Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » නගාරාධිපතිට අනුනායක හිමිගේ ආශිර්වාදය අහිමි වෙයි.???

නගාරාධිපතිට අනුනායක හිමිගේ ආශිර්වාදය අහිමි වෙයි.???

මීගමුවේ ආගමික නායකයින් හෝ ධිවරයන් ගෙන් කිසිදු විමසිමක් නොකොට හැමිල්ටන් ඇල මාස 6 ක කාල සිමාවකට බදු දිමට මීගමු මහ නගර සභාව විසින් ගෙන ඇති තින්දුවට ධීවර සමිතිවල විරෝධය එල්ලවි ඇත.

මේ බව ප්‍රකාශ වුයේ 2012 ජුනි 09 වනදා මීගමුව කතෝලික ශාසනාරක්ෂක මණ්ඩලය විසින් තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයට කැදවා තිබුන විශේෂ රැස්විමකදිය. මෙම රැස්විම කැදවිමට මුලික හේතුව වි තිබුනේ මීගමු නගරාධිපතිවරයා විසින් මීගමු කලාපිය අනුනායක ගරැ පැට්ට්‍රික් පියතුමන්ගෙන් හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර සදහා ගුරැගේ නම් වු ව්‍යාපාරිකයාට අවසර ලබා දිම ගැන සහය සහ ආශිර්වාදය ලබාදෙන ලෙස ඉල්ලමින් යැවුන ලිපියක් ගැන සාතච්ජා කිරිමටය.

ශාසනාරක්ෂක මණ්ඩලයේ ධිවර කමිටුව විසින් මෙම විශේෂ හමුව සුදානම් කර තිබුනේ නගරධිපතිවරයා විසින් අනුනායකහිමි වෙත ඉදිරිපත් කර තිබුන ලිපිය මීගමුවේ ධීවරයන් මුහුණ දෙන අනෙකුත් ප්‍රශ්ණ ගැන සාකච්ජා කිරිමටය.

මෙහි රැස්ව සිටි සියලුම ධිවර ක්‍රියාකාරින් පවසා තිබුනේ හැමිල්ටන් ඇල තාවකාලකව හෝ ව්‍යාපාරිකයෙක් හට බදු දිමේ වැඩපිළිවලට තමන් එරෙහි බවය.මෙම රැස්විම සදහා කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් ප්‍රනාන්දු පියතුමන් හා පල්ලන්සේන මිසම් සේවක ගරු ජයන්ත පියතුමාද සහභාගි වි සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>