Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » ජයවීර මන්ත්‍රී නින්දෙන් ඇහැරෙයි…???

ජයවීර මන්ත්‍රී නින්දෙන් ඇහැරෙයි…???

පිටිපන

ඇන්ටන් ජයවීර කියන්නේ මීගමුව මහනගර සභාවේ ආන්ඩු පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක්.ඒ විතරක් නෙමෙයි ඊළග පාර නගරාධිපති වෙන්න පුලුවන්ද කියලත් ට්‍රයි කරන කෙනෙක්.

දේශපාලනයට අමතරව ඔහු හම්බ කරන්න කරන ප්‍රධාන රස්සාව සිදුකෙරෙන්නේ මංකුලිය ලෙල්ලමේ.පාන්දරින් මාළු අරගෙන ගානක් තියාගෙන විකුණන එක මන්ත්‍රිවුණා කියලා ජයවීර මන්ත්‍රිවරයා අතඇරියේ නෑ.

හැමදාම පාන්දර ලෙල්ලමට එන ජයවිර දන්නවා එයාටත් ඡන්දේ දුන්න පේරුවේ ජනතාව මේ ලෙල්ලම ලග පාර දෙපැත්තේ මාළු විකුණන වැඩේ හින්ද කොයිතරම් දුෂ්කරතාවලට මුහුණ දෙනවද කියල.නමුත් ජයවිර ඇතුළු ආණ්ඩු පක්ෂෙම මන්ත්‍රිවරු කිපදෙනෙක් මේ පේරුවේ ඉන්නවා.නමුත් මේ කිසිකෙනෙක් මේ ගැන මීක් ගෑවේ නෑ.

ඒත් දැන් ජයවිර මන්ත්‍රිවරයා හරියට නින්දෙන් ඇහැරුනා වගේ 2011 මැයි 04 වනදා මහසභාවට යෝජනාවක් ගේන්න සුදානම් වෙනවා. එහි අන්තර්ගතය තමයි පිටිපන ලෙල්ලම අසල මාර්ගය දෙපස අවිධිමත් ලෙස වාහන නවතා තැබිම නිසා ප්‍රදේශයේ ජනතාවට සිදුවන අපහසුතාව ගැන මහසභාවේ අවධානය ගෙන ඒම .

පරක්කුවෙලා හරි මේව මතක් වෙන එක වැදගත්.නමුත් මෙච්චර පරක්කුවෙලා මේවා ගේන්නේ ජනතාව ගැන දුක හිතිලද නැත්නම් කාගේ හරි වෙන න්‍යාය පත්‍රයක කෑල්ලක් විදියටද..?

ඇත්ත එලිවෙන්න එතරම් කල් යන්නේ නෑ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>