Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » ඩෙංගු පරීක්ෂණයට ගිය නිලධාරීන්ට අක්කර පනහේ දී මරණ තර්ජන

ඩෙංගු පරීක්ෂණයට ගිය නිලධාරීන්ට අක්කර පනහේ දී මරණ තර්ජන

ඊයේ දහවල්  අක්කර පනහ ප‍්‍රදේශයේදී ඩෙංගු මර්ධනය සඳහා ගෙවල් පරීක්ෂාවක් සිදුකර තිබේ. එම පරීක්ෂාවට ගොස් සිටි නිලධාරීන්ට එක් නිවසකදී කඩුවක් රැගෙන තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.
මෙය සිදුවී ඇත්තේ මෙම පරීක්ෂාව අතරවාරයේදීය. එම පරීක්ෂාව සඳහා කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය සේවා නිලධාරීන් සහ  ස්වෙච්ඡා සේවයකයන්ද සහභාගීව සිට ඇත.
 එක් නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ වලක තිබී ඩෙංගු කීටයන් හමුවී ඇති  අතර,  එම සිද්ධිය මුලින්ම දැකගත් නිලධාරියෙකු  ඒ පිළිබඳව  පරීක්ෂා කිරීම සඳහා එම මෙහෙයුමට සම්බන්ධව සිටි කටාන එම්.ඔ.එච් කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සහ තවත් රාජ්‍ය නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දුන් පසු ඔවුන් එම නිවසට නැවත ගොස් ඇත.
එම අවස්ථාවේදී ගෙහිමියා විසින් එම නිලධාරීන් ඉදිරියට පැමිණ දෝෂාරෝපනය කරමින් , කඩුවක්  රැගෙන පහරදිමට ද උත්සාහ ගෙන  ඇත.
 එම ඩෙංගු පරීක්ෂාව සදහා සම්බන්ධවී ඇති පොලිස් නිලධාරීන් විසින් එම අවස්ථාවේදී එම නිලධාරීන් ආරක්ෂා කර ඇති අතර, එම නිවසේ තිබී ඇති කීටයන් සහිත වල නිවැසියන් විසින් පස් දමා වසා තිබී ඇත. මෙම සිද්ධියෙන් පසු මීගමුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ජූල්ි 13 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගතකොට තිබේ.