Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » අනතුරට හේතුව ටිපර් රථයේ රියදුරුගේ අශෝභන හැසිරීමයි

අනතුරට හේතුව ටිපර් රථයේ රියදුරුගේ අශෝභන හැසිරීමයි

පෙරියමුල්ල  මංසන්ධියට ආසන්නයේදී  අද දහවල  12.00 ට පමණ යතුරු පැදියක් හා ටිපර් රථයක්
එකට එක  ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත්  59 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ දළුපත සිරකදවුර පාරේ නො-510/1 හි පදිංචි
ජසින්තා අයිරාංගනී ප්‍රනාන්දු නම් කාන්තාවකි.
තුවාල ලබා  රෝහල්  ගතවූ ඇගේ දියණිය වන නිලූකා දමයන්ති ප්‍රකාශ කරන පරිදි

අනතුර සිදුවී ඇත්තේ පෙරියමුල්ල මාර්ග සංඥා පුවරුවට ආසන්න මාර්ගයේ දී වන අතර
හලාවත දෙසට ගමන්ගත් ටිපර් රථයක් ඔවුන්ගේ යතුරු පැදිය ආසන්නයට ගෙන
ඔවුන්ට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වැදුන බව ඇය පවසයි.ඒ සමගම යතුරු පැදිය ටිපර් රථයේ ගැටිම හේතුවෙන්
සිය මව ටිපර් රථයේ රෝදයට යටවුණ බවත් ඇය පවසා ඇත.
මේ අනතුර සිදුවන විට  ඇය සිය මව සමග මීගමුව මාළු
වෙළද පොළෙන් මාළු  මිළදී ගෙන දළුපත පිහිටි සිය නිවස බලා යමින් සිට ඇත.

ටිපර් රථයේ රියදුරා මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>