Wednesday, May 22, 2013
Breaking News
You are here: Home » News » සිසිල් රණතුංග ගේ ”අම්මා ඔබයි ” සංයුක්ත ගීතිකා තැටිය එලි දකියි.

සිසිල් රණතුංග ගේ ”අම්මා ඔබයි ” සංයුක්ත ගීතිකා තැටිය එලි දකියි.

කොච්චිකඬේ , පල්ලන්සේන වික්ෂෝප දේවමතා දේවස්ථානයේ වර්ෂ 125 ජුබිලි සංවත්සරය පසුගියදා පැවැත්වුණ අතර එම ජුබිලි සංවත්සරය වෙනුවෙන් මෙම සංයුත්ත ගීතිකා තැටිය එලි දක්වා තිබේ. පල්ලන්සේන මීසමට අයත් කොච්චිකඬේ සභාවේ සමාජිකයෙකු වන සිසිල් රණතුංග මහතා මෙහි ගිතිකා ගායනා කර තිබෙන අතර ඔහු යුධ හමුදා තූර්්‍ය වාදක කණ්ඩායමේ හිටපු ඕගන් වාදකයෙකි. හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබා සිටින ඔහු මේ වන විට ලොයෙලා විදුහලේ බටහිර ගායන කණ්ඩායමේ සහ ශාන්ත ජෝශප් මීගමු ශාඛා විදුහලේ බටහිර තූර්්‍යවාදක කණ්ඩායමේ පුහුණුකරුවාද වේ.
මෙම සංයුක්ත තැටියේ අඩංගු සියඵ ගීතිකා නවතම පදරචනා සහ තනු නිර්මාණ වන අතර මෙය අලෙවියෙන් ලබන සියඵ ආදායම් පල්ලන්සේන වික්ෂෝප දේවමතා දේවස්ථානයටත්, කොච්චිකඬේ ශුද්ධාත්ම දේවස්ථානයටත් ලබා දීම සිසිල් රණතුංග මහතාගේ අරමුණයි.