Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » දෙදෙනෙකුට මරු කැදවූ මීගමුව team 4×4

දෙදෙනෙකුට මරු කැදවූ මීගමුව team 4×4

ජුනි මස 01 වනදා කොච්චකඬේ ඔවිටියාවත්තේ දී මීගමුව team 4x4 ලෙස නම් කර තිබූ ජීප් රථ තරගාවලියේදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය.
එය නැරඹිමට පැමිණි තරුණයන් දෙදෙනෙකුට මරු කැදවමින් සිදුවූ එම සිදුවීම මෙවැනි තරග පිළිබඳව යම් විමර්ශනාත්මකව සිතීමට අවකාශයක් සලසා දුනි.
තරගය අතරවාරයේදී තරග වැදුණ ජීප් රථයක් ධාවන පථයෙන් ඉවත්වී මඩ අගලකට වැටී ඇති අතර එය නැවත ගොඩ ගැනීම සඳහා කේබල් එකක් මාර්ගයෙන් කටයුතු යොදා ඇත.
 එම අවස්ථාවේදී ජීප් එකේ ඇති ඉදිරිපස කොටසක් විසිවී ඒ අසල සිටි තරුණයින් දෙදෙනෙකුගේ ඇගේ වැදී ඔවුන්ට බරපතල ලෙස  තුවාල සිදුවී ඇත.
මෙම තරුණයින් දෙදෙනාම පානදුරේ සිට පැමිණ ඇති අතර ඉරේෂ් ඉරංග පෙරේරා (22) එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනිත් තරුණයි කොළඹ රැගෙන යන අතරවාරයේ දී මියගියේය.
 ඔහු අනුරාධ උදයංග නම් 22 හැවිරිදි තරුණයෙකි.
 ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>