Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Citizen Page » කටුනායක ජයවර්ධනපුරයේ මුදල් වංචාවක්

කටුනායක ජයවර්ධනපුරයේ මුදල් වංචාවක්

Katana

කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප‍්‍රදේශය ඇතුලත පිහිටි ඇවරිවත්ත 149 ග‍්‍රාම සේවා වසම අයත් ජයවර්ධනපුර ග‍්‍රාමයේ කාන්තාවක විසින් කලක සිට පවත්වාගෙන යනු ලැබු මුදල් වංචාවක් පිළිබද තොරතුරු දැන් හෙළිවෙමින් තිබේ.මේ වංචාවට හසුව ඇති පිරිස විසින් මීපුර වෙබ් අඩවියට එවා ඇති ලිපියක් අප මෙසේ පළ කරමු.

 

ගාල්ලගේ සවන්දි දිපානිකා නැමති කාන්තාව මුල් වෙමින් එහි කාන්තාවන් කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැදවා යම් පුහුණු වැඩ සටහනකින් පසුව සමිති 3ක් ආරමිභ කරමින් ග‍්‍රාමයේ ජීවත් වන දුප්පත් ප‍්‍රජාවගේ සුභ සාධනය සදහා මුදල් හුවමාරු ක‍්‍රමයක් ඇති කරන ලදි. එහි සාමාජිකත්වය සාමාජිකාවන් 48ක් පමණි.

සාමාජික මුදල් සටහන් කිරීමට අදාළ පොත් ද සකසන ලදි. කෙටි කාලයක් ගත වන විට ප‍්‍රාදේශීය ලේකමි කාර්යාලයේන් මෙම ශ‍්‍රම ශක්ති හා දිරිය ශක්ති කාන්තා සමිතිවලට ණය ලබා දෙන බවත් එම ණය මුදල රුපියල් ලක්ෂ හතරක් වන බවත් එවා ලබා ගැනිමට නමි මුලිකවම රුපියල් 15000ක් ප‍්‍රාදේශීය ලේකමි කාර්යාලයට බැදිය යුතු බව මෙම සමිති ආරම්භක තැනැත්තිය වන 10/4 ජයවර්ධනපුර පදිංචි ගාල්ලගේ සවන්දි දිපානිකා යන අය පවසා ඇත. ඇයගේ ස්වාමි යා ආරක්ෂක අංශයේ සෙබලෙකු ලෙෂ සේවය කරනු ලබයි.

සමිති ආරම්භක කාන්තාවද මෙම ග‍්‍රාමයේම ස්ථිර පදංචි කාන්තාවක් බැවින් ඈ පැවසූ දේ එසේම විශ්වාස කළ මෙම සාමාජිකාවන් තමන් සතු රන් මාල ආදි වු වටිනා දේ උකස් කරමින් මෙම රුපියල් පහලොස් දහසේ මුදල බදින ලදී. එසේම මෙම සාමාජිකාවන්ගේ සාමාජික මුදල් සති පතා එකතු කරමින් ඒවාද මෙම  ගාල්ලගේ සවන්දි දිපානිකා යන අය තමා ලග තබා ගෙන ඇත. එසේම ණය ලබා ගැනිමට අවශ්‍ය කරන මුලික මුදල් සම්පුර්ණ කරන්නට අවශ්‍ය බව පවසමින් සති පතා මුදල් ද එකතු කර එවාට අදාළ රිසිට් පත් නිකුත් කර ඇත. එය සිදු කර ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නමින් ඇති රිසිට් පත් මගිනි. එවා ලබා ගෙන ඇය විසින් ව්‍යාජ අත්සන් යොදා ඇති බව දැන් පෙනී යයි.

තවද ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු මගින් රට යවන බව පවසා දෙදෙනෙකු ගෙන් රුපියල් ලක්ෂ අටක් ලබා ගෙන ඇත. එසේ ලබා ගෙන ඇත්තේ පුෂ්ප කුමාර සහ ඔහුගේ පුතා ගෙනි. මෙම මුදල් ලබා ගැනිමේදී  ගාල්ලගේ සවන්දි දිපානිකාට පවසා ඇත්තේ විදේශ ගතව සිටින කෙනෙකුගේ ගිණුමට බැර කරන ලෙසය. පසුව එම ගිනුම සොයා බැලිමේ දී දැන ගැනිමට ලැබුණේ මෙම මුදල් බැර කර ඇත්තේ ග‍්‍රාමයේ සිටින තවත් අයෙකුගේ නමටය.

මොවුන්ට මෙම මුදල ලබා දිම සදහා තමා සතු ති‍්‍රරෝද රථය, යතුරු පැදිය, රත්තරන් භාණ්ඩ ආදිය උකසට තැබු බවත් තවද පොලි පදනම යටතේ මුදල් ලබා ගැනීමට සිදුවු බවත් ප‍්‍රෂ්ප කුමාර මහතා පැවසීය.මෙසේ මුදල් බැද කාලයක් ගත වුවද ණය මුදල් ලබා නොදිමට හේතු වශයෙන් සමිති සාමාජිකත්වය සොයා ගත්තේ ඇය සිදු කර ඇත්තේ මුදල් වංචාවක් බවය.ඉන්පසු නැවත වරක් මෙම වංචාව සිදු කළ ගාල්ලගේ සවන්දි දිපානිකා යන අය හමු වු පසු ඇය කියා සිටියේ තමා බොරු කාරයෙකුට හසුවූු බවත්  හැකි ඉක්මනින් මෙම මුදල් ලබා දෙන බවත්ය.

මේ සමිබන්ධන්ධව මාස නවයකට ආසන්න කාලයක් බලා සිටියද කිසිදු විසදුමක් අපට නොලැබුණී. මේ  සම්බන්ධයෙන් පසුව සාමාජිකාවන් 13ක් පමණ ගොස් සිදුව පොලිසියට පැමිණීලි කරන ලදි. මේ සම්බන්දයෙන් සිදුව පොලිසියේ පෙනි සිටීමට කිහිප වතාවක්ම ඇයට දැනුම් දුන්නද ඈ පොලිසියට පැමිණියේ එක් වරක් පමණි.එසේ පැමිණීලි කිරිමෙන් පසු විවිධ දේශපාලන බලපෑම් සහ විවිධාකාර කි‍්‍රයාවන් සිදු කිරමින් අපව බිය ගැන්වීමට ඇය උත්සාහ කරන බව පෙනී යයි.

මෙම 13 දෙනාගෙන් ඇය විසින් වංචා කර ඇති මුළු මුදල රුපියල් 1122300.00 පමණ වේ.

නමුත් අද වන විට ඇය තම නිවසින්ද බැහැරව සිටින අතර තවමත් මෙි මුදල් ලාබෙි යැයි බලාරොත්තුවෙන් ජයවර්ධනපුර මෙි දුප්පත් අය බලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>