ඇත.

මේ අතර අද ඉරුදින පුජාවේදි කුඩාපාඩුවේ පල්ලියේ පියතුමා පවසා තිබුනේ ලබන බදාදා වෙනතෙක් රස්සාවට නොගොස් සිටිනා ලෙසය.වැල්ලවිදිය දෙව්මැදුරේදි අද සවස මෙම දැන්විම ප්‍රකාශ කිරිමට නියමිතව ඇත.

මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පියතුමන්ලාත් ,කොළඹ සහ ගම්පහ දිස්ත්‍රක්වල ධීවර  නියෝජිතයන්ද  මීගමුවේ දේශපාලන අධිකාරියද සහභාගි වු විශේෂ රැස්විමක් අද දින මීගමුවේ තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදි පැවැත්විණ.

උණුසුම් වාද විවාද සමගින් පැවැති මේ රැස්විම අවසන්ව තිබුනේ ලබන සතියේ ජනාධිපතිවරයා හමුවි විසදුමක් සාකච්ජා කරන බවට ප්‍රදේශයේ  දේශපාලන අධිකාරිය පොරොන්දුවිමෙනි.පළාත් සභා ඇමැති නිමල් ලංසා සහ නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා හමුවේ ධිවර නියෝජිතයන් සිය විරෝධය පළ කරමින් පවසා ඇත්තේ තමන් ට ජනාධිපතිතුමා හමුවි ඉන්ධන ප්‍රශ්ණයට ස්ථිර පිළිතුරක් ලබාගත යුතු බවය.

ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පක්ෂග්‍රාහි ක්‍රියාකලාපය මෙහිදි දැඩි සේ විවේචනයට ලක්ව තිබුන බවද වාර්ථා වේ.

 

නෝනිස් පියතුමාගේ ප්‍රකාශය මීගමුවේ සමඟියට බාධාවක් ,,,,,

නෝනිස් පියතුමාගේ ප්‍රකාශය මීගමුවේ සමඟියට බාධාවක් ,,,,,

Posted on 19 පෙබ 2012 at 9:05පෙ.ව.

මීගමුවේ ධීවර කටයුතුභාරව සිටින නෝනිස් පියතුමා පසුගිය දිනක ස්වාධින රූපවාහනියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා සිටියේ පෙබ 13 වනදා මීගමුවේ පෙරියමුල්ල මංසන්ධියේදි හමුදාව විසින් එල්ල කළ තිරිසන් ප්‍රහාරයට හේතුව මුස්ලිම් ජනතාව බවය. පළමුව මුස්ලිම් අය විසින් ගල් ගැසු බවත් තමන් එතන සිටි බවත්ය.

මීගමුව යනු දේදුනු නගරයකි.සියළු ජාතින් සමගියෙන් ජිවත් වෙති.අපට වාර්ථා වු අන්දමට එදා හමුදාව විසින් එලවා එලවා පහර දෙන විට  ධීවරයන්ට එසේ පහර දෙන්න හමුදාවට අයිතියක් නැතැයි කියමින් ධීවරයන් වෙනුවෙන් පෙනි සිට ඇත්තේ පෙරියමුල්ලේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහු නිර්භිත ලෙසින් සිය විරෝධය හමුදාවට පළ කරතිබුණි.

තතු එසේව තිබියදි නෝනිස් පියතුමා සී.අයි.ඩි. කාරයෙක් ලෙස පෙනි සිටිමින්  රටට  ම කියා සිටියේ හමුදාව කුපිත කළේ මුස්ල්ම් ජනතාව බවය.

මීගමුවේ සමගිය බිද දමන්නට තුඩු දෙන ප්‍රකාශය ගැන දැනටමත් විශාල විරෝධයක් මතුව එමින් තිබේ.

වැල්ලවිදිය ,කුඩාපාඩුව පල්ලිවල පියතුමන්ලා අද කොළඹ විරෝධතාවට පැමිණෙන්ට සිටි කාන්තාවන් පිරිසක් නවතා දමලා.

Posted on 17 පෙබ 2012 at 2:16ප.ව.

අද පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ විමට සිටි ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානයේ පිරිසක් ව අද දිනයේ මෙම විරෝධාතයට නොයන ලෙස බලපෑම් කර ඇත. එසේ ගොස් මැරෙන්නේ නම් පල්ලිය ලබාදෙන්නට පවා කටයුතු නොකරන්නේ යැයි කියා තිබේ. මෙයට විරෝධය පළකර සිටින කාන්තා සංවිධානයේ නියොජිතවරියන් මේ පිළිබද ආගමික නායකත්වයට දැනුම් දෙන බවද පවසා ඇත.