News

මීපුර පුවත්පතට එරෙහි ව මීගමුව නගරාධිපතිගෙන් මහසභාවට යෝජනාවක්…

Posted on 05 මැයි 2012 at 11:27ප.ව.

මීපුර පුවත් පත කවදත් ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය යුතුකම නිසි ලෙස ඉටුකරමින් මීගමුවේ වෙනත් කිසිදු මාධ්‍යයක් විසින් හෙළිදරව් නොකර දුෂණ රැසක් ගෙවුන දස වසර පුරාවට ජනතාව හමුවේ තබන ලද බරපතල මර්ධනයන් හමුවේය.මේ ඇතැම් හෙළිදරව් කිරිම් හමුවේ මීගමුවේ හිටපු නගරාධිපති සහ වතමන් පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා 2009 වසරේදි මීපුර පුවත්පතේ කර්තෘවරයාව මරා දමන බවට පවා තර්ජනය කර තිබුණි.

මීගමුව හැමිල්ටන් ඇලේ ගුරැගේ නම් වු ව්‍යාපාරිකයාට සංචාරක බෝට්ටු සවාරි සදහා මීගමුව මහ නගර සභාව විසින් පසුගිය මහසභාවේදි ගත් තින්දුව අප ගවෙෂණාත්මක ලිපියක් ලෙසින් අපගේ අප්‍රේල් කලාපයේ පුවත් පතේ පළ කළෙමු.

එහිදි මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද විචේචනය කරන ලද ලිපියක් අප පළ කළෙමු.මේ ලිපියේ ඇති කරැණු සාවද්‍ය බවත් ඉන් නගරාධිපතිවරයාට සහ මන්ත්‍රි මණ්ඩලයට සිදුව ඇති අපකිර්තියට ගැන  මීපුර පුවත්පතට එරෙහිව 2012 මැයි මස මහසභාවට යෝජනාවක් ගෙන එන්නට නගරාධිපති ඇන්ටන් ජයවිර මහතා කටයුතු කර ඇත.

අපට එරෙහිව මහසභාවේ යෝජනාවක් ගෙන එන්නට තරම් අපේ පුවත් කලාව තිරණාත්මක තැනකට පත්ව තිබිම ගැන අප සතුටු වන්නෙමු.

එමෙන්ම ජනතාවට ඇති තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් අපි කොතරම් බාධා පැමිණියද පෙනි සිටින බවද දැනුම් දෙමු.

නගරාධිපති සහ ඔහුගේ මන්ත්‍රි මණ්ඩලයේ කිර්තිය රැක ගැනිම ඔවුන් සතු යුතුකමකි.සොර ගුලක් බදු මේ බහුතරයකගේ කිර්තිනාමය ආරක්ෂා කර තබා ඇති විදුරු මංජුසා අපි එකින් එක පුපුරුවා ලිමට ඉදිරියේදි පටන් ගන්නෙමු.

නැවුම් එළකිරි බීමට පාරිභෝගිකයිනට  අවස්ථාවක්

නැවුම් එළකිරි බීමට පාරිභෝගිකයිනට අවස්ථාවක්

Posted on 29 අප්‍රේ 2012 at 11:27පෙ.ව.

පසුගියදා මිගමුව නගර සභාවේදී නැවුම් කිරි පානය කිරිම සදහා අ‍ෙලවි සලක් විවාත විය. මෙම කිරි අ‍ෙලවි සැල බස්නාහිර පළාත්  සත්ව නිෂ්පාදන හා සෙ‍ෙඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයාපාතියක් ලෙස  එම අරමුදලින් විවෘත විය. එම අවස්ථාව සදහා බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා , ඇතුළු ආගමික නායකයන් සහභාගී වූහ.

Auto-E Zone වාහන පාරේ ගාල් කරන්න තහනම් ...

Auto-E Zone වාහන පාරේ ගාල් කරන්න තහනම් …

Posted on 29 අප්‍රේ 2012 at 11:10පෙ.ව.

මීගමුව කොළඹ පාරේ කුරණ  ප්‍ර දේශයේ  පිහිටා ඇති ඔටෝ ඊ සොන් නම් ආයතනයේ බරවාහන පාර අයිනේ නවතා තැබිම හේතුකොටගෙන පාරේ ඇතිව තිබෙන තදබදය මෙන්ම මාර්ගයේ ඇතැම් තැන්හි සිදුව ඇති හානිය ගැන මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉජිනේරුවරයා ලිපියක් යවමින් පොලිසියේ අවධාණයටද යොමු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප මීගමුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති වරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මින් පසු කිසිම ලෙසකින් එකි  වාහන පාර අද්දර නවතා තැබිම තහනම් බවත් එසේ තිබුනහොත් ඊට එරෙහිව නඩු දමන ලෙස තමන් ගේ නිළධාරින් ටද උපදෙස් ලබාදි ඇති බවයි.

ඒ ගැන මහ ජනයාට පැමිණිලි ඇත්නම් යොමු කරන ලෙසද තව දුරටත් දන්වා සිටියේය.

කිරි හල විවෘත කරන්න නගරාධිපති නොපැමිණියේ ඇයි..?

Posted on 29 අප්‍රේ 2012 at 10:51පෙ.ව.

මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ අභිනවයෙන් ඇරඹුනු කිරිහලකි. එය මීගමුවේ ප්‍රබලතම දේශපාලන හස්තය වු පළාත් සභා ඇමති නිමල් ලංසාගේ තවත් එක් ව්‍යාපෘතියකි.එය උත්සවශ්‍රියෙන් ආරම්භ කිරිම සදහා සියළු කටයුතු සුදානම් ව තිබුනද එක් පරහක් තිබුණි.එනම් නගර සභාවේ පමණක් නොව මුළු නගරයේම පළමු  පුරවැසියා තවමත් එම අවස්ථාවට  නොපැමිණ සිටිමයි….

පසව නගරාධිපති වරයා   වෙත දුරකථන ඇමැතුමක් ලබාදුනි. ඉන් පසුව පළාත් සභා අමාත්‍යවරයා නොක්කාඩුවෙන් මෙන් කියා සිටියේ එයා එන්නේ නෑලු අපි පටන් ගමු කියාය.

එතන සිටි කාටත් කුතුහලයක් වුයේ නගරාධිපතිවරයා එන්නට බෑ කිව්වේ ඇයිද යන්නයි.

මීගමුවට ආ ඩොල්පින් ගැන බලධාරින් විමසිලිමත්වුණාද..??

මීගමුවට ආ ඩොල්පින් ගැන බලධාරින් විමසිලිමත්වුණාද..??

Posted on 29 අප්‍රේ 2012 at 7:11පෙ.ව.

පසුගිය සිංහල අවුරුදු දවස්වල මීගමුවේ  මෝරවලට පැමිණ ඩොල්පින් මත්‍යසයෙකු පසුව සති දෙකකට ආසන්න කාලයක් එහි වාසය කළේය.

මේ අතර කාලය තුල මේ මත්‍යසයා ප්‍රදේශයේ ධීවරයන්ගේ කුළුපග මිතුරෙක් වු බවද සැලය.

පසුගිය දිනක ඔහු මිය ගොස් තිබුණි. මෙම පුවත මීගමුවේ බොහෝ දෙනෙක් තුල කම්පනයක් ජනිත කළේය.

මේ මත්‍යසයාගේ මරණයට හේතුව අප තවමත් නොදනිමු. එහෙත් ඉන් මතු කෙරෙන ගැටළු කිපයක්  කෙරෙහි පාඨක අවධානය යොමු කිරිමට කැමැත්තෙමු.

සාගරය සහ එහි ජිවින් පිළිබද වගකිම දරන ආයතන කිපයක් මීගමුවේ තිබේ. නාරා  ආයතනය සැලකෙන්නේ සාගර සම්පත ගැන පර්යේෂණ පවත්වන ආයතනය ලෙසින්ය.එහෙත් වාර්ථා වන අන්දමට මේ කිසිදු ආයතනයක් මේ මත්‍යසයා සිටි කාලය තුල ඒ ගැන විමසිමට කටයුතු කර තිබුනේ නැත.

රෝස් ප්‍රනාන්දු ඉර පනියි.???

රෝස් ප්‍රනාන්දු ඉර පනියි.???

Posted on 28 අප්‍රේ 2012 at 3:30ප.ව.

කටානේ හිටපු එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මෙනවිය මේ කලාපයේ සජිත් පිළේ  ප්‍රධාන ක්‍රියාකාරිණයකි.සිරිකොතට පහර දිමට සිය ආසනයෙන් සෙනග රැගෙන ගිය බවටද ඇය චෝදනා ලැබ සිටි.මේ නිසාම ඇගේ සංවිධායිකා ධුරයද අර්බුදයට ගියේය.

මේ සියළු වර්ධනයන් එසේ තිබියදි ඇය දිගටම සජිත් පිළ වෙනුවෙන් මරාගෙන මැරෙන ක්‍රියාන්විතයන් වල නිරතවුවාය.

කාන්තා දිනයට ඇය සජිත් පිලේ ප්‍රකටයන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කළාය. ඉන් නොනැවති ඇය සජිත් කැටුව සසුන අරුණ වෙනුවෙන් පසුගිය සතියේ කටාන ආසනයේ සංචාරය කළාය.

බැලු බැල්මට මේ බ්‍රේක් නැති ගමනේ ඊළඟ අදියර ලෙසින් දැනට සංවිධායකවරයා රෝගතුරුව විදේශගත රෝහලක දි ප්‍රතිකාර ලබමින් සිටියදි මීගමුව ආසනයේ පල්ලි දෙකකට සසුනට අරුණ යටතේ මුදල් ආධාර දිමට කටයුතු සැලසුම් කර ඇතැයි වාර්ථා වේ.මේ නිසා අද මීගමුව ආසනයේ එජාප ක්‍රියාකාරින් තුල යම්  අර්බුදයක් හටගෙන ඇති අතර එය පක්ෂයේ ලේකම් තුමා දක්වාම දුරකට ගොස් ඇති බවද සැලය.මේ ගැන අප අමතා කථා කළ පැරණි එජාප ක්‍රියාධරයෙක් අපට පවසා සිටියේ කටානේ හිටපු සංවිධායකවරිය  කටයුතු කරන්නේ හරියට වලන් කඩේට පැන්න ගොනෙකු විලසින් බවය.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඔවුන්ගේ පවුලේ අය හට නිදන් හොරුන් ලෙසින් වැදුන හංවඩුව එදා  ප්‍රේමදාස පාලනය යටතේද ඒ පවුලේ අය වෙත එල්ලව තිබුණි.

සසුනට අරුණ යටතේ එක් ආගමික සිද්ධස්ථානයක් වෙත රු 50.000 ක් මුදලක් ලැබේ.මීගමුවේ දූවන පල්ලිලය සහ කට්ටුව පල්ලයට සජිත් ප්‍රේමදාස මහතා අප්‍රේල් 30 වනදා පැමිණිමට නියමිතය.

 

රංගිරි දඹුළු  පූජා භූමියේ   පිහිටි  මුස්ලිම් දේවස්ථානය රැකගැනීමට ප්‍රාර්ථනා

රංගිරි දඹුළු පූජා භූමියේ පිහිටි මුස්ලිම් දේවස්ථානය රැකගැනීමට ප්‍රාර්ථනා

Posted on 27 අප්‍රේ 2012 at 7:52ප.ව.

රංගිරි දඹුළු  පූජා භූමියේ   පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානය ඉවත් කර ගැනීම සදහා  බොද්ධ ආගමික නායක හිමිවරුන් විසින් පසුගියදා විරෝධතාවයක් දක්වන ලදී.  මෙම මුස්ලිම් දේවස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති අතර එය මේ වනතෙක් විවාදිතව පවතී.  තම ආගමික ස්ථානය පිළිබද ප්‍රශ්නය විසදාගැනීම සදහා  සුදුසු ක්‍රියාමාර්ගයක් ලෙස අද දහවල දී යාඥා කරන ලෙස  ජම්ඉයතුල් උලමා  සභාව  සිය බැතිමතුන්ට දැනුම් දී  තිබුණ අතර මෙම නි‍ෙව්දන ය අද මීගමුවේ පෙරිියමුල්ල ජුම්මා මුස්ලිම් පල්ලියේදී ද නිකුත් කර තිබේ.  ඒ අනුව අද මීගමුවේ සියලූම  මුස්ලිම් දේවස්ථාන වලදී අද දහවල් පැයේදී  මේ වෙනුවෙන් යාඥා සිදු කර තිබේ.

  සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ් වෙතින් මීගමු රෝහලට පරිත්‍යාගයක්

සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ් වෙතින් මීගමු රෝහලට පරිත්‍යාගයක්

Posted on 27 අප්‍රේ 2012 at 6:26ප.ව.


”සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ්” අනුග‍්‍රහයෙන් මීගමු රෝහලට රු.150,0000 ක පමණ වටිනාකමකින් යුත් රෝහල් උපකරණ සහ මෙවලම් තොගයක් ප‍්‍රදානය කිරීම අද දින පෙරවරුවේදී සිදු කෙරිණි.
මෙහිදී ප‍්‍රධානය කෙරුණු උපකරණ සහ මෙවලම් අතර රුධිර පීඩන මැනුම් යන්ත‍්‍ර, ඔක්සිජන් රෙගු්‍යුලේටර්, ග්ලූකෝ මීටර්, ඇතුඵ වටිනා අත්‍යවශ්‍ය ශල්‍යාගාර  උපකරණ සහ මෙවලම් රාශියක්ම අන්තර්ගත වේ. මෙම සංවිධානයේ සභාපති එස්.ඒ. සිරිසේන මහතා සහ ලේකම් තුෂාර ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මීගමුව රෝහලට ඉදිරියේදීද  මෙවැනිම ප‍්‍රදානයන් කිරීමට කටයුතු කරන බවයි. මීගමු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලාල් අරුණසිරි මහතා සහ එහි හිටපු වැඩ බලන වෛද්‍ය අධිකාරී ධුරයේ කටයුතු කළ වෛද්‍ය සනත් ගල්ගමුව මහතා සහභාගී වුහ.
වර්ෂ 2008 දී පමණ ආරම්භ කළ මෙම සංවිධානය මගින් පසුගිය වසරේදී දිගන පුනරුත්ථාපන රෝහල් වෙතද රු.180,000 ක පමන වටිනාකමකින් යුත් පරිත්‍යාගයක් සිදු කල බව මෙම සංවිධානයේ සමාජිකයෙකු වන ජෝන් සරත් විතාරණ මහතා පැවසීය.
මෙම අවස්ථාව සදහා ‘සන්රේස් වර්කර්ස් ‘වෙල් ෆෙයා ක්ලබ් සංවිධානයේ සමාජිකයන් රැසක් සහභාගී වුහ.
(1 වන ඡායාරූපයේ දැක්වෙන්නේ සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ල්බ් සංවිධානයේ අනුශාසක වෛද්‍ය එන්.ඒ. කොට්ටච්චි මහතා විසින් මීගමුව රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලාල් අරුණසිරි මහතාට උපකරණ තොගයක් පරිත්‍යාග කරන අවස්ථාවයි.)

ධීවරයන් බේරාගැනිම සදහා රජය කිසිවක් කළේ නෑ. ඥාතිහු චෝදනා කරති.

ධීවරයන් බේරාගැනිම සදහා රජය කිසිවක් කළේ නෑ. ඥාතිහු චෝදනා කරති.

Posted on 27 අප්‍රේ 2012 at 8:35පෙ.ව.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග‍්‍රහනයේ සිට ස්පාඥ්ඥ නාවික හමුදාවේ නෞකාවක් මගින් බේරා ගැනුනු ශී‍්‍රලාංකීක ධීවරයින් 06 දෙනා ටැන්සානියාවේ සිට 2012/04/26 වැනි බ‍්‍රහස්පතින්දා දින  පෙරවරුවේදී එමිරේටස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ.මේ පිරිසේ  දෙදෙනෙකු මීගමුව පිටිපන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය. එලෙසම සෙසු පිරිස අඵත්කූරුව, කටාන, මදුරන්කුලිය සහ කඵතර (යත‍්‍රාව මෙහෙයවන ස්ඛීපර් වරයා ) යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන්ය.

එම පිරිසේ 48 හැවිරිදි පෙරුමාල් සෙල්වරාජ් සහ 28 හැවිරිදි ජේසුදාස් ලියෝන් රුද්‍රිගූ යන දෙදෙනා පිටිපන ප‍්‍රදේශයේ පදිංතිකරුවන්ය. ශාන්ත සෙබස්තියන්, දිනේෂ් සුසන්ත ප‍්‍රනාන්දු, ජූඞ් නිශාන්ත ප‍්‍රනාන්දු සහ එස්.කේ. වීරසිරි සිල්වා (ස්කීපර්) අනෙක් සෙසු ධිවරයන් සිව් දෙනාය.
පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මස 28 වැනිදා සිට පුරා මාස 06 ක පමන කාලයක් මේ ධීවරයින් 06 දෙනා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග‍්‍රහනයේ රදවා ගෙන සිට ඇත. මේ ධීවරයින් 06 දෙනා මීගමු මුහුදෙන්  ”නිමේෂා දුව” නැමැති යත‍්‍රාවෙන් මසුන් ඇල්ලීමට ගියේ පසුගිය 2011 වසරේ සැප්තැම්බර් 27 වැනි දිනය. එලෙස මුහුදට පිවිසුනු මේ ධිවර පිරිස රැුගත් යත‍්‍රාව ජාත්‍යන්තර මුහුදු සිමාවේ මසුන් අල්ලමින් සිටියදී පසුගිය ඔක්තෝබර් මස 28 වැනි දින අඵයම් කාලයේදී  අශ්ව බල 40 ඇන්ජින් සවිකල කුඩා බෝට්ටු 03 කින් පැමිණුන සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම යත‍්‍රාව සහ එහි සිටි ශී‍්‍රලාංකීක ධීවරයින් 06 දෙනා ඔවුන්ගේ ග‍්‍රහනයට නතු කර ගෙන තිබේ. එහිදී මෙම කොල්ලකරුවන් පවසා සිටියේ ධීවරයන් සහ යත‍්‍රාව මුදා හැරීමට නම් මිලියන 06 ක කප්පමක් අවශ්‍ය බවයි. මෙම කප්පම් මුදල සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වෙසෙන මෙම ධිවර පිරිසගේ ඥාතීන් සහ කොල්ලකරුවන් අතර දුරකතන ම`ගින් අදහස් හුවමාරුවක් සිදුවුනු අතර ඒ සා වීශාල  මුදලක් කප්පම් වශයෙන් ගෙවීමට මෙම ඥාතීන් පිරිසට නොහැකි නිසාවෙන් මෙම ප‍්‍රශ්නය විසදීම වඩාත් දුෂ්කර කාර්්‍යයක් විය. එහිදී ධීවර අමාත්‍යාංශයෙන් හෝ,  ධීවර අමාත්‍යවරයා ඇතුඵ රජයත්  වගකිව යුතු නිලධාරීන් සහ වගකිව යුතු දේශපාලන නායකයන්ද මෙම පිරිස බේරා ගැනීම සදහා යම් මුල පිරීමක් හෝ සිදු නොකිරීම සම්බන්ධයෙන් මේ ධිවරයි්න්ගේ ඥාතීන් විසින් චෝදනා කලහ.
කෙසේ වෙතත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මේ පිරිස තමන්ගේ ග‍්‍රහනයට නතු කරගෙන එම යත‍්‍රාවෙන්ම සෝමාලියාවට ගෙන ගොස් ඇති අතර කොල්ලකරුවන් විසින් මේ ධීවර පිරිසව වැඩි වශයෙන්ම රදවා තබා ගෙන ඇත්තේ ඔවුන්ගේ යත‍්‍රාවේමය. ගොඩ බිමට රැුගෙන ආවේ කප්පම ලබා ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ පිරිසට දුරකතන ඇමතුම් ලබා ගැනීමට පමණි. එහෙත් එලෙස ගොඩ බිම වෙත රැගෙන ගියේ එකවර මේ ධීවර පිරිසෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණී. මෙලෙස කල් යවමින් කප්පම් මුදල ලබා ගැනීම වෙනුවෙන් මේ ධීවරයින් 06 දෙනාව සහ එම යත‍්‍රාව පුරා මාස 06 ක් පමන කාලයක් සෝමාලියානු මුහුෙදු සිමාව තුල ර`දවා තබා ගෙන පසුගිය අප්‍රේල් 01 වැනිදා මෙම කොල්ලකරුවන් දකුණු අපි‍්‍රකාවට සේන්දු වීමට ගමන් අරඹා ඇත. එහිදී එම මුහුදු සිමාව තුල ගමන් කල වෙනත් නෞකාවන් කොල්ලකෑමට යාමේදී මෙම කොල්ලකරුවන් විසින් ශී‍්‍රලාංකීක ධීවරයින් කිහිප දෙනෙකුද ඒ සදහා කැටුව ගොස් ඇත.

මෙලෙස දකුණු අපි‍්‍රකාව බලා ගමන් ඇරඹිමේදී එම මුහුදු සිමාවේ ගමන් කල ස්පාඥ්ඥ නාවික හමුදාවේ නෞකාවක සිටි නාවිකයන් පිරිසක් විසින් මේ ශී‍්‍ර ලාංකීක ධිවර පිරිසව බේරා ගෙන තිබුණි. ඉන් පසු මේ පිරිස ළගම පිහිටි ශී‍්‍ර ලාංකීක තනාපති කාර්්‍යාලයට එනම් කෙන්යාවේ තනාපති කාර්්‍යාලය දැනුවත් කර භාර දී තිබුණි. ඒ අනුව කෙන්යාවේ සිටි ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මෙරටින් සම්පාදනය කර ඒ සදහා විශේෂ නියෝජිතයින් දෙදෙනෙකුද කෙන්යාවට පිටත් කර හැරිණි.  ඒ අනුව ඔවුන් ගුවන් මගින් නැවත මව්බිමට පැමිණියහ.
සෝමාලියානු මුහුදු කොල්ලකරරුවන් ග‍්‍රහණයේ සිට දැඩි කායික සහ මානසික පීඩා විදිමින් පුර මාස 06 ක පමන කාලයක් ජීවිතයේ කිසිදු දිනයක විදින්නට බලාපොරොත්තු නොවූ දුක් කන්දරාවක් විද මරණයෙන් ගැලවී ජීවිතය බේරා ගෙන යලිත් තම ගම් රටවල් වලට පැමිණ තම පවුල් වල සමාජිකයන් සම`ග මෙලෙස එක්වන්නට ලැබීම,  මහා දේව ප‍්‍රාතිහාර්්‍යයක් ලෙසට මේ ධීවර පිරිස හදුන්වති.
මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයේ සිටි කාලය තුල හරිහමන් කෑමක් බීමක් නොමැතිව තමන් ඇතුඵ පිරිස ගත කල එම දුෂ්කර කාල පරිඡ්චේදය පිලිබදව අප වෙත අදහස් දැක්වූ පිටිපන, ජේසුදාස් ලියෝන් රුද්‍රිගූ  පවසන්නේ දිනකට වතුරෙන් තැම්බූ සුදුරු ස්වල්පයක් සමග බත් ස්වල්පයක් කුඩා කෝප්පයකට දහවලට සහ රාති‍්‍රයට ආහාර පිනිස ලබා දෙන බවයි. එමෙන්ම මඩ සහිත ජලය කුඩා කෝප්පයක් බැගින් දිනකට 02 වරක් පානය සදහා ලබා දෙන බවද ඔහු පවසයි. එලෙසම කප්පම් මුදල ගෙවීමට නොහැකි වන නිසා තමන් ඇතු`ඵ පිරිසව මරා දමතැයි තමන්ට කිහිප වාරයක්ම සිතුණු බවත් එවිට දෙවියන් වහන්සේව සිහිකර ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .
කෙසේ වෙතත් මෙම ධීවර පිරිසගේ ඥාතීන් පවසන්නේ මේ පිරිසව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට කටයුතු කර දෙන ලෙස මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එහෙත්  ඒ අයගෙන් ඒ ස`දහා කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි.

එලෙසම ඔවුන් එලෙස කොල්ලකරුවන්ගේ භාරයේ සිටි මාස කිහිපය තුල මෙම ධිවර පිරිසේ විශේෂයෙන්ම පිටිපන ධිවරයන් දෙදෙනාගේ පවුල්වල සමාජිකයන් ඉතා අමාරුවෙන් දුෂ්කරව ජීවිතය පවත්වා ගෙන ගියත් අඩුම තරමින් තමන්ට කන්නට බොන්නට යමක් හෝ කිසිදු වගකිව යුතු පුද්ගලයෙක් ළබා නොදුන් බවද ඔවුන් පවසයි. එලෙසම ඔවුන් මෙහිදී වැඩි වශයෙන් ස්තූතිය පුද කලේ මුන්නක්කර දේවස්ථානයේ අසිත ප‍්‍රසාද් පියතුමාටය. ඔවුන් පැවසුවේ තමන් වෙත වියලි සලාකයක් හෝ ලබා දුන්නේ එම පියතුමානන් බවයි. එලෙසම මෙම ධීවර පිරිස බේරා දෙන මෙන් පුරා දින 40 කට නොවැඩි කාලයක් දේවස්ථානයේදී කතෝලික ආගමීක වතාවන් සිදු කරමින් මේ පියතුමා දැක්වූ සහයෝගයට කරුණාවට තම පවුල් වල සියඵ සමාජික සාමාජිකාවන්ගේ ගෞරවය එතුමන්ට හිමිවිය යුතු බවද ඔවුන්  එහිදී පැවසීය.
කෙසේ වෙතත් මීගමුව ධීවර දෙපාර්තුමේන්තු කාර්්‍යාලයේ අධ්‍යක්ෂ බන්ඩාර මහතා පැවසුවේ මෙම පිරස කෙන්යාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට් පත් සදහා ධීවර අමාත්‍යාංශය විසින් රු.651,000 ක මුදලක් සහ ඒ සදහා ගිය රජයේ විශේෂ නිලධාරීන් දෙදෙනාගේ වියදම් ලෙස තවත් 290,000 ක මුදලක් වැය වූ බවයි.
මෙරටට පැමිණි මෙම ධීවර පිරිස කටුනායක ගුවන් තොටුපලින් නික්ම පිටත්ව ගියේ මීගමුව මුන්නක්කර දේවස්ථානයටය. එහිදී  මෙම ධීවර පිරිස වෙනුවෙන් අසිත ප‍්‍රසාද් පියතුමා විසින් විශේෂිත ස්තූති දේව මෙහෙයක් සිදු කරන ලදී.

දුක්ප්‍රාප්තියේ නර්තන කාව්‍යය-තාරකයාණෝ

දුක්ප්‍රාප්තියේ නර්තන කාව්‍යය-තාරකයාණෝ

Posted on 26 අප්‍රේ 2012 at 10:41ප.ව.

බැලේ සම්ප්‍රදාය ආශ්‍රිතව නිර්මාණය වන සම්ප්‍රදායික පාස්කු නාට්‍යයක් ‘‘තාරකායාණෝ”
නමින්  2012 අප්‍රෙල් 29 වනදා සවස 6-30ට කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී එළිදැක්වීමට නියමිතය. මෙම නව නිර්මාණය රගදැක්වෙන්නේ නලු නිලියන් 250කගේ
සහභාගීත්වයෙනි.