photo story

“අපේ ළමුන්ට ක්‍රීඩා පිටි නැත, වැල්ලද නැත ” ගම්වාසීන් විරෝධතාවයක

Posted on 10 මැයි 2012 at 1:26ප.ව.

මීගමුව කුඩාපාඩුව දේවස්ථානය පිටුපස ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට
අයත් ඉඩමක් සම්බන්ධයෙන් මැයි 08 වනදා  එම ප්‍ර‍ෙද්ශයේ දී යම් උණුසුම් සිදුවීමක් සිදුවිය.
පුද්ගලික හිමිකරැවෙකු විසින් එම ඉඩමේ  යම් ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන්
එම ප්‍රදේශයේ
ජනතාව විරෝධය පා එම ඉඩම වටා ඉදිකර තිබූ තාප්පය කඩා බිද දමා  එම ඉඩමේ ඇති පොල් ගස් 13ක්ද කපා දමා  තිබුණී. මෙම තාප්පය නිසා  මුහුදු වෙරළ පොදුවේ පරිහරණය කිරීමට ගම්වාසීන්ට ඇතිවී ඇති අවහිරය වෙනුවෙන්   ඔවුන් මෙම විරෝධතාවය දක්වා ඇත.  මේ සිද්ධිය සම්බන්ධව මීගමුව පොලීසිය විසින් ගම්වාසීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අද මීගමුව මහේස්ත්‍රාත් උසාවිය ට ඉදිරිපත් කරන ලදී.  ඔවුන්ට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කළ අතර නැවත ජූලි 19 වන දිනට නැවත අධිකරණයේ පෙනී  සිටියහ.  ඔවුන්ට විරුද්ධව පොලීසිය විසින් නගා තිබූ චෝදනා වන්නේ අදාළ ඉඩමේ තාප්පය බිද දැමීමයි.  අද පෙරවරුවේ උසාවිය ආසන්නයේ  දී කුඩාපාඩුවේ ගම්වාසීන් විසින්  විරෝධතාවයක නිරත වූහ.

එගොඩවැල්ලේ ගිණි කදුළු

එගොඩවැල්ලේ ගිණි කදුළු

Posted on 19 පෙබ 2012 at 10:04පෙ.ව.


  එගොඩවැල්ලේදී පෙබරවාරි 14 වනදා පොලිස් වෙඩි තබා ඝාතනය කළ
ඇන්ටනී ප්‍රනාන්දු  නම් ධීවර තරැණයාගේ   භූමදාන කටයුතු ඊයේ  සිදුවිය.
මෙම අවස්ථාවට ඔහුගේ නෑදෑ හිතමිතුරන්,ආගමික නායකයන්, ගම්වාසීන් සහ
දහසක් සහෝදර ජනතාවක් සහභාගී විය.

 

 

 

 


 


 

 

 

 

 

 


 

වෙරළ තීරැවම උණුසුම් කළ මීගමුවේ භූමිතෙල් සටනේ කාච සටහන්

වෙරළ තීරැවම උණුසුම් කළ මීගමුවේ භූමිතෙල් සටනේ කාච සටහන්

Posted on 15 පෙබ 2012 at 10:28ප.ව.