ජයවීරගේ සිහිනය බොඳව යයි…0 comments

By admin
Posted on 03 සැප් 2011 at 1:17ප.ව.

ඇන්ටන් ජයවීර මන්ත්‍රිවරයා මීගමුව නගර සභාවේ දැනට සිටින ජේ්‍යෂ්ඨ මන්ත්‍රිවරයෙකි.එමෙන්ම නිමල් ලංසා පාර්ශවයේ ප්‍රබලයෙකි.නගරයේ සිදුවු බොහෝ ගණුදෙනු අරඹයා නිමල් ලංසාගේ විශ්වාසතම සගයෙක්ද විය. මෙවර මැතිවරණය සඳහා නිමල් ලංසාගේ රූපය රැගත් පලමු පෝස්ටරය අලවා තිබුනේද ජයවීර විසිනි. ඉන් අදහස් වුයේ නිමල් ලංසාගේ සහය ඔහුට ලැබෙන බවය.

එහෙත් මේ සිහින සියල්ල දැන් කඩා වැටි තිබේ. හේතුව නිමල් ලංසා දැන් අතදිහැර වැය කරමින් සිය පවුල් බලය මීගමුව තුළ රදවා තබා ගැනිම වෙනුවෙන් සිය සොහොයුරා සටන කැදවා  තිබේ. එපමණක් නොව නිමල් ලංසාගේ ප්‍රධාන සහයකයෙකුවිම නිසාම සරත් ගුණරත්ත විසින් ජයවීරගේ ජන්ද ඩැහැගැනිම වෙනුවෙන් පිටිපන ප්‍රදේශයෙන් තරුණයෙකුද ඉදිරිපත් තර තිබේ. මේ සියළු වර්ධනයන් තුළ ඇන්ටන් ජයවීරගේ සිහින දැන් එකින් එක වියැකි යන්නට පටන්ගෙන තිබේ…?

Read also
Advertisement