Saturday, May 25, 2013
Breaking News
You are here: Home » News » කලාපීය අනුනාහිමිගේ ජංගම දුරකථනය ගොළු වෙලා..????

කලාපීය අනුනාහිමිගේ ජංගම දුරකථනය ගොළු වෙලා..????

මහනගර සභා භූමියේ ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාව හා සම්බන්ධව මතුව ඇති ගැටළු පිළිබදව විරෝධතාවක් අද දිනයේ පැවැත්විමට නියමිතව තිබුණි. එහෙත් ඉහල නියෝගයක් මත අද දින එය නොපැත්වෙන බව සැලය. මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අප ඊයේ දවල් සිට මීගමුව කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් පියතුමන් ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද එය ක්‍රියා විරහිත කොට ඇත.

මීට කලින් දිනකදි මිපුර වෙබ් අඩවිය පියතුමන්ගෙන් විමසා සිටියේ ඔවුන්ගේ මේ විරෝධතාවලට කාර්දිනල් තුමන්ගේ ආශිර්වාදය ලැබි ඇතිද යන්නයි. එහිදි පියතුමන් පවසා සිටියේ ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසත් කලින් බෙදන්නට යෙදුන පත්‍රිකා පවා කාර්දිනල් තුමන්ගේ අනුදැනුම මත සිදු කළ බවත්ය.