spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔබ නොදුටු මීගමුවේ කොරල් පර ……

Must read

මෝරුන් බෝවීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන මෝර වල නම් ස්ථානයේ ස්වභාවිකව පිහිටා තිඛෙන ගල් බැම්මට යාව මීටර් 20ක් පමණ ගොඩබිම් සීමාවේ කොරල් පරයක් පිහිටා ඇති බව දැනගන්නට ලැබුණි. වසර 10කට පමණ පෙර ධීවර වරායක් ඉදිකිරීමට මෙම ස්ථානය තෝරාගත් අවස්ථාවේ ධීවර ජනතාවගේ උනන්දුව මත එම ස්ථානය පිළිබඳ වැඩිදුර කරුණු සෙවීමේ දී කොරල්පරය පිළිබඳ වැදගත් තොරතුරු හෙළි විය.
කොරල්පරය පිළිබඳ මේ දක්වා විධිමත් අධ්‍යනයක් කර නොමැති බව තතු දත් ධීවර ජනයාගේ අදහසයි.

කොරල් වර්ග ලෙස,මල් කොරල්, ප්ලේට් (පැති) කොරල්, කප් එක වගේ කොරල්, මිනිස් මොළයේ හැඩැති කොරල්, යනුවෙන් වර්ග 4ක් දැනට හඳුනාගෙන තියෙනවා. වර්ග මීටර් 50ක ප්‍රදේශයක් පුරා එම කොරල් පරය පැතිරී තිඛෙන අතර විවිධ ස්ථාන වල කුඩා ප්‍රමාණ වලින් කොරල් විසිරී තිඛෙනවා. මෙම කොරල් ආශ්‍රිත විසිතුරු මසුන් වර්ග 10ක් පමණ ජීවත් වෙන බවට වාර්ථා වේ.

ගල්මල් හැටියට ධීවරයින් හඳුන්වන මෙම කොරල්පර ගැන ඔවුන් තුළ ඇත්තේ අඩු දැනුමක්. එම නිසා මෙම කොරල්පරයේ වයස ගැන  පැරණි ධීවරයන් තුළ පැහැදිලි  අදහසක් නොමැත.

   කොරල්පර නැරඹීම

කොරල්පර නැරඹීම සඳහා හික්කඩුව ප්‍රදේශයට යාම වෙනුවට මීගමුවේ කොරල්පර නැරඹීමට පුළුවන්. මුහුද වලාල කාලය එනම් මාර්තු සිට මැයි දක්වා කොරල්පර නැරඹීමට පහසුයි.  මුහුදේ රළු ගතිය අඩු ජලයේ පැහැදිලි ස්වභාවය පවතින විට මුහුදු පතුල ඉතා හොඳින් දර්ශනය වන මෙම ස්ථානයේ කොරල්පර වල ඇති  සුන්දරත්වය අපූරුවට නැරඹන්න පුළුවන්.

1  මීගමු කලපු මෝයේ සිට මීටර් 800ක් ඈතින් තිඛෙන කොරල්පරය මගින් කලපුව සහ
මුහුදු මත්ස්‍යයන් බෝවීමේ මධ්‍යස්ථානයක් නිර්මාණය වී තිඛෙනවා. මේ නිසා
කොරල්පර ප්‍රදේශ ආරක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීම රාජ්‍ය ආයතන මගින් කළ යුතු වෙනවා.
2  මෙම කොරල්පරය වගා කිරීම සඳහා වෙනත් කොරල්වර්ග ගෙනවිත් රෝපනය කළ
යුතුයි.
3   ධීවරයන් විසින්  කොරල්පර මත දැල් එලීමෙන් සිදුවන හානිය
වැලැක්වීමට රාජ්‍ය   ආයතන ක්‍රියාත්මක විය යුතුයි.

නමුත් බලධාරින් මේ ගැන කටයුතු කරයි කියල විශ්වාසයක් නෑ

( මේ සම්බන්ධයෙන් තවත් සුන්දර තොරතුරු රැසක් ඔබ හා බෙදා ගැනිමට අප ඉදිරියේදි බලාපොරොත්තු වෙමු )

ජායා සහ විස්තරය – නාමල් ප්‍රනාන්දුගෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article