Tuesday, April 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img

සත් සමුදුරින් මතු වූ ලීනා

Must read

අඩ සියවසකට පෙර කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුන සිංහල සිනමාවේ තිඹිරිගෙය මීගමු පුරවරය බව අපි දන්නෙමු. එදා මිනර්වා නාට්‍ය සංගමය බිහිවෙන්නට පෙර බිහිවූ මංගල නාට්‍ය සභාවේ පුරෝගාමියා වශයෙන් සළකන සී. ඛෙන්ජමින් ප්‍රනාන්දු මහතාගේ හා පැරණි ටවර්හෝල් ශිල්පිණියක් වූ මියුරින් වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය වූ සත් සමුදුරෙන් සිනමාව බැබළ වූ සුරූපී නිළියක වූ ලීනා ප්‍රනාන්දු ඇගේ බෝලවලාන නිවසේ දී අපට හමුවුණා.

ඔබතුමියගේ සම්පූර්ණ නම

චක්‍රවර්තිගේ මේරි ගර්ට්ටෘෘට් ලීනා ප්‍රනාන්දු

උපන්ගම බෝලවලාන

කුඩාකාලේ පාසැල් ගියේ

ශාන්ත මරියා විදුහල. අද එAක බෝලවලාන මහා විද්‍යාලය.

පවුලේ තොරතුරු ටිකක් බොහොම කෙටියෙන් කිව්වොත්

මගේ තාත්තා ඛෙන්ජමින් මාස්ටර්. එයා ජීවතුන් අතර නෑ. 1991 දෙසැම්බර් 31 රෑ අපෙනුත් කලාවෙනුත් සමුගත්තා. අම්මා මියුරින් වික්‍රමරත්න. පැරණි ටවර් හෝල් ශිල්පිණියක්. මහත්මයා ෂෙල්ටන් ද සිල්වා. ලොකු දුව චාන්දනී ද සිල්වා. පුතා චමින්ද ද සිල්වා. බාල දුව ශානිකා ද සිල්වා.

මව් පිය උරුමය දායාද කර ගනිමින් ඔබ සිනමාවට පිවිසියා යැයි කීවොත්?

ඔබ හරිකඩවුණ පොරොන්දුවෙන් සිංහල සිනමාව මීගමුවේ උපදින්නට පෙර පටන් අපේ තාත්තලා නාට්‍ය කෙරුවා. මංගල නාට්‍ය සභාව, මිනර්වා සංගමය වගේ නම් දාගෙන කරපු නාට්‍ය වැඩි හරියක් කරන්න කැපවෙච්ච කෙනෙක් තමා මගේ තාත්තා. බී.්.ඩබ්ලිව්. හියුගෝ මාස්ටර්, ඛෙනඩික් ප්‍රනාන්දු, මතායසස් ප්‍රනාන්දු, තෙරේස් වීරසිංහ, ලූවී රුද්‍රිගු, එඩී යාපා වගේ අය බිහිවෙන්නේ මේ යුගයේ. අපේ තාත්තලා එක්ක. මගේ අම්මා පැරණි ටවර් හෝල් නිළියක්.

ඉතින් කොහොමද මුලින්ම චිත්‍රපටියකට සම්බන්ධ වෙන්නේ?

දවස්වල අපේ පල්ලියේ හිටියා කලාවට ආදරය කරන ස්වාමි කෙනෙක්. එයා තමයි නිකලස් පියතුමා. එතුමා ගමේ තරුණ තරුණියන් එකතු කරගෙන රෝම කථාවක් කළා. තාත්තාත් මේකට සම්බන්ධ වෙලා සිටිය නිසාත්, පල්ලියේ වැඩක් නිසාත් පියතුමාගේ ආරාධනයෙන් මං එනාට්‍යයේ රෝම සෙන්පතියගේ චරිතයක් කළා. මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය ප්‍රභූවරුන් අතරින් සත් සමුදුරේ නිෂ්පාදක දොස්තර ලීනස් දිසානායක මහත්තයා තමයි මට ආරාධනා කළේ සත් සමුදුර චිත්‍රපටයේ රපෑමට.

ඔබතුමිය රපෑ චිත්‍රපට කීපයක් මතක් කළොත්?

මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක‍ෂණය කළ සත් සමුදුර රොබින් තම්පොගේ දෙහදක දුක, පික් පොකට්. වගේම දෙවියනි ඔබ කොහෙද?, සුළි සුළං, තිසා හාමි

සත් සමුදුර ඔබතුමියගේ සුවිශේෂ දක‍ෂකම් අපට දැකගන්න සැලැස්වූවා කීවොත්

ඔබ හරි. අදටත් බොහෝ අය සත් සමුදුරේ විමලාගේ චරිතය ගැන කතා කරනවා. 1967 සිරි ගුණසිංහ අධ්‍යක‍ෂණය කළ සත් සමුදුර චිත්‍රපටියේ සිරිල් වික්‍රමගේ සමග පරාජිත පෙම්වතියගේ චරිතයක් කළා.

චිත්‍රපට බොහොම සීමිත ප්‍රමාණයක අමතක නොවෙන චරිත රගපාලා කලාවෙන් තරමක් ඈත්වෙලාවත් ද?

අපෝ නෑ. කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. ක අපේ ජීවිතවල තියෙන දෙයක්. ත් ඉතිං චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍යවල මං නැහැ. කට හේතු ගණනාවක්ම තියෙනවා. 1974 විවාහවෙලා අවුරුදු ගණනාවක් ඔහුත් සමග විදේශ ගතවෙලා හිටියා. ඊට පස්සේ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඳහා ලංකාවට ආවා. එතකොට මට හුගාක් ආරාධනා ලැබුණා රගපාන්න. ත් මට මගේ දරුවන්ව තනිකරලා යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්. මට දැන් විවේක ගන්න සිද්ධ වෙලා. මගේ හෘද වස්තුවේ ඔපරේෂන් එකක් කළා. ප්‍රාතිහාර්යකින්, දේවබලයෙන් අද මං ජීවත් වෙනවා. බොහෝම විවේකීව මහත්තයත් දරුවොත් එක්ක ඉන්නවා.

ගපෑමෙන් විවේක ගත්තත් කලාවෙන් ඈත් නොවන ශිල්පිණියක් වශයෙන් මං මෙහෙම ඇහුවොත් රූපවාහිනිය ජනතාව අතරට පැමිණීමත් සමග චිත්‍රපට කර්මාන්තය කඩා වැටුණා ය කියා බොහෝ ශිල්පීන් චෝදනා කරනවා. ගැන ඔබ මොකද කියන්නේ?

ටෙලි නාට්‍යයක් සල්ලි ගෙවන්නෙ නැතිව බලන්න පුළුවන්. චිත්‍රපට එහෙම බෑ. නිසා චිත්‍රපට කර්මාන්තය පසු බැස්සා. විශාල මුදලක් චිත්‍රපටි හදන්න යනවා. ත් ආදායම බොහොම අඩුයි. නිසා චිත්‍රපට හැදෙන්නේ නැහැ.හැදෙන එවත් බොහොම අඩු වියදමකින් වැඩි ආදායම් ලබාගන්න. නිසා බලන්න බැරි කටවුට් ගහලා, වැදගම්මකට නැති චිත්‍රපටි එනවා. චිත්‍රපට කර්මාන්තය විතරක් නෙමේ, චිත්‍රපට කලාව වැටෙන්නත් මේවා බලපානවා.

දැන් වැල නොකැඩී එන විකට චිත්‍රපට ගැන මොකද කියන්නේ

මිනිස්සු එතරම් මෝඩ නැහැ. පැය දෙකක විතරක් රසයක් ලබාගන්න මිනිස්සුත් ඉන්නවා. ඉස්සර විහිළු වගේ නෙමෙයි දැන්. කාලේ කුණු හරුප කිව්වේ නැහැ. දොං සිරිසේන, ඇන්ටනි සී. ක්‍රිස්ටි ලෙනාඩ්, ජෝ ලා වගේ අය බොහෝ උපහාසාත්මකව ව්‍යංගයෙන් කතා කියලා, කරලා මිනිස්සුන්ට හිනායන්න සැලැස්සුවා. දැන් හුගක් වෙන්නේ මිනිස්සුන්ට හිනාගස්සන්න හදනවා. ත් ඉතිං එවා කරන අයව දැකලා හුගක් මිනිස්සුන්ට හිනාවෙනවා.

තරුණ දූවරු දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් වශයෙන් නවක නිළියන්ට දෙන්න කිසියම් අදහසක් තියෙනවාද?

අපි රපාන කාලේ අපේ හිත්වල ලැජ්ජා භය තිබුණා. මට අද වගේ මතකයි දෙහදක දුක චිත්‍රපටයේ ආනන්ද ජයරත්න මගේ පුටු ඇන්දේ වාඩි වෙද්දි හරිම ලැජ්ජයි, බයයි. විජිත මල්ලිකා, මාක්ස් සමරනායක, අශෝක පොන්නම්පෙරුම, ස්ටැන්ලි පෙරේරා (සබීතගේ තාත්තා) එක්ක ර`ගපෑවා. දැන් ඉන්න අය බොහොම ඉදිරියෙන් ඉන්නේ. ඕනෑම චරිතයක් කිසිම පැකිලීමක් නැතිව කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ කාලේ තමන්ගේ ආත්ම ගෞරවය නැති කර ගන්නේ නැහැ. දැන් ඉන්න අය අතළොස්සක් ඉන්නවා. අයට කියන්නේ ආත්ම ගෞරවය ඇතිව ආත්ම ගෞරවය තියාගෙන ර`ගපෑමේ කටයුතුවල යෙදෙන්න කියලා. මේ චෝදනාවක් නෙමේ. අම්මා කෙනෙක් හැටියට ඉතාම ආදරයෙන් කරන මතක් කිරීමක් විතරයි.

එදා සිංහල සිනමාවේ නැටුමට, ගැයුමට, රැගුමට උපන් හපන් රූබර නිළිය ලීනා ප්‍රනාන්දු අද ඇගේ නිවසේ ස්වාමියාද, දරුවන්ද සමඟින් විවේක සුවයෙන් පසුවෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article