
කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත් ඇල මාර්ගයක් කැපීමේ නීති විරෝධී කි‍්‍රයාවලිය සිදු වුයේ පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැති 2011 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එහෙත් මෙතෙක් එම නීති විරෝධී කි‍්‍රයාවලිය සිදු කල කොච්චිකඬේ තුෂාර සුපර් මාර්කට් හිමිකරුට මෙතෙක් කිසිදු නීතියක් කි‍්‍රයාත්මක වුයේ නැත.
කොච්චිකඬේ පොලිසියේ පරිසර ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයාත් එලෙසම පොලිසියේ ස්ථානාධිපතිවරයාත් මාරු වීම් ලැබ වෙනත් පොලිස් ස්ථාන කරා රාජකාරියට ගොස් තිබේ. ඒ වෙනුවට කොච්චිකඬේ පොලිසියට නව ස්ථානාධිපතිවරයෙකු පැමිණ සිටී. එලෙස නව පත්වීම් ලැබ පැමිණ ඇති නිශාන්ත හේරත් නැමැති නව පොලිස් ස්ථානාධිපතිවරයා මෙතෙක් කලක් න්ීතිය කි‍්‍රයාත්මක නොවී යට ගැසුනු තෝපුපුව ඇල මාර්ගයේ අනිසි කි‍්‍රයාවලිය පරීක්ෂා කර ඊට අදාලව නිසි ආකාරයට නීතිය කි‍්‍රයාත්මක කීරීමට උත්සුක වන බවට පසුගියදා වාර්තා වුණි.
ඒ අනුව කොච්චිකඬේ නව පොලිස් ස්ථානාධිපතිවරයා නියෝජනය කරමින් උප පොලිස් පරීක්ෂකයෙකු ද එලෙසම ප‍්‍රාදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද එලෙසම අදාල වසමේ ග‍්‍රාම නිලධාරීවරියද කැදවා එම ඇල මග ගොඩ කර ඒ වෙනුවට වෙනත් ඇල මාර්ගයක් තනා ඇති එම ස්ථානය පසුගිය ජනවාරි 24 වැනි අගහරුවාදා දින පෙරවරුවේදී පරීක්ෂාවට ලක් කර ඇත. මේ අනුව මෙ ප‍්‍රදේශවාසීන් පවසන්නේ මේ නීති විටරෝධී කි‍්‍රයාව සම්බන්ධයෙන් දැන් වත් හරි හැටි නීතිය ඉටු වේ යැයි යම් බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි බවයි.
මෙම ඇල මාර්ගය වඩාත් වැදගත් වන්නේ කටාන සහ මීගමුව යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ වෙන් කෙරෙන මායිම් ඇල මාර්ගයක් නිසාවෙනි. එමෙන්ම හදිසි වැසි තත්වයකදී හා ගංවතුර පාලනය කිරීමටද මෙම ඇල මාර්ගය බෙහෙවින්ම මහෝපාකාරී වේ. එලෙසම මේ වන විටත් නගරයේ සිය`ඵ කාණු පද්ධතිවලින් ගලා යන අප ජලය ගලා යන්නේ මෙම ඇල මාර්ගයටය. මෙම කරුණු නිසා මෙම ඇල මාර්ගයේ ස්වභාවික මෙතෙක් පිහිටි ජලය බැස යන මාර්ගය වෙනස් කිරීම ඉදිරියේදී බොහෝ ගැට`ඵ ඇති වීමට මුලික විය හැකිය. මේ තත්වය තේරුම් ගත් මෙම ඇල ඉවුරු ආශී‍්‍රතව වෙසෙන්නන් විසින් තමනට ඉදිරියේදී මුශුණ දීමට සිදුවි හැකි අවධානම් සහිත තත්වය පිගිබ`දව කොච්චිකඬේ පොලිස් ස්ථානයේ පරිසර පොලිස් ඒකකයටත් එලෙසම අදාල ග‍්‍රාම නිලධාාරිනිය ම`ගින් මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාවද දැනුවත් කෙරිණි. එහෙත් සිදුවුයේ බොරුවෙන් එම ගම්වාසීන්ව රැවටවීම පමණි. මෙතෙක් එම නීතිවිරෝධී කි‍්‍රයාව සිදු කල අදාල පුද්ගලයායට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවුණි.
Read also
