Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » මීගමුවේ ආගමික සමගියට ගිනි තබන හනුමා කව්ද..????

මීගමුවේ ආගමික සමගියට ගිනි තබන හනුමා කව්ද..????

NEGOMBO-

මීගමුවේ දැන් සුරුවම් අරඹයා අප්‍රකාශිත යුද්ධයක් ඇරඹි තිබේ.අධිකරණය විසින් මීගමුව මහ නගර සභා භූමියේ බොදුනු පිළිමයක් තබන්නට දැන් අවසර ලබා දි තිබේ. මේ දිනවල එහි ඉදිකිරිම් කටයුතු සිදුකෙරෙමින් තිබේ.මෙම සමස්ථ ක්‍රියාවලිය හෙළා දකිමින් මීගමුව කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් පියතුමන්ගේ නමින් පසු ගිය ඉරුදින පත්‍රිකාවක් බෙදා හැර තිබේ.මෙම පත්‍රිකාව මගින් මිගමුව මහනගර  සභාවත් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපයත් බලපතල ලෙසින් විවේචනයට ලක් කර ඇත.

එහි මුලික වශයෙන් සදහන්ව ඇත්තේ මීගමුවට නව පුස්තකාලයක් ඉදිකිරිමට වෙනුවෙන් නගර සභාවට පවරාගෙන තිබුන ඉඩම පුස්තකාලය ගොඩනගන්නේ නැතිව ඉන් කොටසක් මීගමුවේ පුංචි පංසලේ ඉල්ලිම මත බෞද්ධ ප්‍රතිමාවක් ඉදිකිරිමට ලබා දි තිබෙන බවය.

මීගමුව නගර සභ පාලනය සම්බන්ධයෙන් අපට කප්පරක් විවේචනඇත. මීගමුවේ නගර සභාව තුල සිටින්නන් බහුතරයක් නගරයක් පාලනය කිරිමට තබා පාක් එකක් වත් පාලනය කරගැනිමට හැකියාවක් නැත්තන් බවද අප කියන්නේ අද ඊයෙක සිට නොවේ.

මීගමුවේ පාඨක ජනයාට ඔතරම් සෙනෙහයක් තිබුනේ නම් එකි ව්‍යාපෘතිය නිමල් ලංසාගේ පාලන සමයේ අමතක කර තබා තිබියදි පාඨයාගේ අයිතිය වෙනුවෙන් පල්ලියද මුල්වි  සටන් නොකලේ මන්ද.????

මින් එක් දෙයක් පැහැදිලිය.මීගමුවේ කිසිදු ආසාධාරණයකට එරෙහිව අවංකව සහ අඛණ්ඩව මැදිහත් නොවුන මේ ඇතැම්මුන්  දැන් මේ වලිකන්නේ සුරැවම් අවුල හරහා ආගම්වාදයක් අවුස්සාගෙන මීගමුව ගිනි තබන්නටය.මේ හනුමන්ලා  කව්දැයි අපි දනිමු.අපි ඒ සියලු දෙනා සහ මේවායෙන් ලාභෙට දේශපානය වාසි ගන්නට කිසිවෙක් හෝ තැත් කරන්නේ නම් නම් ඒ සියළු දෙනා කොන්දේසි විරහිතව අපගේ පාඨකයා වෙත හෙළි කිරිමේ වගකිම මීගමුව දේදුණු නගරයක සේ සලකා එහි අසිරිය දකින්නට බලාසිටින සැම වෙනුවෙන් අප ඉටුකරලන්නෙමු.

One comment

  1. Very good , Please announce the names of the individuals. Get views from us as well without highlighting few individuals who give false information and trying to act as gods of Negombo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>