Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » කිතුනු ප්‍රතිමාව මල්වත්ත පල්ලියෙනුත් බුද්ධ ප්‍රතිමාව පන්සලෙනුත් තියාගන්න-

කිතුනු ප්‍රතිමාව මල්වත්ත පල්ලියෙනුත් බුද්ධ ප්‍රතිමාව පන්සලෙනුත් තියාගන්න-

මීගමුව නගර සභා පරිශ්‍රයේ ඉදිවෙමින් තිබෙන බුද්ධ ප්‍රතිමාව අරඹයා මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් කතෝලික පියවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරමින් තිබු විරෝධතාවයට ඇතැම් කිතුණු පියවරැන්ගේ පැහැදිලි විරෝධය මතු ව  ඇති බව වාර්ථා වේ.මේ බොහොමයක් දෙනා පවසා සිටින්නේ ප්‍රතිමා මුල් කරගෙන ආගමික ගැටුමක් නිර්මාණය කරගැනිමට ඇතැම් පියවරැන් ගන්නා මේ උත්සාහය බරපතල වැරැද්දක් බවය.

අධිකරණයෙන් ලැබුණු නියෝගයන් සාධාරණ නැති බව පවසන මේ ගරු පියවරැන් ඒ සදහා ආදාල නිතිමය මැදිහත්විම් විම් නිසි ලෙසින් නොකර ජනතාව පාරට කැදවිම අතිශය භායනත බවද පවසා සිටියි.

අප ඇමතු ඒක පියතුමෙක් පවසා සිටියේ තමන්ගේ යෝජනාව නම් කිතුණු ප්‍රතිමාව මල්වත්ත පල්ලියටත් බුද්ධ ප්‍රතිමාව පන්සලකටත් ගෙන ගොස් තබාගෙන නගර සභා පිටිය නිදහස් කර  දිය යුතු බවය.

කෙසේ වෙතත් ඉහලින් ලැබුන නියෝග මත හෙට දිනට නියමිතව තිබු විරෝධය අවලංගුකර ඇති අතර එහි ප්‍රධාන සංවිධායක ලෙසින් කටයුතු කළ කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් ප්‍රනාන්දු පියතුමන් සම්බන්ධ කරගැනිමට අප කිපවිටක් උත්සාහ කළද එය අසාර්ථක විය. එතුමන්ගේ ජංගම දුරකථනය දැන් පැය කිපයක සිට ක්‍රියාවිරහිත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>