spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර සභා භූමියෙනුත් කොමිස් ගහන මන්ත්‍රි

Must read

අප මීට පෙරද හෙළිදරව් කළ පරිදි වාර්ෂිකය විශේෂයෙන්ම නත්තල් කාලයේ මීගමුව මහ නගර සභා භූමිය බද්දට දිමෙන්  අදායමක් ලැබුවද මෙවර එය අහිමි වි ති්බේ.

එයට හේතුව  වන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් විසින් මුදල් නොගෙවාම මෙම භූමිය  දෙසැම්බර් මාසය පුරාවටම වෙන් කරගෙන ඇති බැවිනි.මේ නිසා මෙවර මේ භූමිය සිය ව්‍යාපාරික කටයුතු සදහා වෙන් කර ගත යුත්තේ අදාල මන්ත්‍රිවරයාට ලොකු මුදලක් ගෙවමිනි.

වර්ථා වන පරිදි මේ භූමිය විශේෂයෙන්ම නත්තල් කාලයේ දින ු10 ක් සදහා  මේ මන්ත්‍රිගේ ලංසුව වි ඇත්තේ රු ලක්ෂ 2 කකි.

සමාන්‍යයෙන් අයෙක් මෙය නගර සභාවෙන් ගන්නේ නම් දින 10 ක් සදහා රු.90,000 ක් පමණ වනු ඇත.

මේ මුදල් මුළු භූමියම වෙනුවෙනි.

මෙම භූමිය වෙන්කර ගැනිම සදහා 2012 දෙසැ 18 වනදා දවල් 2.30 ට පමණ මීගමුව මහනගර සභාවේ 031 2222275 දුරකථන අංකය ඔස්සේ මේ කටයුත්ත භාරව සිටින සදමාලි මහත්මිය වෙත කථා කල අවස්ථාවේ ඇය පවසා තිබුනේ නගර සභා භූමිය මේ මාසය සදහා දයාන් ලංසා මන්ත්‍රිවරයා විසින් බුක් කර ඇති නිසා මේ අවස්ථාෙව් ඔහු සෞඛ්‍ය කාරක සභාවේ සිටින බැවින් ඔහු අමතා වෙන් කරන්නා ලෙසයි.

මේ නිසා මහ නගර සභාෙව් අදායම මෙසේ එක් පුද්ගලයෙක් අතට පත්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article