Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » යට ඇදුම් වල සගවා ගත් බඩු සතොසේ දී අසුවේ

යට ඇදුම් වල සගවා ගත් බඩු සතොසේ දී අසුවේ

2012 අපේ‍්‍රල් 18 වනදා මීගමුව සතොස අළෙවි ප‍්‍රදර්ශනාගාරයේදී සොරකමක් සිදුවිය. ඒ සදහා සැකපිට අත්අඩංගුවට ගත්තේ එක ම පවුලේ මවක් සහ දියණියකි. ඔවුන් මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුරවැසියන් වන අතර එම් සොරකම අසුවූ විට එම ආයතනය විසින් ඔවුන්ව පොලීසිය ට බාරදී ඇත.
ඔවුන් ඇද සිටි ඇදුමේ යට ඇදුම් වල විශේෂයෙන් සකස් කරගත් කොටසක චීස්, බිස්කට්, කිරිපිටි සහ අභ්‍යාස පොත්, පෑන් පැන්සල් වැනි ලිපි ද්‍රව්‍ය දමාගෙන තිබූ බව වාර්තාවේ. එම බඩු වල  වටිනාකම රු 50175 ක් පමණ බව වාර්තා වේ. අධිකරණය විසින් මෙම මව සහ දියණියට රු 1500 බැගින් රු 3000ක මුදල් ඇප සහ රු ලක්ෂ 2කක ශරීර ඇපයක් සමග ඇප මත මුදා හැර  ඇති අතර ඊළඟ නඩු වාරය මැයි මාසයේ 02 වනදාට යෙදී ඇත. එම කාන්තාව පොලීසියට දි  ඇති කටඋත්තරයේදී ඇය පවසා ඇත්තේ ඇයට  දරුවන් සිව්දෙනෙක් සිටින බවත් යැපීමට කිසිදු මාර්ගයක් නොමැති බවත්ය.  ඇගේ සැමියා විදේශ ගතවී අවුරුදු 3ක් ගතවී ඇතත් ඔහු රැකවරණයක් මෙම පවුලට නොමැති බවද ඇය සදහන් කර ඇත. මීට කලින් ද  ඇය මෙවැනි සොරකම් වල නිරත වී ඇති බවට ද පිලිගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>